ජාතිවාදීන්ගේ සිහින බිද වැටේ

Oct 7th, 2013 | By | Category: LEAD NEWS, පුවත්

උතුරේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජයග්‍රහණය  සිංහල ජාතිවාදීන්ගේ සිහින බිද දැමුවා හා සමානවම දකුණේ ආණ්ඩු සමග සහයෝගයෙන් කිසිවක් කරගත නොහැකිය යන ද්‍රවිඩ ජාතිවාදීන්ගේද සිහිය බිද දැමීය. එම නිසා බොහෝදෙනෙකුගේ අවසාන  සිහිනය වූයේ  මහ ඇමැති විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමෙදී හෝ ගැටළුවක් මතු වනු දැකීමයි. එහෙත් ඒ සිහිනයද බිද දමමින් විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින දිවුරුම් දුන් අතර මේ අවස්ථාවට මහා සංඝරත්නය ප‍්‍රධාන සර්ව ආගමික පූජ්‍ය පක්ෂයද අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ, අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, ඒ. විනයාගමූර්ති, පී. දිගම්බරන්, ප‍්‍රභා ගනේෂන්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු එක්ව සිටිනු දක්නට ලැබිණ

නව මහ ඇමැතිවරයාට සමබිමේ සුබ පැතුම් මෙසේ එක් කරයි.

s1
s2

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment