Posts Tagged ‘ දෙමළ සහ ඉංශ්‍රිසි ’

ලෝක කුසලානය දිනපු සටනේ තිරෙන් පිටුපස කතන්දරේ අවුරුදු විස්සකට පසු අර්ජුන රණතුංග කියයි

Jul 18th, 2016 | By
image

1996 කණ්ඩායම තෝරන්න කලින් 1994 දී විතර ඉඳලා ඒ වෙනුවෙන් මගේ පොඩි සැලසුමක් තිබුණා. අපිට සිම්බාබ්වේ සංචාරයක් තිබුණා. ඒ සංචාරයට පෙර (ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති) ගාමිණී දිසානායක මහත්මයා මාත් එක්ක සාකච්ඡා කරද්දි කිවුවේ ‘අර්ජුන මේ තරගය අපි වර්ල්ඞ් කප් එකට ලෑස්ති වෙන තරගාවලියක්, ඒ නිසා දිනන පරදිනවට වඩා හරියට කණ්ඩායමක් හදාගන්න’ කියලයි. ඒ මම එතුමා එක්ක කතා කරපු අන්තිම සාකච්ඡාව.
මට අවශ්‍ය වුණා දස්කම් කියන එකම බලන්නේ නැතුව කණ්ඩායමක් විදිහට එකට වැඩ කරන්න පුළුවන් දාහතර දෙනෙක් කොහොම හරි තෝරන්න. ඒකට ලොකු සහයෝගයක් මේ සියලු දෙනාම ලබලා දුන්නා. මට මතකයි අපි මුරලිදරන්ව තෝරගන්නවද කියන ප්‍රශ්නෙ පැයක් විතර තේරීම් කමිටුවේදී සාකච්ඡා කළා. ඒ කාලෙ වෙනකොට මුරලිදරන් බෝලෙ දමල ගහනවා කියල ප්‍රශ්නෙකට මුහුණ දීලා හිටියා. මම ඒ වගකීම අරගෙන කිවුවා ‘මුරලිදරන් තෝරමු’ කියල.
සාමාන්‍යයෙන් අපි තරගයක් ඉවර වෙලා කෑමකට එකට එළියට ගිහින් සාකච්ඡා කරනවා. එදා තරගය ජයග්‍රහණය කරලත් රෑ අපි සාකච්ජා කළා. එහිදී මාවන් අතපත්තු, උපුල් චන්දන, පුෂ්පකුමාර වගේ අලුත් ළමයි ටික ඇවිත් මට කියුවා “අයියේ, අපි සෙල්ලම් කරන විදිහට අපිට මේක දිනාගන්න බැරි වෙන එකක් නැහැ.” කියල. නායකයා හැටියට අනිත් අයගෙන් ප්‍රතිචාර ගන්න, ඒ අය හිතන දේ මොකක්ද කියල දැනගන්න මම කැමතියි. තරගයක් ඉවර වෙලා අපි එහෙම සාකච්ඡා කරන අවස්ථාවක නවක ක්‍රීඩකයෝ දෙන්නෙක් එහෙම කිවුවම අනිත් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන්ටත් එය වටිනවා.
එතෙක් තිබුණ සම්ප්‍රදායන් අපි වෙනස් කළා. අපේ කළමනාකාරතුමාටත් තේරීම් කමිටුවේ අයටත් අපි ‘අයියා’ කියල කතා කළේ. ඒ විදිහට ක්‍රිකට් සංස්කෘතියක් අපි වෙනස් කළා. අපේ අම්මා තාත්තා අපිව හැදුවේ රටේ තිබුණ සංස්කෘතියත් එක්ක. ක්‍රිකට්වලට ගියාම මට තේරුණා එතන තිබුණේ අපේ දේ නෙවෙයි කියල. අපේ අනන්‍යතාවත්, අපේම සංස්කෘතියක් පිළිබඳ සාකච්ඡාවක් සමඟ ඒ සංස්කෘතිය වෙනස් කරන්න අපිට හැකි වුණා,
තරගේ දවසේ හරි අපුරු වැඩක් වුණා. හෝටලේදි මම උදේ කෑම ගන්න පහළට ගියා. ඒ වෙලාවේ රොෂානුයි (මහානම ) හෂානුයි (තිලකරත්න ) හැර අපේ කවුරුවත් හිටියේ නැහැ. ඔස්ට්‍රේලියානු කණ්ඩායම හොඳට ඇඳ පැළඳගෙන ඔලුවවත් උස්සන්නේ නැතුව සීරියස් පෙනුමකින් එක පෙළට වාඩි වෙලා හිටියා. . මම රොෂාන්ගෙන් ඇහුවා “කෝ අපේ ළමයි ටික?” කියල.
——————————————————————————————————————————————————————————-



මාර්තු 12 ප්‍රකාශනය

Jul 17th, 2015 | By
march-12

මාර්තු 12 ව්‍යාපාරය විසින් සම්පාදනය කල මාර්තු 12 ප්‍රකාශනය සිංහල,දෙමළ සහ ඉංශ්‍රිසි භාෂා මගින් දැන් ඔබට පහතින් ලබා ගත හැක.