Posts Tagged ‘ ප්‍රතිසන්ධානය ’

කොයිතරම් සීතලද මේ උණු කඳුළු බින්දුවක්

Mar 13th, 2017 | By
tamil_woman_crying

යුද්ධයක ඇවෑමෙන් හිස්ව ගිය මුඩු බිමක් සේ වන මිනිස් සිත් සතන් යළි අස්වැද්දිය යුතු කාලය එළැඹ ඇත. එය එකිනෙකා කෙරෙහි නොසන්සිඳෙන පේ‍්‍රමයෙන්ද දයාවෙන්ද පුරවාලිය යුතුව ඇත. ප‍්‍රවීණ ගායන ශිල්පී ජයතිලක බණ්ඩාරයන්ගේ ගීතයන් එ් මුඩු බිමට පිනි ඉසින්නේය. ඔහුගේ ගීත පිිටුපස සැඟවී තිබෙන්නේ යුද්ධයෙන් බැට කෑ අපේම වේදනාවන්ය; මෙරට මව්වරුන් පියවරු හෙලූ කඳුළුය. ලෙයින් තෙත් වූ

[continue reading…]



“නීතිය වෙනුවට ඔළුව හදමු”

Dec 21st, 2016 | By
15419754_1347995531910573_4770985489467340977_o

මානව හිමිකම් දින සැමරුම් තබා මානව හිමිකම් යන්න පවා පුරවැසියාගෙන් දුරස්ථව පැවති යුගයකින් පැන නැඟී වඩා නිදහස්ව හා බියෙන් තොරව ස්වකීය හිමිකම් ගැන කතා කරන්නට පුරවැසියාට අද ලැබී ඇත්තේ පුළුල් අවකාශයක්ය යන්න අප පිළිගත යුතු සත්‍යයක්ව ඇත්තෙමු. 2015 ජනවාරි 8 වැනිදා මෙරට දේශපාලනික වශයෙන් සිදු වූ වෙනස, පොදු ජනයාගේ අයිතිවාසිකම් දිගු කලක් තිස්සේ අහිමි කිරීමේ

[continue reading…]



දේශපාලනයේදී චණ්ඩි සංස්කෘතිය ඉල්ලන්නෙත් එපා කියන්නෙත් මහජනයාමයි | කම්කරු ජාතික සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් (පා.ම) මයිල්වාගනම් තිලකරාජා

Dec 19th, 2016 | By
dsc_0314

1979 දී හෝඩියේ පංතියට ගියාම ඉගෙනගන්න පටන් ගත්තේ දෙමළ භාෂාවෙන්. ඒත් 1980 දී තාත්තා තීරණය කරනවා මේ රටේ සිංහලෙන් ඉගෙන ගත්තොත් හොඳයි කියල. ඒ අනුව මගේ අක්කලා සිංහල ඉස්කෝලෙට දානවා. 1983 කලබල කාලෙදි මම සිංහල ඉස්කෝලෙ තුන වසරේ ඉන්නේ. දෙමළ සිංහල ප්‍රශ්නෙ අපේ ඉස්කෝලෙත් තිබුණා. ‘පර දෙමළු’ කියල සිංහල ළමයෙක් මට බැන්නා. මම එයාට ගහනවා.

[continue reading…]



නීතිය හදන්න කලින් ඔළුව හදාගන්න මානව හිමිකම් දිනයේදී කොළඹට ආ මිනිස්සු සහ ගැහැණු

Dec 14th, 2016 | By
dsc_0280

විධායක ජනාධිපති ධුරය අහෝසිකිරීම, ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලතල බෙදා හදා ගන්නා දේශපාලන විසඳුමක් ඇති කිරීම සහ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සටන් වදිමු යන තේමාව ඔස්සේ ජගත් මානව හිමිකම් දිනය සමරනු වස් පැමිණි සිවිල් සමාජ සාමාජික සාමාජිකාවන්ගෙන් කොළඔ මහවැලි කේන්ද්‍රය පිරීඉතිරී ගියේය. ඒ 2016 දෙසැම්බර් 10 වන දිනය. සභාවේ මුලසුන

[continue reading…]



සනත් ජයසූරිය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: සෝ ක්ලෝස්; සෝ ෆාර්

Dec 9th, 2016 | By
new-constitution2

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය දෙවන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධයක් ගොඩනැගූහ. කාගේත් නෙත් සිත් යොමුව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ලකුණු 375ක් ලබමින් තබා තිබූ ලෝක වාර්තාව සනත් ජයසූරිය

[continue reading…]



තොරතුරු පනතේ තොරතුරු විමසමු …! – 2 කොටස

Dec 7th, 2016 | By
rti

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා වූ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පසුගිය අගෝස්තු 04 දා සම්මත විය. එම පනතේ සඳහන් අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳව කොටස් වශයෙන් පළ කෙරෙන ලිපි මාලාවේ දෙවැනි කොටසයි මේ. පලමු කොටස කියවිමට මෙතනින් යන්න පනතේ පස්වන පරිච්ඡේදයේ සඳහන් වන තොරතුරු ලබා ගැනීමේ කාර්යයේදී

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



අප කෙසේ හෝ මේ ආර්ථික අභියෝගය ජය ගත යුතුයි..! අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි කියයි

Nov 1st, 2016 | By
hqdefault

යහපාලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුවේ අය වැය ගෙන ඒමට පෙර රට ආර්ථික වශයෙන් සංවර්ධන කිරීමෙහිලා ඉදිරියේදී කරන්නට බලාපොරොත්තුවන දෑ පිළිබඳව සාරගර්භ දේශනයක් කිරීම පසුගිය වසරේදී ආරම්භ කෙළේය. මේ වසරේදී ද එය ඉදිරියට ගෙන යමින් පසුගිය 27 වෙනිදා ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඉදිරි ආර්ථක දැක්ම සම්පූර්ණයෙන් මෙසේය.  ගරු කතානායකතුමනි,  රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය, අපේ

[continue reading…]



බලාපොරොත්තු අත් නොහරිමු …!

Oct 28th, 2016 | By
dsc_0426

“බලාපොරොත්තු අත් නොහරිමු! යුක්තිය, සාධාරණත්වය, ඉටුකරගැනීම තුලින් නැවත සිදු නොවීම” යන්න තේමා කරගනිමින්, මෙවරද “අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව” විසින් සංවිධානය කරන ලද අතුරුදන්වූවන්ගේ ජාතික දින සැමරුම් උළෙල 26 වන වරටත් සීදුව-රද්දොළුව පිහිටි “අතුරුදන්වුවගේ සිහිවටනය” අභියසදී ඊයේ (27)  උදෑසනදී පැවැත්විය. 1991 වසරේ සිට පවත්වනු ලබන අතුරුදන්වූවන් සැමරීමේ ජාතික උළෙල සඳහා දිවියින පුරා සිටින අතුරුදන්වුවන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ

[continue reading…]



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]