ඊළඟ ඡන්දය දිනන්න විපක්ෂයේ නොවරදින සැලසුම

Nov 21st, 2013 | By | Category: OTHER NEWS, යාන් හෑලි

ප්‍රසංගට පූසො පේන්න බැහැ. ඒත් ප්‍රසංගගෙ වයිෆ් පූසන්ට හරිම ආදරෙයි. ළඟදි ඉඳලා වයිෆ් පූසෙක් ඇති කරන්න පටන් අරගෙන ප්‍රසංගට හරිම කේන්තියි. දවසක් ප්‍රසංග පූසව අරගෙන වෑන් එකට දාගෙන ගමේ එහා කෙළවරට ගියා. ඉන් පස්සෙ පූසාව එතන අතරමං කරපු ප්‍රසංග වෑන් එක එළවාගෙන සැහැල්ලුවෙන් ගෙදර ආවා.

මොනවත් දන්නෙ නැතුව වගේ ගෙට ඇතුළු වුණා විතරයි, මෙන්න පූසා පාර දිගේ ගෙදරට එනවා.

කමක් නෑ, මොකද පූසා කතා කරන්න කියලයැ. ඒ නිසා මේ ගැන වයිෆ් දැනගන්න විදියක් නැහැනේ. ඊළඟ දවසේ ප්‍රසංග පූසත් අරගෙන අල්ලපු ගමට වෑන් එක එළවගෙන ගියා. ගිහින් පූසා ඒ ගමේ දාලා අතරමං කරල ආපසු ගෙදර ආවා.
ගෙදර ගාවට එනකොටම මෙන්න බොලේ පූසත් පාරෙන් ගේ පැත්තට හැරුණා.

දවස් කිහිපයක්ම මේ විදියට පූස අරගෙන එක එක පැතිවලට ගිහින් දැම්මත් හැමදාම පූසා ප්‍රසංගටත් කලින් පාර හොයාගෙන ගෙදර ඇවිල්ලා.

අන්තිමේදි ප්‍රසංග දවසක උදේම නැගිටලා පූසා අල්ලගෙන වෑන් එකට දාගෙන කිලෝමීටර් ගාණක් ඈතට ගියා. ඉන් පස්සෙ වමට හැරුණා, ආයෙත් දකුණට හැරුණා, පාලමකින් එතෙර වුණා, ආයෙත් දකුණට හැරිලා තව ටිකක් දුර ගිහින් ඊළඟ හන්දියෙනුත් දකුණට හැරුණා. දැන් නම් සෑහෙන දුරක් ආ බව හිතපු ප්‍රසංග පූසා එළියට දාල අතරමං කරලා ආපහු පිටත් වුණා.

පැය කීපයකට පස්සෙ ප්‍රසංග තමන්ගෙ වයිෆ්ට කෝල් එකක් ගත්තා: “නදී, මේ පූස ගෙදර ඉන්නවද?”

“ඔව්, ඉන්නව.” වයිෆ් පිළිතුරු දුන්න. “ඇයි ඔයා කවදාවත් නැතුව පූසා හොයන්නෙ?”
කලකිරීමට පත් වෙච්ච ප්‍රසංග මෙන්න මෙහෙම උත්තර දුන්නාලු. “ඔන්න ඔය පූසාට ෆෝන් එක දෙන්න. මාව අතරමං වෙලා. මට ගෙදරට එන පාර අහගන්න ඕන.”∎

cccc

 

Recent Posts

Tags: , , , ,

Leave a Comment