Posts Tagged ‘ ජනාධිපතිවරණය ’

එන්.ජී. ඕ. කළේ මොනවද?

Jan 16th, 2015 | By
mmrt

වෙනසක් සඳහා සහ වෙනසට පසුව සිවිල් සමාජයේ කාර්යභාරය ගැන කටු සටහනක් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි ආඥාදායකයකු ලෙස හඳුන්වනු ලැබූ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්වීම සඳහා තරග කොට පරාජයට පත් වී රුහුණු මාගම්පුරයේ මැදමුලනට පසු බැස ගොස් සිටී. පසුගිය කාලය මුළුල්ලේ ඔහු සහ ඔහුගේ වන්දිභට්ටයන් විසින් නිතරම වර නගන ලද ඊනියා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලින්

[continue reading…]



සිවිල් සමාජය ක‍්‍රියාධරයන් MFFE සමග මැතිවරණ නිරීක්ෂණයේ

Jan 8th, 2015 | By
mffe

නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිස්ත‍්‍රික 07ක් ආවරණය වන පරිධි පුලූල් වැඩපිළිවෙළක් යොදා ඇති අතර එම දිස්ත‍්‍රික්ක හත තුළ සිවිල් සමාජ කි‍්‍රයාධරයන්ගේ ස්වේඡා මැදිහත්වීමෙන් මැතිවරණ දිනය පුරා ජංගම නිරීක්ෂණ කටයුතු සහ ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා කුමුදුනී

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



දරුණුම අන්තරාය පැමිණෙන්නේ ඇතුළතිනි

Jan 5th, 2015 | By
gder

තම පරම සතුරාවූ සන්තාදියෝ පවුල අනුකම්පා විරහිත ලෙස සමූලඝාතනය කිරීමෙන් අනතුරුව ක්ලරිකුසියෝ පවුලේ පීතෘමූලිකයා වන දොන් දොමිනිකෝ ක්ලරිකුසියෝ ඇමරිකානු පාතාල ලෝකයේ ඔටුණු නොපලන් රජු බවට පත්වේ. සන්තාදියෝවරුන් සතුව තිබූ අපරාධ සංවිධානය සහ එහි වත්කම් ක්ලරිකුසියෝවරුන් වෙත ද්විත්ව බලයක් පැවැති කාලයේ සන්තාදියෝවරුන්ගේ බලපෑම යටතේ සිටි බෘග්ලියෝනිවරුන් හෙවත් අනු නායකයන් සමූලඝාතනයෙන් අනතුරුව එක පැහැරම ක්ලරිකුසියෝවරුන්ගේ පැත්තට එකතු

[continue reading…]



18+ මේ ඔබේ පළමු ඡන්දයයි – එයට වටිනාකමක් එකතු කරන්න

Jan 5th, 2015 | By
vvv

රටේ පාලනය ගැන ඔබේ අදහස කියන පළමු වතාව මෙය ද? එහෙනම් අපි එයට වටිනාකමක් දෙමු. 2015 ජනවාරි 8දා ඔබ ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු ලෙස පළමු වතාවට ඔබේ පරමාධිපත්‍යය පාවිච්චි කරනවා. මේ දේශපාලන ක‍්‍රමයත්, රට හොබවන නායකයෝත් ඔබේ උනන්දුව නැති කර දමා තිබිය හැකියි. ඒත්, ඔබේ පළමු ඡන්දය කියන්නේ සැමරිය යුතු අවස්ථාවකි. පැය කීපයක කාලයක් තුළ දේශපාලකයන්

[continue reading…]



වෙනසක් සඳහා කාන්තාවන් පෙළගැස්වීමේ අභියෝගය – කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Jan 2nd, 2015 | By
nimalka

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනකි. මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂික බලවේගවල ප‍්‍රධාන තේමාව වෙනසක් ඇති කිරීමයි. එහිදී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කොට, ස්වාධීන කොමිසන් සභා නැවත පිහිටුවා යහපාලනය ඇති කිරීම මූලික සටන් පාඨය බවට පත්ව ඇති අතර, පීඩිත පන්තියේ, සුළුතර ජන වර්ගයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ, අනතුරාසන්න සහ ආන්තිකකරණය වූ ජන කොටස්වල

[continue reading…]



ජනාධිපතිවරයා තහනම් උත්තේජක ගත් විට?

Dec 24th, 2014 | By
ffd1

දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි එක්සත්කම ප‍්‍රකට කරවන තවත් එක් ක‍්‍රියාකාරකමක් වූයේ සියළු නිරීක්ෂන සංවිධානයන්හි එකඟතාවයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමයි. මේ නිමිති කරගත් ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2014 දෙසැම්බර් 11 වන දින කොළඹ 7, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එම ප‍්‍රකාශනය ඇසුරෙන් සැකසුණු ලිපියක් මෙවර සමබිම ඉරිදා අතිරේකය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට අපි කටයුතු කරමු. ඒකාබද්ධ

[continue reading…]



අපේ ඡන්දයට මොකක්ද මේ වෙන්නේ?

Dec 24th, 2014 | By
frrr

විමල් ප‍්‍රනාන්දු අපි ශ‍්‍රී ලංකාවේ පුරවැසියෝ වෙමු. වයස 18 පිරුණු පසු අපට ඡන්ද අයිතිය හිමි වේ. විදේශ ආක‍්‍රමණිකයින් යටතේ යටත් විජිතයක්ව සිටි සමයේද, පෙර කල රජ දරුවන් යටතේද අප රටෙහි සිටියවුන් යටත් වැසියන්ය. යටත් වැසියන්ට අයිතිවාසිකම් නැත, නමුත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය විට කැරළි ගැසීමේ අයිතිය යටත් වැසියන්ට ඇත. එම අයිතිය භාවිතයෙන් දිනා ගත් එකකි.

[continue reading…]



කඩේ නොයා නඩේ යෑම: ජනාධිපතිවරණයේ සිවිල් සමාජ භූමිකාව

Dec 19th, 2014 | By
gggg

|ආචාර්ය උදන් ප‍්‍රනාන්දු ජනාධිපතිවරණයත් සමග සිවිල් සමාජය නැවත කරලියට පැමිණ තිබේ. පැරණි සිවිල් සමාජ කොටස්ද නව මුහුණුවරකින් කලඑළි දකින සිවිල් සමාජ කොටස්ද මේ වන විට ක‍්‍රියාශීලී වෙනු දක්නට හැකිය. සිවිල් සමාජය කියන්නේ එක අච්චුවකින් කැපෙන බිස්කට් වර්ගයක් නොවේ. ඔවුන්ගේ දෘෂ්ටිය, උපාය මාර්ග හා ක‍්‍රියාකාරීත්වය එකිනෙකට වෙනස්ය. සමහර විට එකිනෙකට පරස්පරය. විටෙක එකිනෙක සමග ගැටෙන සුළුය.

[continue reading…]



ෆෝඩ් ලින්කන් සහ ජනරංජන : දේශපාලනය සහ විශ්වාසය පිළිබඳ රචනාවක්

Dec 12th, 2014 | By
kw

|සුදර්ශන ගුණවර්ධන අප රාත‍්‍රියට නින්දට යන්නේ හෙට උදේ ඉර පායන බව විශ්වාස කරමිනි. වඩාත් පැහැදිලිව කිව්වොත් හෙට උදේ යළි ඉර පායන බවට ‘ඉර හඳ’ සේ විශ්වාස කරමිනි. අද දවස තුළ අවසන් කිරීමට නොහැකිව හෙටට කල් දැමූ වැඩ රාජකාරි කොපමණ ප‍්‍රමාණයක් ඇද්ද? අම්මාට දුරකථන ඇමතුමක්දී සුව දුක් සොයා බැලීමේ සිට තැපෑලෙන් ලැබෙන ‘සමබිම’ පත්තරය වෙනුවෙන් අවුරුද්දකට

[continue reading…]