Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය ඔක්තෝබර් 06 ’

මානව හිමිකම් මගහැර සහස්‍ර ඉල්ලක්ක ගැන කතා කරලා වැඩක් නැහැ. අපි විකල්ප මහජන සමුළුවක් පවත්වනවා

Oct 26th, 2013 | By
nimalka1

ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සම කැඳවුම්කාරිනී – නිදහසේ වේදිකාව පසුගිය පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර. එහිදී ඊළඟ පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව ලංකාවේ පැවැත්වීමට යෝජනා වුණු අවස්ථාවේ පටන් මතුවුණු ප්‍රශ්නයක් තමයි මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය සහ යහපාලනය කියන පොදුරාජ්‍ය මණඩලයේ තිබෙන්නාවූ මූලික හර පද්ධතිය උල්ලංඝනය කරන රටක් ඊළඟ පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීම, රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට සුදුසු

[continue reading…]



ශරීරයක් සොයන ඒලියන්වරු මාතර යුද්ධය සහ දයා(න්) මාස්ටර්ගේ ගුග්ලි

Oct 18th, 2013 | By
gt

ඉදිරිපත් කරන භාෂා විලාශයේ නිරවුල් භාවය නිසා බොහෝ දෙනෙකු සිතන්නේ දයාන් ජයතිලක මහතාගේ දේශපාලන විග්‍රහයද නිරවුල් බවයි. එහෙත් දයාන් ජයතිලක මහතා සැබැවින්ම කරන්නේ ඉතාම අවුල් සහගත දේශපාලන විග්‍රහයක් නිරවුල් බස් වහරකින් ඉදිරිපත් කිරීමකි. යුද සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන්ද, පශ්චාත් යුද සමයේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන්ද, ලංකා ආණ්ඩුවේ

[continue reading…]



කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By
dr4

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට

[continue reading…]



ලක්බිමේ මව්වරු සහ දියණියන් සමඟ ‛ඇන්ටිගනී’ දකුණෙන් උතුරට නෑ ගමනක ගියාය

Oct 12th, 2013 | By
mm

වසර 30 කට පමණ පසු උතුරු පළාතේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා මැතිවරණය උතුරේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහලයින්ටත් විශේෂ වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැක්කේ දශක 3කට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොරව සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයකට මුහුණ දෙමින් අවසානයේ කුරිරු සන්නද්ධ ගැටුමක් අතර මැදි වෙමින් ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවට මෙම මැතිවරණය හරහා

[continue reading…]



සැප්තැම්බරය ඉවරයි: මාර්තු මාසෙදි මොනවද වෙන්නෙ?

Oct 4th, 2013 | By
hr

කරුණු සොයා බැලීම සඳහා ලංකාවට පැමිණ කරන ලද දින හතක සංචාරයකින් පසු නවනීදම් පිල්ලේ මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අමතා කතා කළාය. මහකොමසාරිස්වරියගේ පණිවුඩය පැහැදිලිය. 2009 වසරේදී සිදුවූ සිදුවීම්වල වගවීම පිළිබඳ ප්‍රශ්න ආමන්ත්‍රණය කිරීම සඳහා වන සාධනීය, ස්වාධීන යන්ත්‍රණයක් ස්ථාපනය කිරීම සම්බන්ධව කිසිදු ප්‍රගතියක් ඇති වී නැත. කුමන කෝණයෙන් බැලුවද වර්තමාන ප්‍රවණතාවයන් කනස්සලු

[continue reading…]



අධිකාරවාදී කියන්නේ හැමදේම ජනාධිපති අතේ මිට මොළොවගෙන ඇති නිසා නවී පිල්ලේ කියයි

Oct 4th, 2013 | By
nnn

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය සමඟ ඕස්ට්‍රේලියානු ලේට් ලයින් විකාශය සමඟ පැවැත්වූ සජීව සම්මුඛ සාකච්ඡාවේදී ඇය පසුගියදා ලංකාවේ කළ සංචාරය පිළිබඳව අදහස් දැක්වූවාය. එමා: කරුණු සොයා බැලීම සඳහා ඔබ ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර දෙමළ ජනයාට ඔවුන්ගේ කතාව ඔබට කියන්නට සුරක්ෂිත සහ නිදහස් වාතාවරණයක් තිබුණාද? නවී: මට කැමැති තැනකට ගිහින් කැමැති

[continue reading…]



මාධ්‍යකාරයා ඇතුළේ ඉන්න පොලිස්කාරයා මට්ටු කරමු

Oct 4th, 2013 | By
media

මාධ්‍යවේදීන්ගේ නිදහස රැකගැනීම සඳහා වන ජෝර්දානියානු මධ්‍යස්ථානය විසින් කළ පර්යේෂණයකට අනුව එරට මාධ්‍යවේදීන් අතර ඉතා බරපතළ ස්වයං වාරණයක් පවතියි. මෙතන ඇත්තේ නීතිමය ගැටළුවක් පමණක් නොවේ. යම් යම් අවස්ථාවල තමන්ට ස්වයංවාරණය පනවා ගැනීමට පුරුදු වූ මාධ්‍යවේදීන්ගේ මනෝමය ඇබ්බැහියද වර්තමාන ස්වයං වාරණයට හේතුවක් වන බව විචාරකයින්ගේ අදහසයි. මං හිතන විදිහට සෑම අරාබි මාධ්‍යවේදියෙකු තුළම පොලිස් නිලධාරියෙකු සිටිනවා.

[continue reading…]