හොද මිනිසුන් වෙනුවෙන් (කොන්ත්‍රාත් ක්‍රමයට) නරක මිනිසුන් මරාදැමීම

Nov 28th, 2013 | By | Category: LEAD NEWS, දේශපාලන

කඹුරුපිටියේදී පොලිස් නිළධාරියෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කළ සැකකරුවන්ගෙන් තිදෙනෙකු මේ වනවිට පොලීසියට ආයුධ පෙන්වාදීමට ගොස් මියගොස් ඇත. මෙහිදී සිදුවන්නට ඇත්තේ කුමක්ද යන්න නැවත පැහැදිලි කර ප්‍රයෝජනයක් නැත.

මෙහිදී අප සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?

තමන්ගේ නිළධාරියෙකු ඝාතනය කළ සැකකරුවන් ක්ෂණිකව ක්‍රියාත්මක වී අල්ලා ගැනීමට තරම් කාර්යක්ෂම පොලීසියේ ඉන් පසුව සිදුවන නීතිමය ක්‍රියාදාමය ගැන විශ්වාසය බිද වැටී ඇත්තේ ඇයි ? සමාජයක් ලෙස බහුතරය මෙම ඝාතනයන් අනුමත කරන්නේ ඇයි?

ලාංකිකයන් බහුතරයක් තාමත් සිතන්නේ තමන්ට හොද මිනිසුන් ලෙස ජීවත්වීමට නරක යැයි සම්මත මිනිසුන් මරා දැම්මාට කමක් නැහැ යනුවෙනි. ඒ නිසා සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට කිසිවෙකුට අවශ්‍ය නැති අතර තමන්ගේ වැඩේ සිදුවෙනවා නම් එය ප්‍රමාණවත්ය. පොලීසිය සිතන්නේත් මේ ආකාරයම බැවින් ඔවුන් තමන් කැමැති ලෙසට සාධාරණය ඉෂ්ට කරයි. මෙහි අවසානය මිනිසුන් කෙළින්ම පොලීසියට ගාණක් දී තමන් හිතන සාධාරණය ඉෂ්ට කරගැනීමට පෙළඹීම වන අතර වාස් ගුණවර්ධනගේ සහ තලංගම පොලීසියෙන් මෑත කාලිනව වාර්තා වුණ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ දැනටමත් එය ඇරඹී ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ මීට පෙර අප විසින් පළ කරන ලද ලිපියකි.

කරුණාකර මාව තදින් ගැට ගසන්න

පොලීසිය පිළිබද වැඩිදුර ලිපි මෙතනින් කියවන්න

awanta-artigala

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment