Posts Tagged ‘ ප්‍රබෝධ චින්තක රත්නායක ’

දූෂිතයන්ට දඩුවම් කිරීමද? ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණද? – ආණ්ඩුවේ උභතෝකෝටිකය

Feb 27th, 2015 | By
ffsaq12

ගෙවී ගිය වකවානු තුළ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දා වූ ක‍්‍රියාවන්හි හොද නරක පිළිබදව කිසිදු ප‍්‍රශ්න කිරීමකට රටේ පොදු ජනතාව ඉදිරිපත් නොවූයේ එම ප‍්‍රශ්න කිරීම සමහර විට ජීවිත තර්ජනයකට හේතු වීමත් එසේ නොවුවත් ලැබෙන පිළිතුරු පිළිබදව විශ්වාසයක් තැබීමට නොහැකි වීමත් නිසාවෙනි. එහෙත් පසුගිය ආණ්ඩු පෙරළියත් සමගම එම සීමා මායිම් වලින් යම් තරමකින් අත් මිදුනු ආණ්ඩු

[continue reading…]



මේ ජීවිතවල තව නාය යන්නේ මොනවද?

Nov 7th, 2014 | By
1d

ප‍්‍රබෝධ රත්නායක හල්දුම්මුල්ල නාය යාම සුනාමියෙන් පසු ලංකාවේ සිදුවූ බලවත්ම ස්වභාවික ව්‍යසනය වන අතර රට අභ්‍යන්තරයේදී මෙපමණ ජීවිත ගණනක් හානිවූ ව්‍යසනයක් මීට පෙර සිදුව නැත. මේ වන විට මෙම සිදුවීම සුපුරුදු පරිදිම පාර්ශ්වයන් කිහිපයක බල ව්‍යාපෘතියක් බවට පත්වෙමින් ඇත. හානියට පත්වූ බහුතරය දෙමළ ජනතාව වීම නිසා 2009දී කිරිබත් කෑ බොහෝ දෙනෙකුට සිය හෘදසාක්ෂිය මෙමගින් සුවකර

[continue reading…]



පොදු අපේක්ෂකයා ජාතික ප්‍රශ්නය ගැන කථාකළොත් ඡන්ද කැඩෙන බව කිව්වාම අපි ෂොක් වුණා

Jun 6th, 2014 | By
f1w2

දකුණේ සමාජය ආණ්ඩුවටත් වඩා ජාතිවාදීද? විකල්ප වෙබි අඩවිය විසින් ‛යුද්ධයෙන් වසර 5කට පසු’ නම් විශේෂ සංස්කරණය එළි දක්වන ලද්දේ එම වෙබ් අඩවිය හා බැඳි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය. මෙම විශේෂ සංස්කරණයට පෙරවදනක් ලියන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියන්නේ ‛‛පශ්චාත් යුද ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහගත සාමය, වගවීම, සාධාරණත්වය

[continue reading…]



මිනිස් සමාජය,සිවිල් සමාජය සහ දේශපාලන සමාජය

May 28th, 2014 | By
123

[ප්‍රබෝධ චින්තක රත්නායක] මතුපිටින් බැලූ විට ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට අනුව වරදින සියලු දේටම හේතුව දේශපාලකයාය. දේශපාලකයින්ට අනුව සාමාන්‍ය ජනතාව බුද්ධිමත්ය, වැඩ වරදින්නේ නිලධාරීන් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසාය. සිවිල් සමාජයට අනුව හොඳ ජනතාවක් සිටින ජනතාව නරක් කරන්නේ දේශපාලකයින්ය.  ප්‍රශ්නය ඇත්තේ නීතිය ගැන, යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔවුන් දැනුවත් නොවීමයි. ඔවුන්ව දැනුවත් කළොත් ප්‍රශ්න විසඳේ. තවත් ලෙසකින්

[continue reading…]



යුද්ධයෙන් වසර පහක් විකල්ප ඇසින්

May 21st, 2014 | By
34ht6

විකල්ප වෙබි අඩවිය විසින් යුද්ධයෙන් වසර 5කට පසු විශේෂ සංස්කරණය එළි දක්වා ඇති අතර එය පළකරන්නේ  විකල්ප වෙබ් අඩවිය හා බැදි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය. විශේෂයෙන් පශ්චාත් යුද ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහගත සාමය, වගවීම,සාධාරණත්වය සහ ආර්ථික තත්ත්වයන් වැනි දිශානතීන් ඔස්සේ ඒ ඒ ලේඛකයන්ගේ අදහස් මෙම විශේෂ සංස්කරණයට එක්වෙයි. මෙම විශේෂ සංස්කරණය සදහා මෙතැනින් පිවිසිය

[continue reading…]



රට බල්ලට ගිය තැනින් වැඩ පටන් ගැනීම

Feb 17th, 2014 | By
dods

වේයන්ගොඩ ගුවන් පාලම විවෘත කිරීම සඳහා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය කතාව පවත්වමින් ප්‍රශ්න කිහිපයක් අසන ලදී. ආණ්ඩුව යුද්ධයෙන් දිනපු නිසා නේද දැන් මාස හයෙන් හයට ජිනීවා ගිහින් මානව හිමිකම් ගැන උත්තර දෙන්න සිද්ධවෙලා තියෙන්නේ? යුද්ධය තියෙන කාලයේ ඔය කවුරුත් මානව හිමිකම් ගැන කතා කළේ නැහැ නේද?  ආණ්ඩුව කුඩු අල්ලපු නිසා නේද රට කුඩු කේන්ද්‍රස්ථානය

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



ශරීරයක් සොයන ඒලියන්වරු මාතර යුද්ධය සහ දයා(න්) මාස්ටර්ගේ ගුග්ලි

Oct 18th, 2013 | By
gt

ඉදිරිපත් කරන භාෂා විලාශයේ නිරවුල් භාවය නිසා බොහෝ දෙනෙකු සිතන්නේ දයාන් ජයතිලක මහතාගේ දේශපාලන විග්‍රහයද නිරවුල් බවයි. එහෙත් දයාන් ජයතිලක මහතා සැබැවින්ම කරන්නේ ඉතාම අවුල් සහගත දේශපාලන විග්‍රහයක් නිරවුල් බස් වහරකින් ඉදිරිපත් කිරීමකි. යුද සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන්ද, පශ්චාත් යුද සමයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, ලංකා ආණ්ඩුවේ

[continue reading…]



වේදනා විඳින ගායකයෙකු සොයාගත නොහැකිවීමේ වේදනාව

Oct 15th, 2013 | By
jayantha

කලාකරුවන් තුළ අනෙකාගේ දුක දැනෙන එයින් විදවන මනුෂ්‍ය ආත්මයක් පවතින බවත් කලාකරුවන්ගේ කලා කෘති යනු එම ආත්මයේ වේදනාව බවත් පෙන්වීමට සමනළ සංධ්වනියෙන් ජයන්ත චන්ද්‍රසිරිගේ උත්සාහ කළා යැයි අපට යෝජනා කළ හැක. කලාකරුවාට හෘදය සාක්ෂියක් පවතින බව පෙන්වීමට චිත්‍රපටයක් කිරීමට මේ හදිස්සියේ ජයන්ත චන්ද්‍රසිරිට සිදුවන්නේ මෙ මොහෙතේ කලාකරුවන් යනු හෘදය සාක්ෂියක් නැතිම පිරිසක් බව ඔහුට නැවත

[continue reading…]



දයාසිරි, රනිල් උඩ දමා මහින්ද – සම්බන්ධන් යටගැසීම

Sep 26th, 2013 | By
pro

(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන් කී අනාවැකි වැරැදී ගොස් ඇතිවා සේම තවත් පිරිස් උදම් අනමින් සිටිති. එහෙත් රටක් හැටියට අප ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් දැන් කළයුතුව ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල මඟින් සන් කරන හරයාත්මක භාවිතයන් ආලෝකයන් වීමංසනය

[continue reading…]