මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ වාර්තාවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, රයිට්‌ස්‌ නව්, මුස්‌ලිම් මහලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන තොරතුරු සපයලා- කීර්ති වර්ණකුලසූරිය

Mar 3rd, 2014 | By | Category: EDITOR'S CHOICE, LEAD NEWS, පුවත්

…….ඇය සුදු කොටි සිද්ධියට මූලාශ්‍රය ලෙස දක්‌වා ඇත්තේ මෙරටින් ඇමරිකාවට පැනගිය පෙඩ්රිකා පැන්ස්‌ නමැත්තිය පළ කළ වාර්තාවයි. මේ හැර පිල්ලේගේ වාර්තාවට දායක වී ඇති පාර්ශ්ව අතර කොළඹ මල්පාරේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රයිට්‌ස්‌ නව්, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මානව හිමිකම් කමිටුව, ප්‍රංශ ඇක්‌ෂන් ලා ජෙම් රාජ්‍ය නොවන සංවිධාන, ඇමනෙස්‌ට්‌ ඉන්ටර්නැෂනල් ඇතුළු විවිධ පාර්ශ්වයන්ය. එසේම කොළඹ සිට ක්‍රියාත්මක වන මුස්‌ලිම් මහලේකම් කාර්යාලය ද පිල්ලේට වාර්තා සපයා ඇත.

මේ රාජ්‍ය නොවන සංවිධානය ඇයට දක්‌වා ඇත්තේ 2013 වසරේදී මුස්‌ලිම්වරුන්ට එරෙහි තර්ජන සහ සාහසික ක්‍රියා 280 ක්‌ සිදුවී ඇති බවයි. එලෙස ප්‍රහාර එල්ල වූ ස්‌ථාන අතර මුස්‌ලිම් පල්ලි හා කඩ සාප්පු ද ඇතුළත් වන බව දක්‌වා ඇත. එසේම ක්‍රිස්‌ත්‍රියානි කණ්‌ඩායම් පිල්ලේට සපයා ඇති වාර්තාවල 2013 දී ක්‍රිස්‌තියානුවන්ට හා පල්ලිවලට ප්‍රහාර එල්ලවීම් 103 කට අධික සංඛ්‍යාවක්‌ සිදුවී ඇතියි සඳහන් කර තිබේ.

එසේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාව ප්‍රකට මානව හිමිකම් රකින්නියකට තර්ජනය කර ඇති බවත් ශ්‍රී ලංකාවේදී තමාව හමුවීමට උත්සාහ කළ මානව හිමිකම් කණ්‌ඩායම් 10 ක්‌ ම රජයේ ඉලක්‌කය වී ඇති බවත් ඇය දක්‌වා ඇත. එහෙත් නවිපිල්ලේගේ විමර්ශන වාර්තාවෙන් ඇය දැනටමත් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව දක්‌වමින් වරදකරු කර ඇත. එය තහවුරු වන්නේ සුදු කොඩි සිද්ධිය ගැන ඇය සඳහන් කර ඇති ප්‍රකාශයෙනි…..

උපුටා ගැනීම දිවයින වෙබ් අඩවියෙනි.

http://www.divaina.com/2014/03/02/defence.html

Recent Posts

Tags: , , , , , , ,

Leave a Comment