Posts Tagged ‘ අධ්‍යාපනය ’

“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By
pissu

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ

[continue reading…]



දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා – ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා

Jun 27th, 2014 | By
edt

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා සිඹ මේ එන්නේ පේ‍්‍රමයේ සුවද නොවේ පසුගිය මැයි 20 වෙනිදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පිවිසෙද්දී සවස හතර පහුවෙලා. වෙනදා රොබරෝසියා මල් වලින් ඇහැල මලිනුත් සැරසෙන සරසවි පරිශ‍්‍රය මෙදා සැරසිලා තිබුණේ රතු පාට මැයි මල් වලින්. ඒ වගේම ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සරසවි භූමිය

[continue reading…]



ශිෂ්‍ය භික්ෂුවගේ විභාග තහනම රයිට්ස්නව් නීතිඥ මැදිහත්වීමෙන් වැළකේ

Jun 12th, 2014 | By
download

තාවකාලික පන්ති තහනමකට ලක්කළ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමකට සිය විභාග කටයුතු සඳහා අවස්ථාව ලබාදෙන ලෙස කොළඹ දිසාධිකරණයේ විනිසුරුවරයා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කුමාර් හිරිඹුරේගමට අද (06) දින නියොග කළේය. මෙලෙස විභාග තහනමට ලක්කර ඇත්තේ නීති පීඨයේ ඉගනුම ලබන හීන්බොන්නේ රාහුල නැමති ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමකගේය. උන්වහන්සේ පසුගිය මැයි 23දින පැවති උද්ඝෝෂණයකට සහභාගී වීම නිසා තාතකාලික පන්ති කහනමට ලකකර

[continue reading…]



යාපනය අද අඳුරු අර්ධද්වීපයක්: සිතීම සහ අදහස් පළකිරීම අත්හිටුවීමට සරසවි ආචාර්යවරුන්ට සිදුවෙලා

Jun 10th, 2014 | By
e21

ආණ්ඩුවේ හොඳ ගැන මිස වෙන කිසිවක් ගැන අදහස් ප්‍රකාශ කිරීමට යාපන විශ්වවිදයාලයේ ආචාර්යවරුන්ට මේ වන විට නිදහසක් නැතැයි යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති අමිර්තලිංගම් රාසකුමාරන් මහතා ප්‍රකාශ කරයි. රාසකුමාරන් මහතා මෙසේ ප්‍රකාශ කළේ ක්‍රියාකාරී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එල්ල වී ඇති මරණ තර්ජනයන්වලට විරෝධය පෑමට සහ රාජ්‍ය අධ්‍යාපනය සුරැකීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට ගෙන යන සටනට

[continue reading…]



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මරණ තර්ජනය කිරීම – විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Jun 9th, 2014 | By
f22

අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ප‍්‍රබල හ`ඩක් නගන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක‍්‍රියාදරයන්ට එරෙහි මර්දනය, ඔවුන්ට මරණ තර්ජනය කිරීම දක්වා වර්ධනය වී ඇති තත්ත්වයක් තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් සිදුකරන සටන වෙනුවෙන් සිවිල් සමාජයේ සහ නීතිඥ එකමුතුවේ සහයෝගය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, නීතිඥ එකමුතුව හා නිදහසේ වේදිකාව

[continue reading…]



ලැජ්ජා නැති කම…

Jan 30th, 2014 | By
e3

අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 50 ක කාලයක් ගත වී හමාරය. සත්‍යග්‍රහය ආරම්භ කරන්නට පෙරම අප කී දෙය දැන් සත්‍යයක් බවට පත් වී ඇත. එනම් අපට තහනම් කලේ අක්කර 219 ක විශ්වවිද්‍යාල භුමිය පමණි. උපකුලපතිට ඇත්තේ ඒ අක්කර 219 පමණි. පීඨාධිපතිවරුන්ට ඊටත් අඩුය, විනයපාලකට ඇති දෙයක් නැත. අක්කර 219 න පිට අපට ඕන තරම් ඉඩ තිබේ. අපේ

[continue reading…]



මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

Jan 27th, 2014 | By
hhr

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් සිවිල් සහ දේශපාලන සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරකට පමණක් නෛතිකව අධිකරණය ඉදිරියට ගොස් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඉඩකඩ සලසා දී ඇති අතර එම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ

[continue reading…]



සබරගමුවේ ශිෂ්‍යයන් සහ යාපනයේ ත්‍රස්තවාදීන්

Jun 4th, 2013 | By
e4

[බස්තියන් පයින් යෑම] උදේ පාන්දර අවදි වූ විගසම තේ පානය කොට සිරුරු කිස නිමවා දිවයින පත්තරය කියවීම මගේ දිනචරියාවේ අංගයකි. ඒ අතරින් මා ඉතා උනන්දුවෙන් කියවන්නේ ‘දිවයින’ කතුවැකියයි. ජුනි 04 වනදා අපූරු කතුවැකියක් පළ වී තිබුණි. අපි එහි ආරම්භය උපුටාගෙන කියවමු. “සබරගමුව විශ්වවිද්‍යාලයේ පෙරේදා (01) කලබලයක්‌ ඇති විය. එයට මුල ශිෂ්‍ය උපවාසයක්‌ සහ විරෝධතා ව්‍යාපාරයකි.

[continue reading…]



ස්වාධීන විශ්ව විද්‍යාලයක් – නිවහල් ශිෂ්‍යයෙක්

Jun 1st, 2013 | By
edu

ජයන්ත දෙහිඅත්තගේ / ලක්මාලි හේමචන්ද්‍ර / රමිදු පෙරේරා / රවී තිසේරා – ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානය වනවිට ගැටලු රැසකට මුහුණ පා තිබේ. විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවිධ බලපෑම් පවතින අතර බුද්ධිමය හා සංස්කෘතිකමය වශයෙන් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ගරා වැටීමක් පවතී. මෙම ගැටලු අඩු වැඩි වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පිඨය තුල ද දැකිය

[continue reading…]



කොටි වලිගය

Mar 27th, 2013 | By
matt

යුද්ධය නිමා කොට වසර හතරක් සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස දෙකක කාලයකි. එහෙත් වාර්ෂික අය වැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කොට ඇති වැය ශීර්ෂය දිගින් දිගටම ඉහළ යයි. මෙයට හේතුව මේ වන විට නාගරික සංවර්ධනයද ආරක්ෂක අමාත්‍යංශයට පූට්ටු කර ඇති නිසා බව කෙනෙකු කල්පනා කළ හැකි වුවද, ඇත්ත වශයෙන්ම නාගරික සංවර්ධනය සඳහා වෙන් වී ඇත්තේ සමස්ත

[continue reading…]