Posts Tagged ‘ ප්‍රජාතන්ත්‍රවාදය ’

පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙන ග්‍රහලෝකෙක අයද?

Apr 4th, 2017 | By
DSC_0062

පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය මාර්තු 13වන දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන්  දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ මාර්තු 12 ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සාමාජික මන්ත්‍රී මයිල්වානගම් තිලකරාජ්ගේ අදහස් දැක්වීම ආශ්‍රයෙන් සැකසු ලිපියකි. මගේ නම මයිල්වාගනම් තිලකරාජ් වුවත් ගමේ පිරිස් මන්ත්‍රීවරු මේ සියලු‍ දෙනාම මට කතා කරන්නේ තිලක් කියල. මම හෝඩියේ සිට සිංහල මාධයෙන් අධ්‍යාපනය

[continue reading…]



ජීවත් වීමට බිම්කඩක් මිස ගොඩ පෙරකදෝරුකම් අවශ්‍ය නොවේ!

Mar 27th, 2017 | By
article-doc-fq97m-4N1PgJL5lz5cf0f313acf2ee8d2e-260_634x424

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් පිළිබඳ වාර්ෂික සමුළුව හෙවත් ජනප‍්‍රිය ව්‍යවහාරය තුළ 34 වැනි ජිනීවා සමුළුව 2017 පෙබරවාරි 27 වන දින ආරම්භ විය. ඇත්තෙන්ම මෙය ලංකාවෙහි සෑම වසරකම දෙමළ දේශපාලනය මහත් අපේක්ෂා දල්වා සිටින අවස්ථාවක් බවට මෑත කාලය තුළ පත්ව ඇත. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධමය වකවානුවෙහි මුළු දෙමළ දේශපාලනයම මෙම මාතෘකාව කෙරෙහි දක්වන උනන්දුව අතිමහත්ය. එක්

[continue reading…]



GSP+ ලංකාවට ආයෙ දුන්නෙ ඇයි?

Mar 22nd, 2017 | By
gsp-plus

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය 2017 මාර්තු 13 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ මගින් ජාතිය විනාශ වීම යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එතුමාගේ ප්‍රකාශය අසත්‍ය, විකෘති කරන ලද

[continue reading…]



terminator සහ සිවිල් සමාජය

Mar 20th, 2017 | By
Vlpo_O

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ගැලවුම්කරු වීමට නියමිත ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ඝාතනය කිරීම සඳහා අනාගතයේ සිට එවා ඇති දුෂ්ට ඝාතකයා වන, ද්‍රවමය වානේ වලින් සාදන ලද ටී 1000 නම් දියුණු යාන්ත්‍රික මිනිසා විනාශ කොට ජෝන් ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසෙන්නේ අනාගතයේ සිටම එවා ඇති දියුණුවෙන් අඩු ටී 800 වර්ගයේ තවත් යාන්ත්‍රික මිනිසෙකි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය

[continue reading…]



එළකිරි න්‍යාය- රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර

Jan 5th, 2017 | By
15427786-farmer-standing-in-front-of-cow-herd-with-bottles-of-milk-stock-photo

අද මෙතන හොද්දට ඕන කරන හැම බඩුවක්ම තියෙන නිසා හොද්ද ගොඩක් රස වෙයි කියල මම හිතනවා. මෙතන ඉන්නවා පරිපාලන සේවයේ අය, ඒ වගේම ගණකාධිකාරී සේවයේ අය, ක්‍රම සම්පාදන සේවයේ අය, නීති ශිෂ්‍යයෝ, නීතීඥයෝ, වෙනස් සමාජ ක්‍රියාකාරිකයින්, සිංහල දෙමළ ජන කොටස්, ව්‍යාපාරිකයින්, කුඩා ව්‍යාපාර නියෝජිතයින්, ජනමාධ්‍යවේදීන් මේ හැම දෙනාම අද මෙතන ඉන්නවා. අද හොද්ද හොඳට හදා

[continue reading…]



වෙරළු මල් ඉහිරි සුවඳ දෙයි රිදී තිරයේ

Nov 24th, 2016 | By
frangipani-32

විසාකේස චන්ද්‍රසේකරම් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකි; සමකාමී ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල හඬක් නගන මානව හිමිකම් ක්‍රියාධරයෙකි. රජ සහ ඝාතකයා කෘතියේ රචකයා වන විසාකේසගේ පළමු සිනමා අත්දැකීම “ෆැන්ජිපැනි” හෙවත් “සයපෙති කුසුම” නමින් මේ වන විට ලංකාවේ සිනමාහල්වල තිරගත වේ. මේ ඒ පිළිබඳ ඔහු සමඟින් සමබිම සිදු කළ සාකච්ඡාවකි. සාකච්ඡා කළේ ජයනි අබේසේකර සමකාමී අයිතීන්, සම සෙනෙහස පසුබිම්

[continue reading…]



පුංචි ඡන්දෙ – ඇයි පරක්කු? -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Nov 23rd, 2016 | By
punchi-copy

පළාත් පාලන ඡන්දය කල් යාම රටේ විවාදාත්මක මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. ඡන්ද මේ විදියට කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නේද? සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්ද පැවැත්වීමෙන් නියෝජිතයෝ තෝරා ගැනීම සිදු වෙනවා. සෛද්ධාන්තිකව බැලූ විට ඡන්ද කල් යාම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්. නමුත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ගත්තාම එම ප්‍රශ්නය සංකීර්ණයි. ඉස්සර තිබුණේ ගම්සභා, සුළු නගර සභා, නගර සභා

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



ඡන්දයට කළ හැක්කේ කුමක්ද ? දීප්ති කුමාර ගුණරත්න

Oct 5th, 2016 | By
Person voting

යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ – පියාගේ ලක්ෂණ සහිත සමාජය 2015 වර්ෂයේදී නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වර්ෂයක කාලයක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වූ පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක්

[continue reading…]



සමාජවාදී රටක ධනවාදී ‘පොකට්’ බිහිකිරීම -සුදර්ශන ගුණවර්ධන

Sep 24th, 2016 | By
jr-jayewardene

සති කීපයකට පෙර මහාචාර්ය කුමාර් ඩේවිඞ් මහතා මා සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ රනිල්- සිරිසේන ආර්ථික වැඩපිළිවෙළට තම විවේචනාත්මක සහය ලබා දෙන බවයි. එහිදී ඔහුගේ විවේචනයට ලක්වූයේ නිෂ්පාදනය ගොඩනගන්නට වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නායකයන් තුළ නොමැති බවයි. මෙම පාලකයන් තවමත් ජේ. ආර්. ජයවර්ධන විසින් හඳුන්වා දුන් මොඩලයෙහි සිරවී සිටින බව ඔහුගේ විවේචනය

[continue reading…]