Posts Tagged ‘ දේශපාලනය ’

යහපාලන බස් එක

Mar 30th, 2015 | By
hy6

බස් නැවතුම්පළේ ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇති කාලසටහන අනුව නම් මේ වන විට බස් රථය පිටත් වී හමාර විය යුතු වුවත් එය තවමත් එන පාටක් නැත. තම ගමන ආරම්භ කිරීම සඳහා මගීන් බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. පෞද්ගලික බස් කොම්පැනියක් සතුව තිබූ මගී ප‍්‍රවාහන බස් රථ සේවය ‘ජනසතු’ කිරීම නිසා මගීන් තුළ ඇතිව තිබුණේ මහත් උද්යෝගයකි. බස්

[continue reading…]



දරුණුම අන්තරාය පැමිණෙන්නේ ඇතුළතිනි

Jan 5th, 2015 | By
gder

තම පරම සතුරාවූ සන්තාදියෝ පවුල අනුකම්පා විරහිත ලෙස සමූලඝාතනය කිරීමෙන් අනතුරුව ක්ලරිකුසියෝ පවුලේ පීතෘමූලිකයා වන දොන් දොමිනිකෝ ක්ලරිකුසියෝ ඇමරිකානු පාතාල ලෝකයේ ඔටුණු නොපලන් රජු බවට පත්වේ. සන්තාදියෝවරුන් සතුව තිබූ අපරාධ සංවිධානය සහ එහි වත්කම් ක්ලරිකුසියෝවරුන් වෙත ද්විත්ව බලයක් පැවැති කාලයේ සන්තාදියෝවරුන්ගේ බලපෑම යටතේ සිටි බෘග්ලියෝනිවරුන් හෙවත් අනු නායකයන් සමූලඝාතනයෙන් අනතුරුව එක පැහැරම ක්ලරිකුසියෝවරුන්ගේ පැත්තට එකතු

[continue reading…]



18+ මේ ඔබේ පළමු ඡන්දයයි – එයට වටිනාකමක් එකතු කරන්න

Jan 5th, 2015 | By
vvv

රටේ පාලනය ගැන ඔබේ අදහස කියන පළමු වතාව මෙය ද? එහෙනම් අපි එයට වටිනාකමක් දෙමු. 2015 ජනවාරි 8දා ඔබ ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු ලෙස පළමු වතාවට ඔබේ පරමාධිපත්‍යය පාවිච්චි කරනවා. මේ දේශපාලන ක‍්‍රමයත්, රට හොබවන නායකයෝත් ඔබේ උනන්දුව නැති කර දමා තිබිය හැකියි. ඒත්, ඔබේ පළමු ඡන්දය කියන්නේ සැමරිය යුතු අවස්ථාවකි. පැය කීපයක කාලයක් තුළ දේශපාලකයන්

[continue reading…]



වෙනසක් සඳහා කාන්තාවන් පෙළගැස්වීමේ අභියෝගය – කාන්තා දේශපාලන පීඨයේ අධ්‍යක්ෂිකා ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Jan 2nd, 2015 | By
nimalka

ජනාධිපතිවරණය සඳහා තව ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු දින ගණනකි. මෙම ජනාධිපතිවරණයේදී විපක්ෂික බලවේගවල ප‍්‍රධාන තේමාව වෙනසක් ඇති කිරීමයි. එහිදී විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල සීමා කොට, ස්වාධීන කොමිසන් සභා නැවත පිහිටුවා යහපාලනය ඇති කිරීම මූලික සටන් පාඨය බවට පත්ව ඇති අතර, පීඩිත පන්තියේ, සුළුතර ජන වර්ගයන්ගේ, සුළුතර ආගමිකයන්ගේ, අනතුරාසන්න සහ ආන්තිකකරණය වූ ජන කොටස්වල

[continue reading…]



රාජනි තිරාණගම සමරුව සහ පශ්චාත් යුද්ධ කාලීන දෙමළ සමාජයෙහි බුද්ධිමය අවකාශය

Nov 25th, 2014 | By
rj

සාමිනාදන් විමල් බිඳුණු තල් රුක කෘතියෙන් සිංහල සමාජය තුළට ප‍්‍රවේශ වූ රාජනි තිරාණගම ඝාතනය වීමටත් එම කෘතිය හේතු බව බොහො දෙනෙක් දන්නා කරුණක්. රාජනි ඝාතනයට ලක් ව අවුරුදු විසිපහක් පිරෙන දිනය සැමරීමට යාපනයෙහි සැප්තැම්බර් මස 20 සහ 21 යන දවස්වල වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. අවුරුදු විසිපහක් කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආයු කාලයෙන් තුනෙන් එකක පමණ

[continue reading…]



බෙදුම්වාදය ඡන්දයෙන් පැරදවීම

Sep 30th, 2014 | By
SCC

ස්කොට්ලන්තය යනුවෙන් රටක් තිබේද? එවන් රටක් බිහිවීමට ඔන්න මෙන්න කියා තිබුණත් සැප්තැම්බර් 18 වනදා එවන් රටක් නැති බවට තීරණය විය. වැදගත් කරුණ වන්නේ එසේ තීරණය කරන ලද්දේ ස්කොට් ජාතිකයන් විසින්ම වීමය. ස්කොට්ලන්තය යනු එය සහ එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය යන සංරචක හතරෙන් සමන්විත වූ එක්සත් රාජධානියේ කොටසකි. ස්වයං පාලන බලතල සහිත ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප‍්‍රධාන ධාරාවේ

[continue reading…]



දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම

Mar 7th, 2014 | By
211

රයිට්ස් නව් සාමූහිකය සහ ‛සමබිම’ ඇන්ටිගනී කණ්ඩායම ඇතුළු සිවිල් සමාජ සහ කාන්තා ක්‍රියාකාරීන් හා එක්ව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ කාන්තා සමුළුව විසින් ‛දේශපාලනය තුළ කාන්තා හඬ බලගැන්වීම’ යන තේමාව ඔස්සේ සංවාද මණ්ඩපයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. විවිධ පක්ෂවලින් මෙවර පළාත් සභා මැතිවරණයට තරග වදින කාන්තා අපේක්ෂිකාවන් සහ කාන්තා ක්‍රියාධරිනියන් අතර සංවාදයක් ඇති කොට කාන්තාවන්ට බලපාන

[continue reading…]



කබරගොයා තලගොයා වීම: 78 ව්‍යවස්ථාව ගැන ශ්‍රී ලංකාකාරයෙකුගෙන් ජේ.ආර්ට සහතිකයක්

Feb 14th, 2014 | By
jrr

අප හිතවත් නීතිඥයකු වන සිසිර වීරසූරිය මහතා නිවැරදි ප්‍රශ්නයක් අසයි. ඔහු අසන්නේ ‘වෙනස් විය යුත්තේ ව්‍යවස්ථාවද දේශපාලන ක්‍රමයද?’ කියාය. බොහෝ දෙනා ව්‍යවස්ථාව අල්ලාගෙන දඟලන අතර අපේ මතයද වන්නේ වෙනස් කළ යුත්තේ දේශපාලන ක්‍රමය බවයි. එහෙත් එම ප්‍රශ්නයට සිසිර දෙන උත්තරය හරි වුවත් විග්‍රහය වැරදිය. ඔහු 1978 ව්‍යවස්ථාවේ වගන්ති දෙස බලා අවා 1972 ව්‍යවස්ථාව සමග සංසන්දනය

[continue reading…]



උතුරු ඡන්දයේ ජය කාටද?: සාමිනාදන් විමල්ගේ විග්‍රහය

Sep 17th, 2013 | By
northelec

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයෙහි උණුසුම මේ වන විට වැඩිවෙමින් පවතියි. යුද්ධයෙන් පසුව උතුරෙහි පැවැත්වෙන මැතිවරණ අතරින් වඩාත් විශාල ලෙසින් මැතිවරණ සංස්කෘතියෙහි වෙනසක් පෙන්වන මැතිවරණයක් බවට මේ වනවිටත් උතුරේ මැතිවරණය පත්වෙමින් තිබෙයි. මෙය තේරුම්ගත හැකි වන්නේ මෙයට පෙර විශේෂයෙන්ම යුද්ධමය පරිසරයක මැතිවරණ පැවැති ආකාරය සහ වර්තමානය සන්සන්දනය කිරීමෙන්ය. යුද්ධමය වාතාවරණයක් උතුරුකරයෙහි

[continue reading…]



අන්තිමේදී ලංකාව චීනෙට සින්න වෙයිද?

Sep 6th, 2013 | By
china

2005 ජනාධිපතිවරණය පැවැත්වුණේ බල කඳවුරු දෙකක් අතරය. එක් පැත්තකින් රට බෙදන හා රට විකුණන ප්‍රතිගාමී, ෆෙඩරල්වාදී, අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදී, දේශද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. අනෙක් පැත්තෙන් රට නොවිකුණන, රට නොබෙදන, ප්‍රගතිශිලී, ඒකීයවාදී, අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂය. එකල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූවන් අතර කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී.

[continue reading…]