Posts Tagged ‘ උතුර ජනතාව ’

හොරුන් රකින ආණ්‌ඩුවකට අපි ඡන්දෙ දෙන්නේ මොකටද?

Sep 29th, 2013 | By
nn

ආණ්‌ඩුවේ පරාජය ගැන උතුරේ ජනතාව කියන කතා අහස ගුගුරවමින් හෙණ හඬ පතුරවමින් විදුලි කොටමින් ඇදහැලුණු මහා ධාරාණිපාත වර්ෂාවක්‌ බඳු වූ උතුරේ පළාත් සභා මැතිවරණය අවසන් විණි. මහා වැස්‌සකට පසු ඇතිවන දැඩි නිහැඬියාවෙන් දැන් උතුරද නිහඬය. වර්ෂාවෙන් පසුව උදාවන හිරුගේ එළියෙන් වර්ෂාවේ මඩ ගොහොරු, දියකඩිති කෙමෙන් කෙමෙන් සිඳී යන්නාක්‌ මෙන් දැන් උතුරේ පෙර පැවති කතාවල බොහෝ

[continue reading…]



තිබුණේ එක් ඡන්දයකි. ඒ උතුරේය.

Sep 29th, 2013 | By
tna

පළාත් සභා තුනක ඡන්දය අවසන්ය. මධ්‍යම හා වයඹ පළාත් සභා කොහොමටත් ආණ්ඩුව ජයගන්නා බවට ස්ථිරවී තිබිණි. එජාපය සටන ආරම්භ කළේම පරාජිත මානසිකත්වයක් සමගය. ඒ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම නිසාය. මැතිවරණ ප‍්‍රතිඵල කියන එක් දෙයක් නම්, පහළ මට්ටමේ ජනතාව සමග වැඩකරන දක්‍ෂ හා කාර්යක්‍ෂම ආසන සංවිධායකයන්ගේ බලවත් අඩුවක් එජාපයට තිබෙන බවය. එම දුර්වලතාව එම පක්‍ෂයට ඡන්ද

[continue reading…]



මේ කවුද? මොනවද කරන්නෙ?

Sep 18th, 2013 | By
navipillay

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ ලංකා සංචාරය ගැන ප්‍රශ්න 14 ක් 1. ඔබගේ ලංකාගමනය සිදුවන්නේ කෙසේද? මට මෙම ආරාධනය කිරීම ගැනත් මෙම ඉතාම සංකීර්ණ සංචාරය සැලසුම් කිරීමේදී සහ සංචාරයේදී ලබා දෙන ලද අනගි සහයෝගය ගැනත් ශ්‍රී ලංකා රජයට මම ස්තූති කරනවා. මම කැමති තැනකට යන්නත් මම කැමති දෙයක් දැක බලා ගන්නත්

[continue reading…]



උතුරේ සංවර්ධන ව්‍යාපෘති; හෙළා දැකීම සහ උලුප්පා පෙන්වීම

Aug 10th, 2013 | By
r5

වෙල්ලමුල්ලිවායික්කාල් හරහා වැටී ඇති මාවතේ යෑම හෝ ඒ 9 සාමයේ මාර්ගයේ පැමිණීම යන මාර්ග දෙකෙන් කැමැති මාවතක් තෝරා ගන්න යැයි ජාතික හෙල උරුමයේ ප්‍රමුඛයෙකු වන පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෑතකදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසූ බව දෙමළ ජන මාධ්‍ය මහත් වැදගත්කමකින් යුතුව වාර්තා කළේය. පොදුවේ ප්‍රධාන ධාරාවේ දෙමළ මාධ්‍යවලට අනුව මෙවැනි පුවත් අඬන්නට ඉන්න මිනිහාගේ ඇහැට

[continue reading…]



සුළුතරයෙහි බිය සහ බහුතරයෙහි බිය

Jul 16th, 2013 | By
saminadan

යුද්ධය අවසන් යැයි කියවෙන තත්ත්වයක් තුළ පවා ජාතිවාදය තවදුරටත් පවත්වා ගෙන යන ගාමක බලවේගයක් වශයෙන් අනෙකා කෙරෙහි වන බිය තවමත් අතිශය වැදගත් භූමිකාවක් ඉටු කරමින් සිටියි. සුළුතරයෙන් බහුතරයට එල්ලවිය හැකි අනතුර පිළිබඳ බිය ගැන්වීමද එමෙන්ම බහුතරයෙන් සුළුතරයට එල්ල විය හැකි අනතුර පිළිබඳ බිය ගැන්වීමද ස්ථාවරව පවත්වා ගෙන යෑම ලංකාවෙහි ජාතිවාදී දේශපාලනයෙන් තොර පැවැත්මක් නොමැති දේශපාලන

[continue reading…]



බුලට් වෙනුවට බැලට්

Jul 2nd, 2013 | By
saminadan

ගරිල්ලා ව්‍යාපාරයක් විසින් තීරණය කරනු ලැබ තිබූ උතුරේ දේශපාලනය දැන් මැතිවරණ දින දර්ශනය විසින් තීරණය කරනු ලබන දෙයක් බවට පත් වෙමින් පවතියි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් තවම දින නියම කිරීමක් කළේ නැති වුවත් මෙම වසරෙහි සැප්තැම්බර් මස උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට කීප අවස්ථාවකදීම ප්‍රකාශ කිරීමත් සමඟ දෙමළ ජනමාධ්‍ය මතු නොව සිංහල ජනමාධ්‍ය පවා උතුරු

[continue reading…]



බලය අඩු කළ පළාත් සභා වැඩක් නෑ

Jun 19th, 2013 | By
kaleena

රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටිනවිට සිය සුජාතභාවය පවත්වාගැනීම උදෙසා කිසියම් දෙයක් පාව්චිචි කරයි. එහිදී ඇතැම් ආණ්ඩු කියාසිටින්නක් වනුයේ තමන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් බවයි. ඇතැම් ආණ්ඩු පවසන්නේ තමන් වෙළෙඳපොල ආර්ථිකය වෙනුවෙන් පෙනීසිටින බවයි. ඒ ආකාරයට සලකාබැලූවිට මෙම ආණ්ඩුවේ පවතින ලේබලය වන්නේ තමන් දේශප්‍රේමී ආණ්ඩුවක් බවයි. මේ ආණ්ඩුවේ ගමන්මග වැටී තිබෙන්නේ

[continue reading…]



දෙමල ජනයාගේ සැබෑ නියෝජිතයා හෙල උරුමයද? විමල් වීරවංශද?

May 23rd, 2013 | By
rmb

උතුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ‍මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශ‍ගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ

[continue reading…]



පලාත් සභා අහෝසි කළොත්…?

May 22nd, 2013 | By
se

පලාත් සභා ඇතිකරන ලද්දේ සමානත්වය සහ ස්වයං පාලනය මත දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ලබා දීමට වුවද, වසර 26කට පසුවත් තවමත් උතුරේ පලාත් සභා ඡන්දයක් පවත්වා නැත. නැගෙනහිර මැතිවර්ණයෙන් දෙමළ ජාතික සන්ධානයට බහුතරය හිමිවුවද ආණ්ඩුව තමන්ගේ මහ ඇමැතිවරයෙකු ඒ පලාත සඳහා පත් කොට ගත්තේය. ඒ මහ ඇමැතිවරයාටත් කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ හිටපු නාවික හමුදාපතියෙකු වන ආණ්ඩුකාරයා

[continue reading…]



විමල් සහ චම්පික සමග ජ.වි.පෙ. එකතු වේ

May 19th, 2013 | By
www

උතුරු පලාත් සභාව සඳහා මැතිවරණය පැවැත්වීමට තම පක්ෂය විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ බව දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව ඔවුන් උතුරේ පලාත් සභා මැතිවරණයට විරුද්ධව හඬ නගන චම්පික රණවක ඇමැතිවරයා සහ තම පැරණි ගෝලයා වන විමල් වීරවංශ ඇම්තිවරයා සමග කරට අත දමා

[continue reading…]