Posts Tagged ‘ දිවයින ’

බලාපොරොත්තු අත් නොහරිමු …!

Oct 28th, 2016 | By
dsc_0426

“බලාපොරොත්තු අත් නොහරිමු! යුක්තිය, සාධාරණත්වය, ඉටුකරගැනීම තුලින් නැවත සිදු නොවීම” යන්න තේමා කරගනිමින්, මෙවරද “අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව” විසින් සංවිධානය කරන ලද අතුරුදන්වූවන්ගේ ජාතික දින සැමරුම් උළෙල 26 වන වරටත් සීදුව-රද්දොළුව පිහිටි “අතුරුදන්වුවගේ සිහිවටනය” අභියසදී ඊයේ (27)  උදෑසනදී පැවැත්විය. 1991 වසරේ සිට පවත්වනු ලබන අතුරුදන්වූවන් සැමරීමේ ජාතික උළෙල සඳහා දිවියින පුරා සිටින අතුරුදන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ

[continue reading…]



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



එළාරට ශාප නොකර සංහිඳියාවට පාර කපමු – හර්ෂ ගුණසේන

Sep 21st, 2016 | By
dutugamunu-history-steuart-holidays-sri-lanka

දැනට ටික කලකට පෙර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචනා කළ ‘දෙමළාගේ ප්‍රශ්නය’ නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදී ආචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ දෙමළාට මෙරට ප්‍රශ්නයක් නැතැයි කියන අයගේ මතය තර්ක කර නිශේදනය නොකළ හැකි බවත් එයට හේතුව වන්නේ එය ඔවුන්ගේ විශ්වාසය නිසා බවත්ය. අපේ ජන සමාජය තුළට මෙවැනි විශ්වාසයක් ඇතුළු වීමට එක් ප්‍රධාන හේතුවක්

[continue reading…]



අතුරුදන් කාර්යාලය පිහිටුවිමට විරුද්ධ අයට සාකච්ඡාවකට ජනපතිගෙන් ඇරයුම්.

Aug 16th, 2016 | By
09-e1436888118374

අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනතට විරෝධය පලකරන අයට තමා සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමා ආරාධනා කරණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ රුපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් පෙරේදා (13) පැවසීය. එහිදී ඔහු දැක්වූ අදහස්….. “මේ නිකම් කෑ ගහන එක තේරුමක් ඇති දෙයක් නෙමෙයි. කථානායක තුමා පාර්ලිමේන්තුවේදී කියා තිබුණා වැසිකිලියේ කරන වැඩේ කෑම මේසේ කරන්න එපා කියල.

[continue reading…]



අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය ගැන මහින්දගේ බොරු දහයට මංගල පිළිතුරු දෙයි  

Aug 8th, 2016 | By
යයයයය

මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද උගත් පාඩම් පිළිබඳ කොමිසම හා පරණගම කොමිසම වෙත උතුරේ හා දකුණේ ගැටුම් නිසා අතුරුදන්වූ දස හස් ගණනක් පවුල් පැමිණිලි ඉදිරිපත් කරන ලදි. යුද්ධය හමාරව පවතින අද දවසේ වුවද තම දූ පුතුන් අහිමි වූ මව්වරු සියලූ දුක් කන්දරාවන් දරා ගනිමින් ආණ්ඩුවේ කන්තෝරුවෙන් කන්තෝරුවට පොලීසිවලට හා හමුදා කඳවුරුවලට විස්තර සොයමින්

[continue reading…]



සංහිදියාව ගොඩනැගිම සිදුකල යුතු අකාරය පිළිබද කළුතර දිස්ත්‍රික් ජනතාව දැක්වු අදහස්

Aug 8th, 2016 | By
DSC_0289 (2464 x 1632)

රජයේ නිළධාරීන් හරහා මේ පණිවිඩය පහළට යවා ප්‍රචාරය කරන්න ඕන සචිත නන්දජිත් (ආසියානු ලංකා සමාජ සංවර්ධන ආයතනය – සභාපති) අපේ රටේ සංහිඳියාව ඇති කරන්න නම් කිසිම දේශපාලන වෙනස්වීමක් හෝ තීන්දුවක් නිසා වෙනස් නොවන ස්ථාවර ක්‍රමවේදයක් ඒ සඳහා අවශ්‍යයි. හැම කෙනෙක්ම වැඩ කරන්නේ තමන්ගේ දේශපාලන මතවාදය හා හැඟීම් එක්කයි. ඒ නිසා මේ වගේ වැඩසටහනක් බිම් මට්ටමටම

[continue reading…]



“පාලිතයාව” ආරක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.- ගාමිණී වියන්ගොඩ (හඩපටය සහිතයි)

Aug 5th, 2016 | By
13653184_337347469929868_6340946822570401489_o (1)

“මෙරටට අවශ්‍යව ඇත්තේ ජනතාව ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” බව, “පුරවැසි බලය” සංවිධානයේ සම කැඳවුම් කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසයි. නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය සංවිධානය විසින් දිවයින පුරා පවත්වමින් යන “යහපාලනයේ අනාගතය” මැයෙන්වූ සම්මන්ත්‍රණය පසුගිය 31 වනදා දෙවන වරට හලාවතදී පැවැත් වූ අවස්ථාවේ ඔහු මේ අදහස් පැවසීය. තවද, ඔහු මෙසේ අදහස් දැක්වීය. “ලංකාවට දැන් අවශ්‍ය

[continue reading…]



සංහිඳියාව සඳහා යාන්ත්‍රණ ගොඩනැගීම : සිවිල් සමාජයේ උපරිම දායකත්වය අවශ්‍යයයි. – නීතිඥ ප්‍රබෝධ රත්නායක

Jul 29th, 2016 | By
13710527_156619004763439_5163038068246148294_o

“නැගෙනහිර පළාතේ යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව අම්පාර, පොතුවිල්, අක්කරෙයිපත්තු වගේ ප්‍රදේශවල පදිංචිකරවන්න ගත්ත තීරණය පරිපාලනමය තීරණයක්. ඒ නිසා ඒ ප්‍රදේශවල තනිකරම සිංහල මුස්ලිම්, දෙමළ ගම්මාන ඇති වුණා. මේ ඉතිහාසය දන්නේ නැති සමහරු දැන් ඒ ගම් පෙන්නලා අහනවා ‘කොහොමද මෙහෙම තනිකර මුස්ලිම් ගම්මාන තියෙන්නේ’ කියලා. ඇත්තටම මේ ගම්වල ඉන්නේ යුද්ධය නිසා වින්දිත වුණ පිරිසක්…. ආගමික

[continue reading…]



ජාතික ගැටළුව යළි අවනිශ්චය වීම -දීප්ති කුමාර ගුණරත්න

Jul 29th, 2016 | By
sri_lanka_tamils_350

2015 ජනවාරි මාසයේ පිහිටුවන ලද සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම ක්‍රම ක්‍රමයෙන් අවනිශ්චය වෙමින් පවතියි. 1983 වසරේ කලු ජූලියෙන් පසු උතුරේ ගැටළුව ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය විය. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර පරස්පරය පසෙකට තල්ලු කරමින් (පන්ති අරගලය) ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටළුව මතු මහලේ අධිනිශ්චය විය. මෙම පසුබිම මත දකුණේ

[continue reading…]



උතුරේත් දකුණේත් සමහර දේශපාලකයින්ට අවශ්‍යය ජාතිවාදය අවුසන්න. – අධි නිතිඥ ලාල් විජේනායක

Jul 27th, 2016 | By
ටටට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුව තම කර්තව්‍යය සම්පූර්ණ කර වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාව දැන් ජනගත කොට ඇත. 19 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබූ මෙම මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඵල පිළිබඳව එම කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා සමඟ සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට මට අවස්ථාව

[continue reading…]