Posts Tagged ‘ අපරාධ ’

යුධ අපරාධ යුක්තිය පසිදලිමට දේශිය අපරාධ නීතිය සුදුසු ද ?

Jan 11th, 2017 | By
image

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මනුෂ්‍යයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිලිබඳ විමර්ශනය කර, නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රනය යටතේ

[continue reading…]



බලය වෙනුවට අයිතිය | සාමිනාදන් විමල්

Dec 23rd, 2016 | By
ddd

ලංකාවේ ප්‍රධාන දේශපාලන කතිකාව ජාතිවාදහරණය ජයගැනීමට තවමත් සමත්ව නැත. තවමත් වේදිකාවෙහි පසුතලය පූර්ව යුද සමයෙහිම පවතියි. නළු නිළියන්ගේ යම් වෙනසක් පවතියි. මඩකලපුව මංගලාරාමය හිමි සහ හිලරි වෙනුවෙන් නල්ලූර්වල පොල් ගසන ශිවාජිලිංගම් වැනි සහාය නළුවන් පිරිසක් වේදිකාවට ගොඩවී සිටීමත්, ඩිජිටල් මෙවලම් වැනි රංග උපකරණ භාවිතයත් හැරුණ විට නාට්‍යයෙහි පැවසිය යුතු තරම් වෙනසක් නොමැත. ඇත්තෙන්ම දීර්ඝ කාලයක්

[continue reading…]



දේශපාලනයේදී චණ්ඩි සංස්කෘතිය ඉල්ලන්නෙත් එපා කියන්නෙත් මහජනයාමයි | කම්කරු ජාතික සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් (පා.ම) මයිල්වාගනම් තිලකරාජා

Dec 19th, 2016 | By
dsc_0314

1979 දී හෝඩියේ පංතියට ගියාම ඉගෙනගන්න පටන් ගත්තේ දෙමළ භාෂාවෙන්. ඒත් 1980 දී තාත්තා තීරණය කරනවා මේ රටේ සිංහලෙන් ඉගෙන ගත්තොත් හොඳයි කියල. ඒ අනුව මගේ අක්කලා සිංහල ඉස්කෝලෙට දානවා. 1983 කලබල කාලෙදි මම සිංහල ඉස්කෝලෙ තුන වසරේ ඉන්නේ. දෙමළ සිංහල ප්‍රශ්නෙ අපේ ඉස්කෝලෙත් තිබුණා. ‘පර දෙමළු’ කියල සිංහල ළමයෙක් මට බැන්නා. මම එයාට ගහනවා.

[continue reading…]



නීතිය හදන්න කලින් ඔළුව හදාගන්න මානව හිමිකම් දිනයේදී කොළඹට ආ මිනිස්සු සහ ගැහැණු

Dec 14th, 2016 | By
dsc_0280

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලතල බෙදා හදා ගන්නා දේශපාලන විසඳුමක් ඇති කිරීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සටන් වදිමු යන තේමාව ඔස්සේ ජගත් මානව හිමිකම් දිනය සමරනු වස් පැමිණි සිවිල් සමාජ සාමාජික සාමාජිකාවන්ගෙන් කොළඔ මහවැලි කේන්ද්‍රය පිරීඉතිරී ගියේය. ඒ 2016 දෙසැම්බර් 10 වන දිනය. සභාවේ මුලසුන

[continue reading…]



සනත් ජයසූරිය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: සෝ ක්ලෝස්; සෝ ෆාර්

Dec 9th, 2016 | By
new-constitution2

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය දෙවන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධයක් ගොඩනැගූහ. කාගේත් නෙත් සිත් යොමුව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ලකුණු 375ක් ලබමින් තබා තිබූ ලෝක වාර්තාව සනත් ජයසූරිය

[continue reading…]



තොරතුරු පනතේ තොරතුරු විමසමු …! – 2 කොටස

Dec 7th, 2016 | By
rti

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පසුගිය අගෝස්තු 04 දා සම්මත විය. එම පනතේ සඳහන් අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව කොටස් වශයෙන් පළ කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පලමු කොටස කියවිමට මෙතනින් යන්න පනතේ පස්වන පරිච්ඡේදයේ සඳහන් වන තොරතුරු ලබා ගැනීමේ කාර්යයේදී

[continue reading…]



අපේ ඡන්ද දායකයා ගතානුගතිකයි: ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ

Dec 5th, 2016 | By
dsc_0343

ලංකාවේ බහුතරයක් දෙමාපියන්ගේ බලාපොරොත්තුව තමුන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ගණකාධිකාරීවරයෙක් වගේ පිළිගත් වෘත්තියක නියැළෙනවා දකින්නයි. මගේ දෙමාපියන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ නිසා ඒ බලපෑම නොඅඩුව අපේ නිවෙස්වලත් තිබුණා. ඉතිං මාත් ගතානුගතික විදිහට අධ්‍යාපනය හදාරලා වෛද්‍යවරයෙක් වුණා. වෛද්‍ය වෘත්තිය උතුම් වෘත්තියක්. නමුත් එයින් මගේ අභිලාෂයන් සංතෘප්ත වෙන්නේ නැහැ කියන පෞද්ගලික හැඟීමකුත් මගේ හිතේ ඇති වුණා. මගේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන

[continue reading…]



අපරාධවලට බිම් මට්ටමේ සොල්දාදුවන්ට දඩුවම් දීම සාධාරණද ?

Nov 29th, 2016 | By
war_b6fb79_5840000

2009 වසරේ අප රට තුළ පැවති කුරිරු යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව අප රට තිරසාර සාමයක් සහ සංහිඳියාවක් වෙනුවෙන් වන සංක්‍රාන්ති යුක්ති වැඩපිළිවෙළකට අවතීර්ණ වී ඇත. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්” පිළිබඳ ගෙන ආ යෝජනාවලියට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය දක්වමින් එකී යෝජනාවලියේ නිර්දේශයන්

[continue reading…]



නූරි වත්තේ අතකොටා ඇතුළු 18 කට මරණ දඬුවම: අතකොටා නඩත්තු කළ අය නිදහස්ද?

Nov 25th, 2016 | By
murder2

දැරණියගල, නූරි වතුයායේ කළමනාකරුට වදහිංසා සහ කුරිරු අමානුෂික දඬුවම් පමුණුවා මරා දැමීම පිළිබඳව චෝදනා ලැබ සිටි දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති (එක්සත් ජනතා නිදහස් සන්ධානයා අනිල් චම්පික විජේසිංහ හෙවත් අත කොට චූටි ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුට මරණීය දණ්ඩනය පැණවීමට මහාධිකරණය අද (නොවැ. 25 ) තීරණය කළාය. දැරණියගල, පිහිටි නූරි වත්ත දැන් කහවත්ත මෙන්ම ලංකාවේ දනන්

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]