INTERNSHIP PROGRAMME / සීමාවාසික පුහුණුව

itn

මානව හිමිකම් සීමාවාසික පුහුණුව

රයිට්ස් නව් – කලෙක්ටිව් ෆො ඩිමොක්රසි ආයතනය 2007 වසරේ දී ආරම්භ කරන ලද අතර එය 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන ලද ලාභ නොලබන ආයතනයකි. මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම සඳහා සූදානම්, විශ්වවිද්‍යාලයක, උසස් අධ්‍යාපන ආයතනයක හෝ වෘත්තීය පුහුණු ආයතනයක ඉගෙනුම ලබන හෝ ඉගෙනුම ලැබූ විද්‍යාර්ථින්ට හා තරුණ අත්දැකීම් සහිත ක‍්‍රියාකාරීන්ට රයිට්ස් නව් ආයතනයේ සීමාවාසික පුහුණුව හා සම්බන්ධ වන ලෙස ඇරයුම්කර සිටිමු.

හැඳින්වීම

රයිට්ස් නව් ආයතනයේ මානව හිමිකම් සීමාවාසික පුහුණුව 2008 වසරේ ආරම්භ කරන ලදී. මෙම සීමාවාසික පුහුණුවේ මූලික පරමාර්ථය වන්නේ විශ්වවිද්‍යාලයන්හි, උසස් අධ්‍යාපන ආයතනයන්හි හෝ වෘත්තීය පුහුණු ආයතනයන්හි ඉගෙනුම ලබන විද්‍යාර්ථින් හෝ උපාධිධාරීන් හට රැකියාස්ථ පුහුණුවක් ලබා දීමයි. ඒ අනුව මානව හිමිකම් අධ්‍යාපනය හා ක‍්‍රියාකාරකම් පිළිබඳ උනන්දුවක් දක්වන සීමාවාසිකයින්ට මානව හිමිකම් පිළිබඳ න්‍යායික දැනුම වර්ධනය කර ගැනීමටත් මානව හිමිකම් ආශ‍්‍රිත ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීමත් මින් අපේක්ෂා කරයි. තවද එමගින් ඔවුන්ට මානව හිමිකම් පිළිබඳ ලංකාවේ අභියෝගය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි අතර රාජ්‍ය නොවන සංවිධානයක හා සිවිල් සමාජයේ වැඩ කිරීම පිළිබඳ අත්දැකීම් ලබා ගත හැකි වනු ඇත.

සීමාවාසිකයින් වෙත කුමන වගකීම් පැවරේද?

මෙම සීමාවාසික පුහුණුව මඟින් දේශිය මානව හිමිකම් ආයතනයක් තුළ කටයුතු කිරීමටත්, රයිට්ස් නව් ආයතනයේ කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කටයුතු කිරීමටත්, වෙනත් මානව හිමිකම් පිළිබඳ ක‍්‍රියාකාරී ආයතන සහ රාජ්‍ය ආයතන සමඟ කටයුතු කිරීමටත්, මානව හිමිකම් පිළිබඳ පුහුණු වැඩ සටහන්, ක‍්‍රියාකාරකම් හා දේශන වලට සහභාගීවීමටත් අවස්ථාව උදාවේ. සීමාවාසික පුහුණුවන්නන් අප විසින් කරගෙන යනු ලබන පහත කාර්යන්හි නිරත විය යුතුය.

පර්යේෂණ පැවැත්වීම, දත්ත විශ්ලේෂණය කිරීම, ලේඛන සකස් කිරිම හා පරිවර්තනය කිරීම ආදී කාර්යයන්
මහජන පැමිණිලි බාර ගැනීම, ඒවා ගොනු කිරීම හා විපරම් කිරීම ආදී කාර්යයන්
ගවේෂණාත්මක පුවත් කලාව හා සම්බන්ධ වීම, මාධ්‍යවේදියෙකු / මාධ්‍යවේදිනියෙකු ලෙස පුහුණු වීම
මානව හිමිකම් පිළිබඳ පුහුණු වැඩ සටහන් සංවිධානය කිරීම, විවිධ ප‍්‍රචාරණ ව්‍යාපාර සංවිධානය කිරීම හා ඒවාට පහසුකම් සලසා දීම.

පාඨමාලාව සාර්ථක සම්පූර්ණ කරන සීමාවාසිකයන්ට සහතිකයක් පිරිනමනු ලබයි.

අයඳුම් කළ හැක්කේ කවුරුන්ටද?

අයදුම්කරුවන් විශ්වවිද්‍යාලයක, උසස් අධ්‍යාපන ආයතයක හෝ වෘත්තීය පුහුණු ආයතනයක ඉගෙනුම ලබන හෝ මෑතකදී අධ්‍යාපනය සම්පූර්ණ කළ අයකු විය යුතුය.
එසේ නොමැති නම් අවම වශයෙන් වසරක කාලයක් ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද තිබිය යුතුය.
මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට හා ප‍්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම.
පරිගණක දැනුම.

අයඳුම් කිරීමේ ක‍්‍රියාවලිය කුමක්ද?

සීමාවාසිකයින් මාස 03/06 ක සීමාවාසික පුහුණු කාලය තුළ සතියකට වැඩ කරන දින 03ක් පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ පිහිටි අප කාර්යාලයේ සේවයේ කළ යුතුය.

තෝරා ගැනීමේ ක‍්‍රියාපටිපාටිය
තෝරාගත් අයඳුම්කරුවන් පමණක් සම්මුඛ සාකච්ඡාවට කැඳවනු ලැබේ. අයඳුම්පත් එවනු ලබන සියලූදෙනාට අපි ස්තූතිවන්ත වෙමු.

ආයතනයෙන් මූල්‍යමය අනුග‍්‍රහයක් ලබා ගත හැකිද?
රයිට්ස් නව් ආයතනය එ් කාලය තුළ  ජීවන වියඳම් දීමනාවක් කොන්දේසි වලට යටත්ව ඔබ වෙත ගෙවනු ලබයි.

අයඳුම්පත් එවිය හැකි ආකාර

ඊමේල් : sudarshana@rightsnow.net ,

              manori@rightsnow.net

              aditha@rightsnow.net

 Online Apply කිරිමට මෙතනින් පිවිසෙන්න

 

ලිපිනය

24/13,
විජයබා මාවත,
නාවල පාර,
නුගේගොඩ.

දුරකථන : 0112 822375

ෆැක්ස් : 0112 822376