Posts Tagged ‘ මෛත්‍රීපාල සිරිසේන ’

මංගල සහ රවී

May 25th, 2017 | By
Screenshot 2017-05-25 13.37.11 (905 x 637)

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු

[continue reading…]



යුද්ධ කළ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන්න බැරි බව විපක්ෂ නායක අාර්.සම්බන්ධන් සංහිඳියා යාන්ත්‍රණ වාර්තාව එළි දක්වන අවස්ථාවේදි කියයි

Jan 6th, 2017 | By
sampanthan-720x480

සංහිඳියා යාන්ත්‍රණ වාර්තාව එළි දකියි නිතිඥ සුදර්ශන ගුණවර්ධන “ලංකාවේ ජනතාවගේ ඡන්දය මගින් නීත්‍යානුකූලව තේරීපත්වූ ආණ්ඩුවේ නියෝග පරිදි යුද්ධය සඳහා ගිය ශ්‍රී ලංකා රජයේ හමුදා නිලධරයන්ට හෝ සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනාවක් එල්ල කිරීමට කිසිදු ඉඩක් නැත.” මෙසේ කියන ලද්දේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයක නායකයෙකු නොවෙයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ ජනපති, අගමැති හෝ ඇමැතිවරයෙකුද නොවෙයි. මෙසේ ප්‍රකාශ කළේ

[continue reading…]



රාජපක්ෂගේ පරාජය පකිස්ථානයට පෙනෙන හැටි

Mar 9th, 2015 | By
ff

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයත් සමග ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන වෙනස ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන්ගේ හා මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගේ අවධානය දිනාගෙන තිබේ. මෙම ලිපිය පකිස්ථානු ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වන අයි.ඒ.රෙහ්මාන් විසින් ලියනු ලැබ පකිස්ථානයේ Dawn  පුවත්පතේ පළ වූ A Season of hope in Sri Lanka  ලිපිය ආශ‍්‍රයෙන් සකස් කරන ලද්දකි. 2004 වර්ෂයේ සාමය සඳහා වූ රේමන් මැග්සයිසේ

[continue reading…]



මැතිවරණ ක‍්‍රමය ගැන එකඟවන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න එපා කියන එක ඉතාම භයානක අදහසක්

Feb 27th, 2015 | By
jjww

මැතිවරණ ක‍්‍රමය ගැන එකඟත්වයකට එ්ම අපි හිතන තරම් ලේසි නැහැ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පුරවැසි බලය සංවිධානය විසින් ‘දින සියයට තව කොච්චර දුරද?’ යන මැයෙන් සංවිධානය කොට තිබූ මහජන සම්මන්ත‍්‍රණය පසුගිය පෙබරවාරි 25 වනදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහය තුළින් අප

[continue reading…]



මෛත්‍රී පාලනය යටතේ දෙමළ ජාතිකවාදය මුහුණ දෙන අභියෝග

Feb 25th, 2015 | By
sumi

|සුමිත් චාමින්ද මෛත්‍රී පාලනය යටතේ දෙමල ජාතිකවාදය නව උභතෝකෝටිකයකට මැදි වී ඇත. එක් අතකින් ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනාව දැනටමත් පසුපසට ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ලංකාවේ නව රජය ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා සාධනීය පියවර ගැනීම යයි සිතිය නොහැක. මන්ද යත් උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමේ පරිපාලනමය තීරණයට අමතරව ගත් වෙනත්

[continue reading…]



සිවිල් සමාජය හෙළ උරුමයට බය වෙලාද?

Feb 13th, 2015 | By
ddeer

ආණ්ඩුව වෙනස් වී ඇත. ආණ්ඩු වෙනසින් පසු ‘සිවිල් සමාජයේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද’ යන්න සාකච්ඡා කිරීම සඳහා සිවිල් සමාජ සමුළුවක් 2015 ජනවාරි මස 27 වනදා කොළඹ පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සමුළුවේදී ‘සිවිල් සමාජ ප‍්‍රකාශනයක්’ සම්මත කරගනු ලැබිණ. එම ප‍්‍රකාශනය තුළ ආණ්ඩුව විසින් කළ යුතු යැයි ඉල්ලා සිටින ඉල්ලීම් මාලාවක් පවතින අතර සිවිල් සමාජ

[continue reading…]



අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක‍්‍රමය දින 100න් අහෝසි කොට නව දේශපාලන සංස්කෘතියක් අරඹනවා පුරවැසි බලය ජන රැලියේදී රනිල් කියයි

Dec 5th, 2014 | By
rm

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා වන පුරවැසි අපේක්ෂාව මූර්තිමත් කරමින් ‘පුරවැසි බලය’ විසින් සංවිධානය කරන ලද ජන රැලියක් දෙසැම්බර් 2 වනදා සවස කොළඹ හයිඞ් පිටියේදී පැවැත්විණි. කිසිදු දේශපාලන පක්ෂයක හෝ විදේශ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධානයක අනුග‍්‍රහයෙන් තොරව, ස්වාධීන පුරවැසියන්ගේ ධන පරිත්‍යාගයෙන් සහ ශ‍්‍රම දායකත්වයෙන් යුතුව සංවිධානය කරන ලද මෙම

[continue reading…]