ජාතිවාදය කොච්චර කැතද?

Jan 27th, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

ජාතිවාදය කොච්චර කැතද යන්න තනි පිළිතුරක් ලංකා සී නිවුස් වේබ් අඩවියේ පළ වූ පහත පුවත සහ එහි කොමෙන්ට් ටික කියවා තේරුම් ගත හැක.

ලංකා නිවුස් පුවත පහතින්…

…..‘හුලා’ දුක හසුනක ලියා පෙති බොයි… අසාධ්‍ය වී රෝහලේ

පසුගියදා විසුරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

කිසියම් බෙහෙක් වර්ගයක් අධි මාත‍්‍රාවෙන් පානය කිරීම නිසා ඔහු මෙසේ රෝහල්ගත කර ඇතැයි පැවසේ.

හුළුගල්ලේ මහතා මහනුවර නගරයේ හෝටලයක නතර වී සිටියදී මෙම සිද්ධිය සිදු වී අලුයම තුනට පමණ රෝහලට ඇතුළු කර ඇති අතර ඔහු සිටි කාමරයේ ලිපියක් ද ලියා තිබී ඇත.

ඒ මහතා මහනුවර මහ රෝහලේ 28 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටී. කෙසේ වෙතත් මේ වන විට ඒ මහතා සුවය ලබමින් සිටින්නේ යයිද වෛද්‍යවරු කියති…….

උපුටා ගැනීම අවසන්

පසුගිය කාලයේ හුලාව වීරයෙක් කළේ අප නොව ලංකා සී නිවුස් වැනි වෙබ් අඩවි මගින්මය. දැන් ඔහුගේ මරණය අපේක්ෂාවෙන් මහත් උත්කර්ෂයෙන් මෙවැනි ලිපි පළ කරමින් ඔහුව දුෂ්ඨයෙකු කරන්නේද ඔවුන්ම වන අතර ජාතිවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව කඩේ යන බොහෝ දෙනෙකු තවමත් තේරුම් නොගෙන ඇත්තේ මෙම ඇත්තයි.  ජාතිවාදය පිළිකුල් කරන අප තවත් ජාතිවාදියෙකු මෙලෙස විනාශ කිරීමට දරන උත්සාහයද එලෙසම පිළිකුල් කරමු.

 

unnamed (2)

Recent Posts

Tags: , , , ,

Leave a Comment