Posts Tagged ‘ විකල්ප ’

පොදු අපේක්ෂකයා ජාතික ප්‍රශ්නය ගැන කථාකළොත් ඡන්ද කැඩෙන බව කිව්වාම අපි ෂොක් වුණා

Jun 6th, 2014 | By
f1w2

දකුණේ සමාජය ආණ්ඩුවටත් වඩා ජාතිවාදීද? විකල්ප වෙබි අඩවිය විසින් ‛යුද්ධයෙන් වසර 5කට පසු’ නම් විශේෂ සංස්කරණය එළි දක්වන ලද්දේ එම වෙබ් අඩවිය හා බැඳි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය. මෙම විශේෂ සංස්කරණයට පෙරවදනක් ලියන විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් කියන්නේ ‛‛පශ්චාත් යුද ලංකාව තුළ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහගත සාමය, වගවීම, සාධාරණත්වය

[continue reading…]



කට එහෙම පිටින්ම ඇරුණූ හිස් කබලක් මන්නාරම සමූහ මිනි වළෙන්

Jan 21st, 2014 | By
t

ඉතාම අස්වාභාවික ලෙස මුඛය සහ මුලින්ම ඇර‍ තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී තිබේ. මෙවැනි ඉරියව්වකින් කෙනෙකු වැළලෙන්නේ එක්කෝ ඝාතකයින් විසින් උවමනාවෙන්ම කළ දරුණු වධ හිංසා නිසා මුඛය වසා ගැනීමට බැරිව මිය ගිය නිසා හෝ විය හැකි යැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ

[continue reading…]



ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Sep 25th, 2013 | By
vik

දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාව ගෙන ගිය සංග්‍රාමකාරී පිළිවෙත හා සසඳන විට අද සිදුවන දේ ඇදහිය නොහැකි තරම් ය. 2009 මැයි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම්

[continue reading…]



‘‘වෙඩිතබා මරා දැමිය හැකියි, ඒත් සිහිකරන්න බෑ’’

Feb 27th, 2013 | By
5t

‘‘කන්නමයි හදන්නේ’’ ගොරහැඩි සිනහවකින් යුතුව, හලාවත පොලීසියේ ප‍්‍රධාන නිළධාරියෙකු මදෙස බලා කීවේ ය. ඒ පසුගිය 15වනදා හලාවත නගර මධ්‍යයේ පැවති විරෝධතාවයක් මැඩ පැවත්වීමට ලබාගත් අධිකරණ නියෝගයක් අතැතිවය.(කෙසේ නමුත් මරාදැමූවන් සිහිකරන්නටත්, ඝාතකයින්ට එරෙහිව සාමකාමී විරෝධයන් දක්වන්නටත් නිදහසක් නැති‘සහෝදර රෙජීමය’ ගැන ඇතුළතින් කැකැරුණු කෝපයත් වේදනාවත් කෙතෙක් වෙතත්, ඕනෑම මොහොතක වෙඩි තැබීමට තුවක්කු මානාගෙන සිටින මිනිසුන් සමග වාද කිරීම

[continue reading…]



ආණ්ඩුව අපි හැමෝම කුමන්ත්‍රණකාරයෝ කරලා

Feb 10th, 2013 | By
sudha

මාධ්‍ය සංවිධාන එකමුතුව සහ මාධ්‍ය මර්දනයට එරෙහි ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද ‘කළු ජනවාරිය’ උද්ඝෝෂණය ජනවාරි මස 30 වනදා සවස දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධානවලද දායකත්වයෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන ලදී. ඉන් අනතුරුව කොළඹ මහජන පුස්තකාල ශාලාව වෙත පෙළපාළියකින් පැමිණි උද්ඝෝෂකයෝ එහිදී විරෝධතා රැස්වීමක්ද පැවැත්වූහ. එම රැස්වීම අමතා නීතිඥ එකමුතුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා,අන්තර්

[continue reading…]



අධිකරණයේ ස්වාධීනතාවයට බරපතල හානි පැමිණවීම හරහා රාජපක්ෂ පාලනය උත්සාහ කරන්නේ ශී‍්‍ර ලංකාව ඒකාධිපති පාලනයකට නතු කර ගැනීමටයි’[ICJ]

Feb 10th, 2013 | By
icj_logo_rgb_english

[අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝය පිළිබඳ ලොව පුරා අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ නොසතුට පළ වේ.] ලොව විවිධ රටවල ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් සහ ප‍්‍රවීන නීති වෘතිකයන් ගණනාවක් විසින්, හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කි‍්‍රයාත්මක වූ දෝෂාභියෝග කි‍්‍රයාවලිය පිළිබඳ සිය පොදු නොසතුට පළ කළහ. අන්තර්ජාතික නීති විශාරදයන්ගේ කොමිසමෙහි(ICJ) අධිකරණ විනිසුරුවරුන්ගේ සහ නීතිවේදීන්ගේ ස්වාධීනතාවය පිළිබඳ මධ්‍යස්ථානය විසින් සකස්

[continue reading…]