Posts Tagged ‘ දේශපාලන ’

දැලි පිහියෙන් කිරි කන ආණ්ඩුවට GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි

Apr 28th, 2017 | By
EU-parliament

GSP+ සහනය දෙන්න යුරෝපා පාර්ලිමේන්තුව එකඟ වෙයි. “436ක් පක්ෂයි:  119ක් විරුද්ධයි:  වැඩි ඡන්ද 325යි” අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්තවාදී පනතට අදාළ නීතිමය රාමුව අප්‍රේල් 25 දා ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට ඇත. එසේ අනුමත කරන ලද කෙටුම්පත් ඒ වහාම බෙල්ජියමෙහි බ්‍රසල්ස්

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි? _ 2

Apr 28th, 2017 | By
jr-jayawardene

චන්ද්‍රිකා, මහින්ද ජේ.ආර්ගේ පාරේ ගිය හැටි අප්‍රේල් 09 ඉරිදා‘සමබිම’ සමග සබැඳේ.. 1982 දී එක්සත් ජාතික පක්ෂය ජනමත විචාරණයක් පවත්වන්නේ ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයේ ජනවරම මත පදනම්ව පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර හයකින් දීර්ඝ කරගැනීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය 2/3 ක විශේෂ බහුතර බලය ඒ වන විට ආණ්ඩුවට තිබුණත්, 2 වන ජනරජ ව්‍යවස්ථාව මගින් ඇති කළ සමානුපාතික නියෝජන ක්‍රමය මත පවත්වන පාර්ලිමේන්තු ඡන්දයකදී එම ශක්තිය

[continue reading…]



අලු‍ත් ව්‍යවස්ථාව හදන්න මෙච්චර අමාරු ඇයි?

Apr 18th, 2017 | By
slone_mayweather_guerrero

ආණ්ඩුව බලයට පත්වූ පසු න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම තිබූ කරුණ වන්නේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම යැයි කිව හැකිය. 1970 බලයට පත්වූ සමගි පෙරමුණ ආණ්ඩුව 1971 අප්‍රේල් මාසයේ කැරැල්ලකට මුහුණ දීමෙන් පසුවද, 1972 මැයි මස 22 දින වන විට පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නා ලදී. 1977 ජූලි මස බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 1978

[continue reading…]



පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙන ග්‍රහලෝකෙක අයද?

Apr 4th, 2017 | By
DSC_0062

පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය මාර්තු 13වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන්  දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ මාර්තු 12 ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සාමාජික මන්ත්‍රී මයිල්වානගම් තිලකරාජ්ගේ අදහස් දැක්වීම ආශ්‍රයෙන් සැකසු ලිපියකි. මගේ නම මයිල්වාගනම් තිලකරාජ් වුවත් ගමේ පිරිස් මන්ත්‍රීවරු මේ සියලු‍ දෙනාම මට කතා කරන්නේ තිලක් කියල. මම හෝඩියේ සිට සිංහල මාධයෙන් අධ්‍යාපනය

[continue reading…]



දෙලොවක් අතර සංක්‍රාන්ති සමය

Apr 3rd, 2017 | By
Alan-Keenan-300x261

ඇලන් කීනන් ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම හෙවත් (International Crisis Group) ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් හි ජ්‍යෙෂ්ඨ විශ්ලේෂකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂවරයාද වෙයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගැනෙන ඇලන්  Sri Lanka Transition Of Now where නමින් ලියන ලද ලිපියක් ද ඩිප්ලොමැට් (The Diplomat) සඟරාවෙහි පළ විය. එම ලිපිය ආශ්‍රයෙන් මෙම පරිවර්තනය “සමබිම ඉරිදා සංග්‍රහය” වෙනුවෙන්

[continue reading…]



ජාතිවාදයෙන් අත්මිදෙමු: පාසල් වලින් ඇසෙන සාධු ජනරාවය

Mar 27th, 2017 | By
Bandara

“යුද්ධය අපේ ජීවිත උඩු යටිකුරු කළ බවත්, ජීවිතවල හැඩතල සහ නම් ගම් පවා වෙනස්කල බවත්, ආදරය, ප්‍රේමය, මනුස්සකම අපෙන් ඈත් කළ බවත් ඒවා නැවත අප හදවත්වල දළු ඉතිලා වැඩෙන්නට ඉඩකඩ ලබා දිය යුතු බවත් ගීතය ඇසුරෙන් අප ගුරුවරුන්ට පැහැදිලි කළා. එහිදී නැවත ලේ වැගිරීමක් ඇති නොවීමට නම් දෙමළ ජනතාව බලයේ කොටස්කරුවන් බවට පත් කර ගත

[continue reading…]



ජීවත් වීමට බිම්කඩක් මිස ගොඩ පෙරකදෝරුකම් අවශ්‍ය නොවේ!

Mar 27th, 2017 | By
article-doc-fq97m-4N1PgJL5lz5cf0f313acf2ee8d2e-260_634x424

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් පිළිබඳ වාර්ෂික සමුළුව හෙවත් ජනප‍්‍රිය ව්‍යවහාරය තුළ 34 වැනි ජිනීවා සමුළුව 2017 පෙබරවාරි 27 වන දින ආරම්භ විය. ඇත්තෙන්ම මෙය ලංකාවෙහි සෑම වසරකම දෙමළ දේශපාලනය මහත් අපේක්ෂා දල්වා සිටින අවස්ථාවක් බවට මෑත කාලය තුළ පත්ව ඇත. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධමය වකවානුවෙහි මුළු දෙමළ දේශපාලනයම මෙම මාතෘකාව කෙරෙහි දක්වන උනන්දුව අතිමහත්ය. එක්

[continue reading…]



ජිනීවා නුවරදී ආණ්ඩුව ඇන ගත්තාද? පැන ගත්තාද?

Mar 24th, 2017 | By
????????????????????????????????????

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම 2. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පණ ගැන්වීම 3. අලු‍ත් ත්‍රස්ත විරෝධී නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම 4. සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම 5. හමුදාව සන්තකයේ පවතින ඉඩම් සිවිල් වැසියන් වෙත මුදා හැරීම අඛණ්ඩව සිදු කිරීම 6. අන්තර්ජාතික බැඳීම් අනුව තවදුරටත් ඉටු කළ යුතුව ඇති වගකීම් සියල්ල ක්‍රියාත්මක කිරීම මගින් කල් පවත්නා සාමයක් ඇති කරගැනීම උදෙසා පහත සඳහන් ප්‍රතිසංස්කරණ වලට මුල් තැන දෙන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. ඉහත කී කථාව කියන්නට

[continue reading…]



GSP+ ලංකාවට ආයෙ දුන්නෙ ඇයි?

Mar 22nd, 2017 | By
gsp-plus

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය 2017 මාර්තු 13 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ මගින් ජාතිය විනාශ වීම යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එතුමාගේ ප්‍රකාශය අසත්‍ය, විකෘති කරන ලද

[continue reading…]



terminator සහ සිවිල් සමාජය

Mar 20th, 2017 | By
Vlpo_O

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ගැලවුම්කරු වීමට නියමිත ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ඝාතනය කිරීම සඳහා අනාගතයේ සිට එවා ඇති දුෂ්ට ඝාතකයා වන, ද්‍රවමය වානේ වලින් සාදන ලද ටී 1000 නම් දියුණු යාන්ත්‍රික මිනිසා විනාශ කොට ජෝන් ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසෙන්නේ අනාගතයේ සිටම එවා ඇති දියුණුවෙන් අඩු ටී 800 වර්ගයේ තවත් යාන්ත්‍රික මිනිසෙකි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය

[continue reading…]