Posts Tagged ‘ ජේ.සී.වැලිඅමුණ ’

රට, ජාතිය  ආගම ඉස්සරහට දාන්නෙ අපරාධ වලින් බේරෙන්න

Jul 15th, 2017 | By
hqdefault

සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින්නන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීමත්, ජනබලය යටපත් කරන වැදි බණ අසන්නට ලැබීමත්, පල්ලි පන්සල් ගිනි තැබුවත් කිසිවෙක් අත්අඩංගුවට නොගැනීමත් යන ඥානසාරකරණය නැවත දකින්නට අසන්නට ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධාන භීතිකාවක් නැවත වරක් හටගෙන තිබීමත් තුළ ජනවාරි අට සිදුවූ වෙනස ආපස්සට හැරවීම සඳහා යම් කිසි ආකාරයක කුමන්ත්‍රණයක් සිදුවන බවක් පෙනෙන්නට තිබෙනවා. ලක්ෂාන්

[continue reading…]



දූෂණ විමර්ශනය සෙමින් නමුත් හොඳින් වෙනවා

Jul 14th, 2017 | By
timthumb

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත වැනි රජය විසින් ආරම්භ කර ඇති ප්‍රගතිශිලී ප්‍රවේශයන්ට එරෙහිව හදිසියේ මතුවූ විරෝධය පිටුපස පවතින්නේ දූෂණ වංචා විමර්ශනයන් බව ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ පසුගිය දා ‘හිස ඔසවන ජාතිවාදයට සහ දූෂිතයන් රැකීමට එරෙහිව’ පුරවැසිබලය විසින් කැඳවූ සම්මන්ත්‍රණයේදී ප්‍රකාශ කරන ලදී.

[continue reading…]



නීතිය හදන්න කලින් ඔළුව හදමු!’ ජගත් මානව හිමිකම් දින සමරු සම්මන්ත්‍රණය දෙසැම්බර් 10 දා කොළඹදී

Dec 9th, 2016 | By
hr-s-1

68 වන ජගත් මානව හිමිකම් දිනය සැමරෙන 2016 දෙසැම්බර් 10 වන දා ‘නීතිය හදන්න කලින් ඔළුව හදමු’ යන තේමාව තේමාව යටතේ සමරු සම්මන්ත්‍රණයක් කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට ‘නිදහසේ වේදිකාව’ සහ ‘වීදියේ විරෝධය’ ප්‍රමුඛ සිවිල් සමාජ සංවිධාන එකතුව කටයුතු සංවිධානය කරයි. දෙසැම්බර් 10 සෙනසුරාදා පෙ ව 09.30 සිට ප ව 1.00

[continue reading…]



වෛරී නොවන මෛත‍්‍රී දේශපාලනයකට නීතිඥ එකමුතුව පෙළගැසේ

Nov 28th, 2014 | By
weli

දිවයින පුරා විසිරී පැතිරී සිටින ප‍්‍රගතිශීලී නීතිඥවරුන් සහ නීතිඥවරියන් 800ක පමණ සාමාජිකත්වයකින් යුක්ත නීතිඥ එකමුතුව රට තුළ නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදී සිටින සංවිධානයක් බවත්, එම අරගලයේ ඉදිරි පියවරක් ලෙස එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම හරහා නීතියේ ආධිපත්‍යය නැවත පිහිටුවීමේ ජනතා අපේක්ෂාව මල් ඵල ගන්වා

[continue reading…]



නීතිඥ වැලිඅමුණ පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබයි

Sep 14th, 2013 | By
weli

ජේ්‍යෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා 2012 පුරවැසි සාම සම්මානයෙන් පිදුම් ලබන බව ‘සමබිම’ සතුටින් නිවේදනය කරයි. පුරවැසි සාම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන්ම ලංකාවේ ප්‍රමුඛතම සාම සම්මානය වන අතර සාමය වෙනුවෙන් කැපවී කටයුතු කළ පුද්ගලයන් වෙත මෙම සම්මානය පිරිනමන්නේ ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසිනි. සැප්තැම්බර් මස 18 වන දින කොළඹදී පැවැත්වෙන සම්මාන උළෙලේදී 2012 පුරවැසි

[continue reading…]



සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම බියජනකයි: හමුදාව පාලනය කරගන්නැයි නීතිඥයෝ ආණ්ඩුවට බලකරති.

Aug 3rd, 2013 | By
ll

වස විස නැති ජලය ඉල්ලමින් උද්ඝෝෂණයක යෙදුණු නිරායුධ සිවිල් වැසියන් මරණයට පත්කරමින් සහ තුවාල සිදුකරමින් හමුදාව විසින් අගෝස්තු 1 වැනිදා වැලිවේරියේදී සිදු කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් නිවේදනයක් නිකුත් කරන ‘නීතිඥ එකමුතුව’ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ආණ්ඩුවේ රෞද්‍රභාවය තදින් හෙළා දකින බව ප්‍රකාශ කරයි. නීතිඥ එකමුතුව වෙනුවෙන් නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් අගෝස්තු 3

[continue reading…]



කැකිල්ලේ නීතිය නැවතත්…

May 10th, 2013 | By
ass

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් හැඳින්වෙන කැකිල්ලේ නීතිය නැවතත් තම අවලස්සන හිස ඔසවා ඇත. ඒ ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කොට ගෙන ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව මීට පෙර සංවාදයක් ඇති වූයේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා

[continue reading…]



වැලිඅමුණට බලය බෙදීම අමතක වෙලාද? වික්‍රමබාහු අසයි

Apr 11th, 2013 | By
r5

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපත් ධුරය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇත. මෙම යෝජනාවේ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කොට ඇත්තේ නිදහසේ වේදිකාවේද කැඳවුම්කරුවෙකු වශයෙන් කටයුතු කළ නීතිඥ ජේ. සී. වැලිඅමුණ සහ 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමට දායක වූ ආචාර්ය ජයම්පතී

[continue reading…]