Posts Tagged ‘ මැතිවරණ නිරීක්ෂණය ’

සිවිල් සමාජය ක‍්‍රියාධරයන් MFFE සමග මැතිවරණ නිරීක්ෂණයේ

Jan 8th, 2015 | By
mffe

නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සදහා දිස්ත‍්‍රික 07ක් ආවරණය වන පරිධි පුලූල් වැඩපිළිවෙළක් යොදා ඇති අතර එම දිස්ත‍්‍රික්ක හත තුළ සිවිල් සමාජ කි‍්‍රයාධරයන්ගේ ස්වේඡා මැදිහත්වීමෙන් මැතිවරණ දිනය පුරා ජංගම නිරීක්ෂණ කටයුතු සහ ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතුද සිදුකරනු ලබයි. නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා කුමුදුනී

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



ජනාධිපතිවරයා තහනම් උත්තේජක ගත් විට?

Dec 24th, 2014 | By
ffd1

දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි එක්සත්කම ප‍්‍රකට කරවන තවත් එක් ක‍්‍රියාකාරකමක් වූයේ සියළු නිරීක්ෂන සංවිධානයන්හි එකඟතාවයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමයි. මේ නිමිති කරගත් ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2014 දෙසැම්බර් 11 වන දින කොළඹ 7, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එම ප‍්‍රකාශනය ඇසුරෙන් සැකසුණු ලිපියක් මෙවර සමබිම ඉරිදා අතිරේකය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට අපි කටයුතු කරමු. ඒකාබද්ධ

[continue reading…]



කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By
dr4

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට

[continue reading…]



ලක්බිමේ මව්වරු සහ දියණියන් සමඟ ‛ඇන්ටිගනී’ දකුණෙන් උතුරට නෑ ගමනක ගියාය

Oct 12th, 2013 | By
mm

වසර 30 කට පමණ පසු උතුරු පළාතේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා මැතිවරණය උතුරේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහලයින්ටත් විශේෂ වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැක්කේ දශක 3කට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොරව සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයකට මුහුණ දෙමින් අවසානයේ කුරිරු සන්නද්ධ ගැටුමක් අතර මැදි වෙමින් ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවට මෙම මැතිවරණය හරහා

[continue reading…]



උතුරේ දෙමළ මිනිස්සු කථා කරති: පණිවිඩය ලවුඩ් ඇන්ඩ් ක්ලියර්

Sep 22nd, 2013 | By
vvig

දෙමළ සන්ධානය උතුරු පළාත් සභාව 2/3කට වඩා වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කොට ඇත. උතුරු පළාතේ පළාත් සභාව සඳහා සැප්තැම්බර් 21 වන දින පැවැති ඡන්ද විමසීමේදී ඉලන්කෛ තමිල් අරසු පක්ෂය යටතේ තරග කළ දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ ආසන 38න් 30ක්ම හිමි කරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ආසන 7ක් පමණකි. ඩග්ලස්

[continue reading…]



සෑහෙන කලකට පසු තැපැල් ඡන්දයකින් සන්ධානය පරදී

Sep 21st, 2013 | By
election

උතුරු ඡන්දයේ පළමු ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව ඇත. ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව ඉලන්කෛ තමිල් අරසු කච්ච්චි ඡන්ද 646ක් ලබා ගත් අතර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද 146ක් පමණි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2 යි.



සවස 5ටත් ඡන්ද පෙට්ටි ඇතුළේ

Sep 21st, 2013 | By
EL1

සෙංකඩගල, ඡන්දපොළ අංකය – 33, ජේමිස් ටේලර් කර්මාන්ත ශාලාව හන්තාන ඡන්ද පොළේ සවස 5 වන තුරුද ඡන්ද පෙට්ටි ඉවතට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එයට හේතු වූයේ කම්කරු කොංග‍්‍රසයේ මැරයන් පිරිසක් විසින් මෙම ඡන්ද පොළ අසල කලහකාරී ලෙස හැසිරීම බවට අපගේ නිරික්ෂණ කණ්ඩායම තොරතුරු ලබා දී ඇත.  



ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන්

Sep 21st, 2013 | By
election

සවස 3.30 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පහත පරිදි වේ. යාපනය  48% කුරුණෑගල 49% නුවර  52% මාතලේ  45% වව්නියා  53% කිලිනොච්චි  55% මන්නාරම  60-70%  



CWC කැම්පේන් කරලා, ලොහාන් රත්වත්තේ අහසට වේඩි තියලා (Audio)

Sep 21st, 2013 | By
EL1

මහනුවර, පාත දුම්බර ඡන්ද කොට්ඨාශයේ කැලෑබොක්ක අභිරාම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ අහසට වෙඩි තබා පහරදීමක් කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ ඡන්ද දායකයන් සහ ආධාරකරුවන් එම අවස්ථාවේ ඡන්ද මධ්‍යස්ථානය අවට CWCට ඡන්දය දමන ලෙස කැම්පේන් කරමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් සහ මධ්‍යම පළාතේ ඡන්ද විමසීම

[continue reading…]