Posts Tagged ‘ අතුරුදහන් කිරීම ’

මානව හිමිකම් උල්ලංඝනයේ ප්‍රභේද දෙකක්

Jan 16th, 2014 | By
lalith

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් රජයේ ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමට ලක්වූයේ 2011 දෙසැම්බර් මස 09 වන දාය. මෙම සිදුවීමට වසර දෙකක් පිරීම පසුගියදා සිදුවිය. මෙම සිද්ධියට සහ රට තුළ සිදුවන පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට විරෝධය පළ කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ රැස්වීමක් ඔවුන් දෙදෙනා විසින් නියෝජනය කළ දේශපාලන

[continue reading…]



මේක ඩිවලොප් නෙවෙයි දිවලොප් වුණ සමාජයක් – චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Jan 5th, 2014 | By
thenu

චිත්‍ර ශිල්පියෙක් ඇයි දේශපාලන වේදිකාවට එන්නේ? මම විශ්වාස කරන විදිහට දේශපාලනයයි කලාවයි වෙන් කරන්න බෑ. මම අඳින දෙයත්, හිතන දෙයත්, කරන දෙයත් එක දෙයක්. ඒක නිසා තමයි සමහර විට දේශපාලනය කරනවා කියල අදහස් කරන්නේ. දේශපාලනයට එන්න තවත් හේතුවක් තියෙනවා. චිත්‍ර ඇඳීමෙන්ම හුදෙක් මිනිස්සුන්ට සුන්දර දේවල් සපයලා හිඳීමට වඩා කිසියම් ආකාරයකින් හිතන විදිහේ කලාවක් කරන්න, මිනිසුන්ට

[continue reading…]



මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By
brito

බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව

[continue reading…]



මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Nov 1st, 2013 | By
thenua

ලංකාව පුරාම පුද්ගලයන් අතුරුදහන්වීම් කියන සිද්ධිය ලංකාවේ ආරම්භ වුණේ 1980 දශකයේ සිට කියලා කියන්න පුළුවන්. ඒ නව දේශපාලන සංස්කෘතියත් එක්ක ඊළඟට ජනවාර්ගික කියන අර්බුදය ඇවිලවීමත්, ඒවා නිවා දමන්න උත්සාහ නොකිරීමත් සමඟ මේ අතුරුදහන්වීම් වැඩිවෙලා තියෙනවා. ඒ වුණාට අපි මේ ජීවත් වෙන්නෙ සාමකාමී යැයි කියන, ගුවනින් යන්න පාලම් පාරවල් හදන, ඉතාම අධි මිලට කෙටිම මාර්ග විවෘත

[continue reading…]



හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

Nov 1st, 2013 | By
sta

1989 ඔක්තෝබර් 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන ආසනයට අයත් සීදූව රද්දොළුව මංසන්ධියේදී ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබුණේ හඳුනාගත නොහැකි, බාගෙට පිළිස්සුණු මිනිස් මළ සිරුරු දෙකකි. මහ මග අසල පුළුස්සා දැමුණු හෝ ගංඟා දිය කඩිතිවල උඩු බැලි අතට පාවෙන නාඳුනන මිනිස් මළ සිරුරු හමුවීම වනාහි ඒ කාලයේ නැගෙනහිරින් ඉර උදාවීම වැනි සාමාන්‍ය සිදුවීමක් විය. ඒ මළ සිරුරු අයත්වූයේ

[continue reading…]



අතුරුදහන්වූවන් පිළිබඳ අතුරුදහන් වූ මතකය

Oct 27th, 2012 | By
gh

 බහරේනයේ සිට පැමිණි මිනිසෙකු සමඟ අද මම කතා කළෙමි. තම බිරිඳ සහ අවුරුදු සතක් වයසැති තම සිඟිති පුතු සමඟ තම නිවසේ සිටිද්දී ගෝනි බිල්ලන් ලෙසින් වෙස් මුහුණු දමා ගත් නාඳුනන තුවක්කුකරුවන්ගේ වේසයෙන් පැමිණි ආරක්ෂක නිලධාරීන් විසි දෙනෙකුගෙන් පමණ යුක්ත වූ කණ්ඩායමක් විසින් මහ රෑ මැදියමේ දී ඔහුව පැහැරගනු ලැබ තිබිණි. බියෙන් තැතිගත් තම බිරිඳ ද

[continue reading…]