Posts Tagged ‘ විශේෂාංග ’

‘බිම් පිරවුම් එපා -100% ප්‍රතිචක්‍රීකරණය දැන්’ කියූ අය හා මීතොටමුල්ල

May 4th, 2017 | By
image_1492475010-9265047c4f

ස්වාධීන රූපවාහිනිය විසින් විකාශය කරන  ලද ‘කසල කන්ද’ නම් වූ වැඩසටහනකට පසුගිය දා මම ද සහභාගි වූයෙමි.   එම වැඩසටහනට සහභාගි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ළිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසින් මීතොටමුල්ලට කසළ ප්‍රශ්නය පිලිබදව තමන් විසින් යවන ලද ලිපි වල පිටපත් අඩංගු ලිපිගොනුවක් ද රැගෙන විත් තිබිනි.  ඔහු විසින් ලිපි යොමු කරන ලද පුද්ගලයින්

[continue reading…]



හොරාගෙ අම්මගෙන් පේන ඇහුවම හිත් සැනසෙයිද?

Jan 15th, 2017 | By

ශ්‍රී ලංකාව තුළ දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසානයේදී එල්.ටී.ටී.ඊ ය සහ ත්‍රිවිධ හමුදාව යන දෙපාර්ශ්වය අතින්ම යුද අපරාධ සහ මානුෂීයත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට චෝදනා එල්ල වී ඇත. මේ අපරාධ චෝදනා හමුවේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ යම් අපරාධයක් සිදු වී ඇත්නම් ඒවා පිළිබඳ විමර්ශනය සහ නඩු පැවරීම දේශීය නීති යාන්ත්‍රණය යටතේ

[continue reading…]



දේශපාලනයේදී චණ්ඩි සංස්කෘතිය ඉල්ලන්නෙත් එපා කියන්නෙත් මහජනයාමයි | කම්කරු ජාතික සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් (පා.ම) මයිල්වාගනම් තිලකරාජා

Dec 19th, 2016 | By
dsc_0314

1979 දී හෝඩියේ පංතියට ගියාම ඉගෙනගන්න පටන් ගත්තේ දෙමළ භාෂාවෙන්. ඒත් 1980 දී තාත්තා තීරණය කරනවා මේ රටේ සිංහලෙන් ඉගෙන ගත්තොත් හොඳයි කියල. ඒ අනුව මගේ අක්කලා සිංහල ඉස්කෝලෙට දානවා. 1983 කලබල කාලෙදි මම සිංහල ඉස්කෝලෙ තුන වසරේ ඉන්නේ. දෙමළ සිංහල ප්‍රශ්නෙ අපේ ඉස්කෝලෙත් තිබුණා. ‘පර දෙමළු’ කියල සිංහල ළමයෙක් මට බැන්නා. මම එයාට ගහනවා.

[continue reading…]



ජාතික සමගිය සහ ආර්ථික සංවර්ධනය එකට ගොඩ නැගිය යුතුයි- ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ

Aug 26th, 2016 | By
940912_1087075384646607_5339068565400552685_n

“ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු” මැයෙන් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද පුරවැසි සභාව අගෝස්තු මස 20 වැනිදා වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අධිනීතිඥ ලාල් විජේනායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හා පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, ගායන ශිල්පී ජයතිලක

[continue reading…]



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අභියෝගය-තිඹිරියාගම බණ්ඩාර

Jun 2nd, 2016 | By
sri-lanka-parliament

මගේ ජීවිතය අවසන් වීමට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා දකින්න ලැබුණොත් මට ඒ ඇති මෙකී සංවේදී ප්‍රකාශය කරන ලද්දේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනි. ඒ මීට වසරකට පමණ පෙර පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ය. උන්වහන්සේ අප අතර නැත. එහෙත් සෝභිත හිමියන්ගේ ආදාහනෝත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර රටට ඔබින නව

[continue reading…]



වඩා වැදගත් වන්නේ අවසන් වාර්තාව නොව සංහිදියාව සදහා යන ක‍්‍රියාවලියයි-ක‍්‍රිස්ටියන් කොරයා

May 20th, 2016 | By
Feds-to-issue-final-report-on-on-West-Virginia-mine-balst-300x300

ක‍්‍රිස්ටියන් කොරයා යනු අතුරුදහන් වූවන් හදුනාගැනීම හා මානව හිමිකම් ප‍්‍රතිපත්තියක් සකස් කිරීම සදහා චිලී රජය විසින් ස්ථාපිත කළ කොමිසමේ නීති උපදේශක   සාකච්ඡා කළේ නීතිඥ භවානි ෆොන්සේකා   ක‍්‍රිස්ටියන් කොරයා සංක‍්‍රාන්තික යුක්තිය සදහා වූ වැඩසටහන්වල හානිපූර්ණ පිලිවෙත් බලාත්මක කිරීම පිළිබද විශේෂඥයෙක් ලෙස කටයුතු කරයි. සංක‍්‍රාන්තික යුක්තිය සදහා වූ යාන්ත‍්‍රණ ක‍්‍රියාත්මක කළ පේරු, කොලොම්බියාව, ලයිබීරියාව, සියෙරා

[continue reading…]



ට්‍ර්ප් ස්විට්ච් නැති යුගයට අප රැගෙන යන්න උතුමාණෙනි!

Aug 13th, 2015 | By
roshan

පැරණි කථාවක්: අපේ ගෙදර නිතර නිතර විදුලිය ඇන හිටීම හරිම කරදරයක් බවට පත් විය. විදුලියෙන් ක‍්‍රියා කරන කුමන උපකරණයක් ක‍්‍රියාත්මක කළත් වහාම මුළු නිවසේම විදුලිය ඇන හිටින්නේ පැන්නුම් දඟරය හෙවත් ට‍්‍රිප් ස්විචය ක‍්‍රියා විරහිත වී විදුලි සැපයුම ඇන හිටීම නිසාය. එවිට නැවත විදුලි බලය ලබා ගැනීම සඳහා අදාල විදුලි උපකරණය ක‍්‍රියා විරහිත කොට නැවත ට‍්‍රිප්

[continue reading…]



විශාලම වෙනස ළඟා කරගත හැක්‌කේ මැතිවරණයක්‌ තුළිනි

Jun 15th, 2015 | By
Photo_091_Fotor

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා වූ 20 වන සංශෝධනය සම්මත කරගැනීම ප්‍රමුඛතාවයක්‌ ලෙස සැලකීම සම්බන්ධයෙන් වූ ස්‌වකීය අභිලාෂය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය කේවල මන්ත්‍රී කොට්‌ඨාස ක්‍රමයට තීරණය වන, එසේම සමස්‌ත සමානුපාතික ප්‍රතිඵලය ආරක්‍ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක්‌ මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය විසින් යෝජනා කරයි. මනාප ඡන්දයක්‌ සඳහා

[continue reading…]



ප්‍රඥාවේ සිතුවිලි

Mar 31st, 2014 | By
hhrr22

දවසක් දා හැන්දාවක එක්තරා ගෝත්‍රයක වයස්ගත පුද්ගලයෙක් තම මුණුපුරාට මෙසේ පැවසුවේය. සීයා- “පුතා, මගේ ඇතුළෙ වෘකයන් දෙදෙනෙක් අතර සටනක් තියෙනවා. එක වෘකයෙක් කුරිරුයි, ඒ කියන්නේ තරහව, ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, ලෝබකම, උඩඟුබව, නොරිස්සුම, හීනමානය, බොරුව, මමත්වය වගේ දේවල්වලින් ඌ පිරිල…” මුණුබුරා- “එතකොට අනෙක් වෘකයා කවුද?” සීයා- “පුතා අනෙක් වෘකයා තමයි ‛හොඳ’. ඒ කියන්නේ, ඌ හැදිලා තියෙන්නේ

[continue reading…]



මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ – හඩ්සන් සමරසිංහ

Jan 5th, 2014 | By
hudson

* මොකක්ද ඔබේ සම්පූර්ණ නම? හඩ්සන් සමරසිංහ * රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද? ඔව්. ඒඩ්ස් හැදිලා මළේ. * ඇයි ඔබේ තාත්තා මේ වගේ නමක් දාලා තියෙන්නේ? මොකට දැම්මද කියලා මටවත් හිතාගන්න බැහැ. ඒ කාලේ සුද්දන්ගේ නම් නේ දාන්නේ. එඩ්වින්, මාටින් වගේ. * ඔබ නැති තැන සමහරු ඔබට කියන්නේ‘හඩ්ඩා’ කියලා? එහෙම කියනවයි කියලා

[continue reading…]