Posts Tagged ‘ චන්ද්‍රගුප්ත තේනුවර ’

විදුලි පුටුව විකිණීමට තිබේ.(Electric chair For Sale)

Jul 24th, 2015 | By
DSC_0566

ප්‍රවීණ කලා ශිල්පි චන්ද්‍රගුප්ත තේනුවර විසින් ඉදිරිපත් කරනElectric chair For Sale( විදුලි පුටුව විකිණීමට තිබේ) ප්‍රදර්ශනය ජූලි 23 දින සිට උදෑසන 10 සිට 7 වනතෙක් එළඹෙන 24 – 30 දක්වා ලයනල් වෙන්ඩේට් කලාගාරයේදී පැවැත්වේ. .



මේක ඩිවලොප් නෙවෙයි දිවලොප් වුණ සමාජයක් – චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Jan 5th, 2014 | By
thenu

චිත්‍ර ශිල්පියෙක් ඇයි දේශපාලන වේදිකාවට එන්නේ? මම විශ්වාස කරන විදිහට දේශපාලනයයි කලාවයි වෙන් කරන්න බෑ. මම අඳින දෙයත්, හිතන දෙයත්, කරන දෙයත් එක දෙයක්. ඒක නිසා තමයි සමහර විට දේශපාලනය කරනවා කියල අදහස් කරන්නේ. දේශපාලනයට එන්න තවත් හේතුවක් තියෙනවා. චිත්‍ර ඇඳීමෙන්ම හුදෙක් මිනිස්සුන්ට සුන්දර දේවල් සපයලා හිඳීමට වඩා කිසියම් ආකාරයකින් හිතන විදිහේ කලාවක් කරන්න, මිනිසුන්ට

[continue reading…]



මනුස්සකම ගැන කතාකිරීම නිසා අපිට ද්‍රෝහීන් කියනවා නම් ඒක ගෞරවයක් හැටියට භාරගන්න අපි සූදානම් – බ්‍රිටෝ ප්‍රනාන්දු

Nov 1st, 2013 | By
brito

බ්‍රිටෝ ප්‍රනාන්දු අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති අතුරුදහන්වීම්වලට විරුද්ධව කතා කරන, එදා මහින්ද රාජපක්ෂ කියපු වචන කියන මිනිස්සුන්ව අද මේ රටේ ආණ්ඩුව සලකන්නේ ද්‍රෝහීන් හැටියට, පාවා දෙන්නන් හැටියට. අද ලංකාවේ බරපතල විදිහට තහනම් කරන වචනය තමයි ‛අතුරුදහන්කරවීම’ කියන එක. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි බලයේ හිටිය හැම ආණ්ඩුවක්ම තමන්ට විරුද්ධව ඉන්න මිනිස්සු මර්දනය කරන්න අතුරුදහන්කරවීම කියන කාරණාව

[continue reading…]



මිනිසුන් පමණක් නොව සිහිවටනත් අතුරුදහන්කරන රටක් – ප්‍රවීන චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර

Nov 1st, 2013 | By
thenua

ලංකාව පුරාම පුද්ගලයන් අතුරුදහන්වීම් කියන සිද්ධිය ලංකාවේ ආරම්භ වුණේ 1980 දශකයේ සිට කියලා කියන්න පුළුවන්. ඒ නව දේශපාලන සංස්කෘතියත් එක්ක ඊළඟට ජනවාර්ගික කියන අර්බුදය ඇවිලවීමත්, ඒවා නිවා දමන්න උත්සාහ නොකිරීමත් සමඟ මේ අතුරුදහන්වීම් වැඩිවෙලා තියෙනවා. ඒ වුණාට අපි මේ ජීවත් වෙන්නෙ සාමකාමී යැයි කියන, ගුවනින් යන්න පාලම් පාරවල් හදන, ඉතාම අධි මිලට කෙටිම මාර්ග විවෘත

[continue reading…]



හිඩැසින් පෙනෙන කදුළු බිත්තිය

Nov 1st, 2013 | By
sta

1989 ඔක්තෝබර් 27 වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ, කටාන ආසනයට අයත් සීදූව රද්දොළුව මංසන්ධියේදී ප්‍රදේශවාසීන්ට දකින්නට ලැබුණේ හඳුනාගත නොහැකි, බාගෙට පිළිස්සුණු මිනිස් මළ සිරුරු දෙකකි. මහ මග අසල පුළුස්සා දැමුණු හෝ ගංඟා දිය කඩිතිවල උඩු බැලි අතට පාවෙන නාඳුනන මිනිස් මළ සිරුරු හමුවීම වනාහි ඒ කාලයේ නැගෙනහිරින් ඉර උදාවීම වැනි සාමාන්‍ය සිදුවීමක් විය. ඒ මළ සිරුරු අයත්වූයේ

[continue reading…]



මෙය කලා ප‍්‍රදර්ශනයක් නොවේ – චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ගැන.

Sep 20th, 2013 | By
ch1

සෞන්දර්ය අධිනිශ්චිත භාෂාවකින් කියන්නේ නම් චන්ද්‍රගුප්ත තේනුවරගේ ‘සුන්දරකරණය’ ප‍්‍රදර්ශනය අමුය. එහෙත්, ඒ අමු බවට වගකිවයුත්තේ කලාකරුවා නොව සමාජයයි. ‘කලා කෘතියක්’ නිර්මාණය කිරීම වෙනුවට තේනුවර කර ඇත්තේ ගෘහනිර්මාණ ශිල්පියකුට සමාන්තරව අවකාශ සංවිධානයක්ය. පශ්චාත් යුද ලංකාවේ නගර අලංකරණයේ උත්කර්ෂිත අංගයක් වූ Jogging Tracksඔර්ජනි මෙවර තේනුවරගේ තේමාවය. එක් අතකින් එය අල්පෝක්තිකවාදී (Minimalistic)ප‍්‍රකාශනයකි. තේනුවරට කියන්නට කිසිවක් නැත. ලයනල් වෙන්ඞ්ට්

[continue reading…]



barralism වලින් beautification වලට තේනුවර මාරුවෙයි

Jul 29th, 2013 | By
cht

1997 වසරේ නවමු ආකෘතික රටාවක මූර්ති හා චිත්‍ර ප්‍රදර්ශනයක් හඳුන්වා දෙමින් පැමිණි ගමන් මගේ 08 වන සැතපුම් කණුව අසල සිටින චන්ද්‍රගුප්ත තේනුවර කලා ශිල්පියා සුපුරුදු අයුරින් මෙවර ද නව මාදිලියක චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව සැල විය. ඔහු කලාකරුවකු ලෙස හඳුන්වන්නට අකමැති ඇතැම් දේශපාලකයෝ ඔහු හඳුන්වන්නේ ‘‘කලහකරුවා’’ යන නමින්. ඒ ඔහු

[continue reading…]