දූෂණ විරෝධී සටනේ නායක අරවින්ද් කේජ්‍රිවාල් නවදිල්ලි මහ ඇමැති: බස්නාහිර ඡන්දයට ප්‍රගතිශිලී සන්ධානයක් එයිද?

Dec 27th, 2013 | By | Category: OTHER NEWS, පුවත්

ඉන්දියාවේ නවතම දේශපාලන පක්ෂය වන ආම් ආදමී පක්ෂයේ හෙවත් පොදු ජනයාගේ පක්ෂයේ නායක අරවින්ද් කේජ්‍රිවාල් 28 වන සෙනසුරාදා ඉන්දියාවේ නව දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමැති වශයෙන් දිවුරුම් දීමට නියමිතය.

45 හැවිරිදි ඉංජිනේරු උපාධිධරියෙකු වන අරවින්ද් කේජ්‍රිවාල් තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සටන් කළ ක්‍රියාධරයෙකු වන අතර පසුගිය කාලයේ අන්නා හසාරේගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී සටනේ නායකයෙකුද වේ.

පිට පිට වාර තුනක් නව දිල්ලියේ බලයේ සිටි ශීලා දික්ෂිත්ගේ කොංග්‍රස් පාලනය හමාර කරමින් විශිෂ්ට ජයක් ලබා ගන්නට අවුරුද්දක් වයසැති ආම් ආද්මී පක්ෂය සමත් විය.

මෙම අත්දැකීම ආදර්ශයට ගනිමින් ලංකාවේ බස්නාහිර පළාත සභා මැතිවරණයේදී ප්‍රගතිශීලී අපේක්ෂකයන්ගේ ලැයිස්තුවක් තරගයට ඉදිරිපත් කොට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අරගලය ශක්තිමත් කළ යුතු බවට වාමාංශික සහ ප්‍රගතිශීලී කණ්ඩායම් අතර සාකච්ඡාවක් ඇතිවී ඇතැයි ‘සමබිම’ ට වාර්තාවේ.

අර්වින්ද් කෙජ්රිවාල්

හතළිස් තුන් හැවිරිදි අර්වින්ද් කෙජ්රිවාල් ආණ්ඩුවේ කටයුතුවල විනිවිදභාවය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන සමාජ ක්‍රියාධරයෙකි. දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා දුගීන් බලගන්වමින් ඉන්දියාවේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය සඳහා වූ මහජන ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් 2006 දී ‛නැගී එන නායකත්වය’ සඳහා වන ‛රැමොන් මැග්සයිසයි’ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.

3

Recent Posts

Tags: , , ,

One Comment to “දූෂණ විරෝධී සටනේ නායක අරවින්ද් කේජ්‍රිවාල් නවදිල්ලි මහ ඇමැති: බස්නාහිර ඡන්දයට ප්‍රගතිශිලී සන්ධානයක් එයිද?”


  1. apit kamati lankave ehema venavanam namut ape parani vamansikayo[nayakayo]kade yana hati dakkama……..

Leave a Comment