‘සමගි’ මානව හිමිකම් උළෙල ගැන දිනේෂ් දොඩම්ගොඩ කතාකරයි

Nov 21st, 2013 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, පුවත්

 ‘සමගි’ බලවේගය කියන්නේ මොකක්ද?

දිනේෂ් – ‘සමගි’ බලවේගය කියන්නේ පිළිගත් ආගමික සංවිධාන, එජාපය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, ගොවි හා ධීවර සංවිධාන, කාන්තා සහ ශිෂ්‍ය සංවිධාන සියයකට වැඩි ගණනක් එකතු වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනය ඇති කිරීමේ අරමුණින් කරුණු දහයක් මත එකඟවී ඇති කර ගත් ශක්තිමත් සහ පුළුල් දේශපාලන, සමාජ සහ සංස්කෘතික සංවිධානයක්.

‘සිරිකොත’ දී ඉකුත් දා පැවති ‘මානව හිමිකම් උළෙල’ මොකක්ද?

එම උළෙල පැවැත් වුණේ කරුණු දෙකක් මුල් කරගෙන. එකක් එල්.එල්.ආර්.සී. හෙවත් උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ආණ්ඩුව පොරොන්දු වූ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා ආණ්ඩුවට බල කරන්න. අනික පොදු රාජ්‍ය මණ්ඩල ප්‍රඥප්තියේ එකඟතා 16 ට ගරු කරන්න කියා චෝගම් නායකයන් ගේ ද සහයෙන් ආණ්ඩුවට බල කරන්න. ඒ මේ රටේ ජීවත්වන සිංහල-බෞද්ධ, දෙමළ-හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි සියලුම මිනිසුන් වෙනුවෙන් ආණ්ඩුවට කළ බල කිරීමක්. එම උළෙලේ දී මේ කාරණාවලට අදාලව වැඩමුළුවක් පැවැත් වුණා. ඊට අමතරව විවිධ සංවිධාන, නීතීය ගැන, ධීවර හා ගොවි ප්‍රශ්න ගැන, කම්කරු ප්‍රශ්න ගැන, කාන්තා ප්‍රශ්න ගැන, ගැන තොරතුරු ඇතුලත් ප්‍රදර්ශනයක් ද කළා.

මේ උළෙලට එක්සත් ජාතික පක්ෂයේ දායකත්වය මොකක්ද?

දිනේෂ් – අනික් කිසි තැනක සුදුසු ශාලාවක් මේ උළෙල සඳහා ලබා ගන්න නොහැකි වුණු නිසා, ‘සමගි’ පාර්ශවකරුවෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉල්ලීමක් කළා ‘සිරිකොත’ ශාලාව ලබා දෙන්න. ඒ අනුව එජාපය සිය ශාලාව ලබා දුන්නා. එත් ඒ ගැන එක්සත් ජාතික පක්ෂයට ඇතැම් චෝදනා නගා තිබුණා. ශාලාවේ අයිතිය හැරුණු කොට ඒ උළෙලේ සෙසු සියල්ල ‘සමගි’ බලවේගයට අයිති දේවල්. එජාපය අපේ ඉල්ලීම මත අපිට තැනක් ලබා දුන්නා පමණයි. එජාපයට ආණ්ඩුව එල්ල කරන සියලු චෝදනා රෙජීමයේ කුහකකමට, එජාපය කෙරෙහි ඇතැම් කණ්ඩායම් අතර වෛරයක් ඇති කරන්න කරන ඉතා පහත් සහ නින්දිත ප්‍රචාරයක් පමණයි. මම වගකීමෙන් ඒක කියනවා

වැඩිදුර මෙතනින් කියවන්න

http://sinhala.srilankamirror.lk/news/interviews/13976-dinesh-donangoda

උපුටා ගැනීම ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියෙනි.

DODA

Recent Posts

Tags: , , , , , , , , , ,

Leave a Comment