Posts Tagged ‘ සංවර්ධනය ’

බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා

Dec 2nd, 2016 | By
ddd

අයවැයක මූලික බලාපොරොත්තුව මොකද්ද? අයවැයකින් සාමාන්‍ය යෙන් බලා පොරොත්තු වෙන්නේ රටේ තියෙන වර්තමාන ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරන එක. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවකට අයවැයකින් හැම දෙයක් ම කරන්න බෑ. මොකද පෞද්ගලික අංශය, කෘෂිකර්මය, කර්මාන්ත සහ පවුල් ආර්ථික කටයුතු වගේ දේවල් කිසියම් දුරකට වෙනම පදනමකින් ක්‍රියාත්මක වන නිසා. ඒ වගේ ම ලංකාවේ දිගුකාලීන ආර්ථික

[continue reading…]



දුප්පතුන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන සහිත විවෘත ආර්ථිකයක් රටට වාසිදායකයි -හිටපු මුදල් ඇමැති රොනී ද මෙල්

Oct 14th, 2016 | By
dc-3-ronnie-de-mel-02

1977 බලයට පත් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමැති වශයෙන් කටයුතු කළ, දැනට 91 වන් වියේ පසුවන රොනී ද මෙල් මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක ද නේෂන් පුවත්පත පළ කළාය.  එහිදී මාධ්‍යවේදීන්ඔහුගෙන්  විමසා සිටියේ විවෘත ආර්ථිකය හඳුන්වාදුන් කාලයේදී රට මුහුණ දුන් තත්ත්වය සහ වර්තමාන අවධිය අතර සාම්‍යයක් පවතින්නේද යන්නය. “‍1977දී විවෘත ආර්ථිකය හඳුන්වා

[continue reading…]



කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ශක්තිමත් කල යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Sep 29th, 2016 | By
14368685_841459095953598_7836026823544370288_n

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි. -“රනිල් වික්‍රමසිංහ” 2016 සැප්තැම්බර් මස 22 වන දින පිටිපන, හෝමාගම “Techno City” තාක්‍ෂණික නගරය සඳහා මුල්ගල්

[continue reading…]



චීන මකරා ඉඹලා පිළිගැනීම

Oct 6th, 2014 | By
cm

චීන ජනාධිපති ෂී ජින්පින් ලංකාවට ඇවිත් ගියේය. ඒ දවස් දෙකේ කොළඹ නගරය පුරා චීන කොඩි එල්ලා තිබුණි. චීන – ලංකා මිත‍්‍රත්වය ගැන කතාවලින් පුවත්පත් පිරී ගියේය. චීන ජනාධිපතිවරයා යෝජිත ‘කොළඹ වරාය නගරය’ නමැති ව්‍යාපෘතිය විවෘත කිරීමට සහභාගී විය. කොළඹ වරායට යාබද හෙක්ටයාර 233 ක් භූමි ප‍්‍රදේශයක මුහුද ගොඩකර මේ නව නගරය ඉදිකරනු ලැබේ. ජනාධිපතිගේ සංචාරය

[continue reading…]



සංවර්ධන මිථ්‍යාව

Apr 7th, 2014 | By
dhihh

ආසියාවේ ආශ්චර්යය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින බව රජය නොයෙකුත් හේතු පාඨ හා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මාධ්‍ය ඔස්සේ පුනරුච්චාරණය කරමින් ඉන්නවා. රජයේ දූෂිත ක්‍රියාකාරකම් සියල්ල සාධාරණීකරණය කිරීමට එය ප්‍රබල මෙවලමක්. නමුත් මෙකී සංවර්ධන මිථ්‍යාවට මුවා වී තවත් අවුරුදු ගණනකට අපි ණයකරුවන් වී සිටින බව බොහෝ දෙනෙකුට තවමත් හරිහැටි නොවැටහෙන කරුණක්. පසුගිය පෙබරවාරි 14,

[continue reading…]



ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති

Feb 25th, 2014 | By
dr2211

හර්ෂ ගුණසේන රාජ්‍ය අයවැය ලේඛනය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ කතාවකදී අයවැය පිළිබඳ වූ විවේචනයන්ට පිළිතුරු දෙමින් රජයේ ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂණවාදී නොවන බව ප්‍රකාශ කළේය. ඔහු මෙම ප්‍රකාශය කිරීමට හේතුවූයේ මෙම අයවැය මගින් ඇතැම් ආනයනික භාණ්ඩ මෙරටෙහිම නිපදවා ගැනීමට අනුබල දීමක් වශයෙන් එම භාණ්ඩ කෙරෙහි වන ආනයනික බදු වැඩිකිරීම

[continue reading…]



ජාත්‍යන්තර කුමන්ත්‍රණ කථාව මිථ්‍යාවක්: ස්වෛරීභාවය රැකගත හැක්කේ ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරු කිරීමෙනි

Feb 21st, 2014 | By
lal

මහනුවරදී පැවති ‛සමබිම’ පාඨකයන්ගේ ජාතික සමුළුවේදී අධිනීතිඥ ලාල් විජේනායක කියයි ලංකාව වැනි කුඩා රටක ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට හැකිවන්නේ අප විසින් බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන්වලට ගරුකිරීමෙන් පමණක් බව ‛ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයේ කැඳවුම්කරු අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි. ලාල් විජේනායක මහතා එසේ ප්‍රකාශ කළේ පෙබරවාරි 14 සහ 15 දිනවල මහනුවරදී පැවැති ‛සමබිම’ මාසික පුවත්පතේ පාඨකයන්ගේ

[continue reading…]



ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව පෙළ ගැසෙමු

Feb 7th, 2014 | By
SSLLOO

සමබිම ජාතික නියෝජිත සමුළුව – මහනුවර රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුවේ. එකී මහජන ව්‍යාපාරයන් විසින් යෝජනා කළ හැකි ප්‍රතිසංස්කරණ නිර්දේශ ගණනාවක් ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ දැක්වේ. එමෙන්ම මානව හිමිකම් පිළිබඳව ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහිද ඒ සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග පවතී. එහෙත් ඒ සඳහා

[continue reading…]



ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

Jan 29th, 2014 | By
d4q1

2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනැංවූයේ ‘රට නොබෙදන – රට නොවිකුණන අපේක්ෂකයා’ ලෙසය. එම සටන් පාඨය යොදා ගන්නා ලද්දේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට බෙදන සහ රට විකුණන අපේක්ෂකයකු වශයෙන් පින්තාරු කිරීම පිණිසය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් මේ ගෙවෙන්නේ නව වැනි වසරය. සාම සාකච්ඡාවන්ට යට නොවී එල්.ටී.ටී.ඊ.

[continue reading…]



සංවර්ධනයේ කොටස්කරුවකු වූ ජනමාධ්‍ය

Jan 8th, 2014 | By
lakal

යුද්ධය පැවැති සමයේ යුද්ධය පමණටම මේ කාලයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් කියන්න යැයි අපි ඔබෙන් ඇ සුවොත්? ඔව්. ඔබ ඒ පවසන මුල් වචන කිහිපය අතරේ අනිවාර්යයෙන්ම තිබිය හැකි වචනයක් නම් සංවර්ධනයයි. එය ඒ පමණටම උදේ හවා ජනමාධ්‍ය මගින් අපි ශ්‍රවණය කරමු. නොඑසේව, ජනමාධ්‍ය විසින් අපට අසන්නට සලස්වනු ලැබේ යන්න වඩා නිවැරැදිය. එහෙත් උදේ හවා මෙසේ

[continue reading…]