Posts Tagged ‘ සමබිම ඉරිදා අතිරේකය දෙසැම්බර් 01 ’

දුබලයා වෙනුවෙන් පෙනී සිටීමේ ඉතිහාසය – සරත් ඉද්දමල්ගොඩ පියතුමා

Dec 27th, 2013 | By
father

මීගමුවේ ජනාවබෝධ කේන්ද්‍රය හා සමඟ එක්ව ක්‍රියා කළ සහ තවමත් ක්‍රියාත්මකව සිටින ක්‍රියාධරයන් සහ ක්‍රියාධරිනියන් වෙනුවෙන් එම සංවිධානයේ ආරාධනයෙන් සංවිධානය කෙරුණු නත්තල් සමරු වැඩසටහනක් දෙසැම්බර් 21 වන සෙනසුරාදා මීගමුවේ හලාවත පාරේ ‛ක්‍රිස්තු නිවසේදී’ පැවැත්විණි. ජනාවබෝධ කේන්ද්‍රයට වසර 32ක් සම්පූර්ණ වීමද නිමිති කොටගෙන පවත්වන ලද මෙම වැඩසටහනේදී සංවිධානයේ ඉතිහාසය සහ එය ආ ගමන් මග පිළිබඳව ආවර්ජනයක

[continue reading…]



මව්බිමට ද්‍රෝහී නොවී මානව හිමිකම් රැකගැනීමේ අභියෝගය

Dec 27th, 2013 | By
HR

මේ වෙනකොට මානව හිමිකම් ආරක්ෂා කරන්න කියලා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ලොකු බලපෑමක් තියෙනවා. අනිත් පැත්තෙන් ජාතික වශයෙන් ආණ්ඩුව කියනවා මානව හිමිකම් අවශ්‍යයි; හැබැයි මව්බිමට හානියක් නොවන විදිහට. දැන් මව්බිමට හානියක් නොවෙන විදිහට මානව හිමිකම් ආරක්ෂා කරන්නෙ කොහොමද කියන එක තමයි තියන අභියෝගය. මව්බිමට හානි කරන්න දෙන්න බෑ කියන එක අපිට පිළිගන්න වෙනවා. මව්බිම කියන්නෙ මොකක්ද?

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



වෙසක් බලන්න වගේ ඇවිද ගොස් වෙනසක් සඳහා ඡන්දය දීම-නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම්

Nov 30th, 2013 | By
npe

[ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු] පීපල්ස් සාර්ක් එකතුවේ සහ දිළිඳුකම පිටු දැකීම සඳහා වන දකුණු ආසියානු ජනතා සන්ධානයේ සමාජිකාවක් වශයෙන් නේපාලයේ දේශපාලනය සමඟ සමීප ඇසුරක් නිරන්තරයෙන් පවත්වාගෙන යන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මෙවර නේපාල මැතිවරණය නිරීක්ෂණය සඳහා තෝරාගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකාවක් විය. ඇගේ නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම් ‛සමබිම’ වෙනුවෙන් මෙසේ සටහන් විය. නේපාලයේ ව්‍යවස්ථාදායක කවුන්සිලය සඳහා පවත්වන

[continue reading…]



පොදු අපේක්ෂකයෙක්, පොදු අපේක්ෂකයෙක් නිර්පාක්ෂික අපේක්ෂකයෙක් සොයලා – අවුරුද්දක් පාසා යන්නෙ අපි සෙල්ලමෙ අපේක්ෂකයෙක් සොයලා

Nov 30th, 2013 | By
lalkanthaface

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට පොදු අපේක්ෂකයෙකු සෙවීමේ සෙල්ලම නැවත වටයකින් ආරම්භ වී ඇත. මෙවර මේ අඬහැරය නගන්නේ අනාගත බස්නාහිර පළාත සභා ඡන්දයේදී ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමැති අපේක්ෂකයා වීම සඳහා රජරටින් ආනයනය කර ඇතැයි කියන කේ. ඩී. ලාල් කාන්තය. දිවයින පත්‍රයේ සිරිමන්ත රත්නසේකර වාර්තා කරන ආකාරයට ‛ඉදිරි ජනාධිපතිවරණයකදී නිර්පාක්ෂික පුද්ගලයෙකු රටට පිළිගත් විපක්ෂයේ පොදු අපේක්ෂකයා

[continue reading…]