Posts Tagged ‘ රාවය ’

GSP+ ලංකාවට ආයෙ දුන්නෙ ඇයි?

Mar 22nd, 2017 | By
gsp-plus

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ප්‍රකාශය 2017 මාර්තු 13 වන දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිමය ප්‍රතිසංස්කරණ මගින් ජාතිය විනාශ වීම යනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එතුමාගේ ප්‍රකාශය අසත්‍ය, විකෘති කරන ලද

[continue reading…]



terminator සහ සිවිල් සමාජය

Mar 20th, 2017 | By
Vlpo_O

මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ගැලවුම්කරු වීමට නියමිත ජෝන් කොනර් නම් දස හැවිරිදි ළමයා ඝාතනය කිරීම සඳහා අනාගතයේ සිට එවා ඇති දුෂ්ට ඝාතකයා වන, ද්‍රවමය වානේ වලින් සාදන ලද ටී 1000 නම් දියුණු යාන්ත්‍රික මිනිසා විනාශ කොට ජෝන් ආරක්ෂා කරගැනීම සඳහා වෙහෙසෙන්නේ අනාගතයේ සිටම එවා ඇති දියුණුවෙන් අඩු ටී 800 වර්ගයේ තවත් යාන්ත්‍රික මිනිසෙකි. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය

[continue reading…]



GSP+ ගැන දන්නේ නැත්නම් දන්න අයගෙන් අහන්න

Jan 23rd, 2017 | By
ි

රටේ මේ මොහොතේ සිදුකෙරෙමින් පවත්නා ප්‍රජාතත්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමයේ උවමනාවට බව පෙන්වමින් බොරු බියක් ඇති කිරීම දැන් ආරම්භ වී ඇත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සංහිඳියාව, සමාජ වෙළෙදපොළ ආර්ථිකය, ආදිය වෙනුවෙන් සිවිල් සමාජය දශක ගණනක සිට නොනවතින අරගලයක යෙදී සිටින්නේ යුරෝපීය සංගමය නිසා හෝ ජී.එස්.පී ප්ලස් සහනය නිසා

[continue reading…]



ජනපතිගේ වැදගත්ම පොරොන්දුවත් ගිලිහී යාද?

Dec 22nd, 2016 | By
new-image

ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන තවමත් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුය යන ස්ථාවරයේ සිටියි. ඒ සමඟම අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු බවද ලැබෙන හැම අවස්ථාවකදීම කියයි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට එරෙහිව නැගෙන අන්ත ජාතිකවාදී විවේචනවලටද ශක්තිමත්ව පිළිතුරු දෙයි. 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවමඟුලේදී එහිමියන්ගේ දෙන ඉදිරියේදීත් ජනාධිපති සිරිසේන මහතා, තමා විධායක ජනාධිපති ක්‍රමය

[continue reading…]



දැන් අපේ ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනසක් ඕනෑ | දෙවන විප්ලවයට කාලය හරි

Dec 5th, 2016 | By
new-image

නව රජය 2015 වසරේ බලයට පත් වීමෙන් පසු ඔවුන්ගේ මධ්‍යකාලීන සැලැස්මේ එක් හැරවුම් ලක්ෂයක් ලෙස 2020 වසර හඳුනාගත හැකිය. රජය සියලු ආර්ථීක කටයුතු සැලසුම් කරන්නේ 2020 වසර ඉලක්ක කර ගනිමිනි. අග්‍රාමාත්‍යවරයාගේ මධ්‍යකාලීන ආර්ථික සැලස්මේ පදනම තුළ ගැබ් වෙලා තියෙන තර්කානුකූල කාරණා අප විසින් වටහා ගැනීම අවශ්‍යයි. විවෘත ආර්ථීකය හඳුන්වා දුන් 1977 වසර වන විට අපේ

[continue reading…]



GSP+ සහනය මුස්ලිම් විරෝධී ද?

Nov 21st, 2016 | By
protest-against-reforming-the-muslim-marriages-and-divorces-law

යුරෝපා සංගමයට අයත් රටවල් 28කට තීරු බදු රහිතව භාණ්ඩ වර්ග 7,200කට අධික ප්‍රමාණයක් යුරෝපා සංගමය වෙත අපනයනය කිරීම සඳහා ඉඩ කඩ ලැබෙන ජී. එස්. පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා රජය විසින් අයදුම්පතක් ඉදිරිපත් කොට ඇති වාතාවරණයක් තුළ ඒ සඳහා වන අවශ්‍යතා සැපිරීමේදී මුස්ලිම් විවාහ සහ දික්කසාද ආඥා පනතට සංශෝධන ගෙන ආ

[continue reading…]



රාවයට වසර 30 ක් සපිරේ …!

Nov 18th, 2016 | By
dsc_2558

ගරු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගරු අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක අාර්.සම්බන්දන් අැතුලු තවත් දේශපාලන නායකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2016.11.15 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාවය 30 වන සංවත්සරය සැමරිම සිදුවිය.



අයිතිවාසිකම් කන්නද?

Nov 7th, 2016 | By
14925704_875640425868798_2998229626963405035_n

2010 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පැවැති රැස්වීමකදී ‘අයිතිවාසිකම්’ කන්නද? කියා විමසා සිටියේ මහින්ද රාජපක්ෂ කැබිනෙට්ටුවේ ඇමැතිවරයෙකි. ඔහු කීවේ ජනතාවට අවශ්‍ය ආහාර, රැකියා, නිවාස, මහා මාර්ග වැනි භෞතික දේවල් බවත්, ආණ්ඩුවෙන් ඒවා ලබා දෙන බැවින් අයිතිවාසිකම් ජනතාවට අවශ්‍ය නැති බවයි. දකුණ ගැන පමණක් නොව උතුර සහ නැගෙනහිර ගැනද ඔවුන් කල්පනා කළේ එලෙස බැවින් අයිතිවාසිකම් වෙනුවට ඔවුන් නැගෙනහිර නවෝදය සහ උතුරු

[continue reading…]



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



ජේ.ආර්.ඇරඹූ මගෙහි අපි ඉදිරියට යමු! – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Sep 24th, 2016 | By
untitled-1-copy-jpg

මහ මැතිවරණය ජයග්‍රහණය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවේ අගමැති ධූරයට පත්වූ 1977 ජුලි 23 දිනයේම බිබිසි ආයතනය වාර්තා කළේ චීනයේ නියෝජ්‍ය අගමැති ධුරයට ඩෙං ෂියාඕ පෙං මහතා පත් වු බව‍ය. ආසියාවේ ආර්ථික විප්ලවය පටන් ගත්තේ එදාය. යටත්විජිතවාදය නිසා ආසියාවේ චීනය, ඉන්දියාව සහ අනෙක් රටවල්වලට තිබූ ආර්ථික බලගතු කම නැති වී ගියේය. නමුත් කර්මාන්ත විප්ලවයේ

[continue reading…]