Posts Tagged ‘ සමබිම පුවත්පත 2013 අගෝස්තු ’

බෙරලුස්කොනිලන්තය ගැන තව දුරටත්….

Oct 5th, 2013 | By
335

සිල්වියෝ බෙර්ලූ‍ස්කෝනි ගැන ඉතාලිකාරයන්ට තේරුම් කර දෙන්නට යාම නිකං කාලය කා දැමීමකි. ඒ නිසා අප කළ යුත්තේ ඉතාලියානුවන් නොවන සෙසු රටවල ජනයා වෙනුවෙන් සිල්වියෝ බෙර්ලූ‍ස්කෝනි පිළිබඳ මනෝ රේඛාවක් නිර්මාණය කිරීමයි. ඉතාලියානුවන් නොවන විදේශිකයන්ට මෙම තත්ත්වය නොතේරෙන නමුත් දැන ගැනීමට ඔවුන් කැමැතිවනු ඇත. දන්නේ කවුද? සමහර විට මෙවැනි දෙයක් ඔවුන්ටත් සිදුවන්නට බැරි නැත. සිල්වියෝ බෙර්ලූ‍ස්කෝනි හෙවත්

[continue reading…]



මල්ලිගේ ලේ තැවරුණු ඇඳුම් හෝදලා ගේන්නැයි තාත්තට පොලීසියෙන් කියා තිබුණා

Aug 30th, 2013 | By
tor4

අතුරුදහන්කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනය, ලොව පුරා පැතිරුණු ගැටුම් හේතුවෙන් අතුරුදහන් වීමට ලක්වූ අසරණ වින්දිතයන්ගේ මතකය යළිත් මතකයට ගෙන ඒමේ දිනයයි. අතුරුදහන්වූවන් සැමරීමට එක් දවසක් වෙන් කළාට අතුරුදහන්වූවන්ගේ පවුල්වලට එය තම සහෘදයන් නොමැතිව ගෙවන තවත් දවසක් පමණි. ලංකාව අතුරුදහන් කරවීම මගින් ලෝකයේ දෙවන ස්ථානයට පත්ව ඇත.  1989 ඉඳලා 2009 හා ඉන් ඔබ්බට ඇති කාල සීමාවේ සිට

[continue reading…]



ඔබද පටාචාරාවකි,ඔබද කිසා ගෝතමියකි

Aug 30th, 2013 | By
tor5

“මගේ පුතා පොලිස් ස්ථානයේදී අතුරුදහන් වූ බව කරුණාකර පිළිගන්න. ඇයි බොරු කියන්නෙ පොලීසියෙන් පැනලා ගියා කියලා…” ඒ ඇගේ පළමු ඉල්ලීමයි ඒ ඉල්ලීමට හේතුව වූයේ වයස අවුරුදු 15 ක් වූ තම වැඩිමහල් පුතු මහනුවර පොලිස් සිර මැදිරියක් තුළදී අතුරුදහන් වීමයි. 1990 නොවැම්බර් 09 වෙනිදා බෝගම්බර ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි තම පුතු සහ තවත් ළමයෙකුට පොලීසියෙන්

[continue reading…]



එඩ්වඩ් ස්නොඩන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම ජාත්‍යන්තර නීතියට පටහැනි ද?

Aug 29th, 2013 | By
hhh

ඇමරිකන් ව්‍යවස්ථාව මෑත අතීතයේදී රාජ්‍ය බලය සියතට ගත් ජන සමූහයක් විසින් ඇතිකරන ලද ප්‍රථම ඉදිරිගාමී ව්‍යවස්ථාව වේ. මෙම ව්‍යවස්ථාවෙන්ම පුද්ගල ස්වාධිපත්‍යය (Liberty) සහතික කර ඇත. චීනය හෝ රුසියාව හෝ වෙනත් ඊනියා විප්ලවකාරී රාජ්‍යයන්හි ව්‍යවස්ථා තුළ හෝ ඒවායේ ක්‍රියාකාරිත්වයේ හෝ පුද්ගල ස්වාධිපත්‍යයට කිසිම පිළිගැනීමක් නොමැත. ‛අත්තාහි අත්තනෝ නාතෝ’ – ‛තමන්ගේ විමුක්තිය තම අතමය’ යනුවෙන් වන බුදුවදන

[continue reading…]



උතුරුකරයෙහි විකල්ප දේශපාලනයක විභවයන්

Aug 29th, 2013 | By
h1

2013-07-20 සහ 21 යන දින දෙකෙහි යාපනයෙහි පැවැත්වූ සාහිත්‍ය සහ සමාජ ක්‍රියාකාරිකයන්ගේ හමුව ආශ්‍රිත අත්දැකීම් ආශ්‍රයෙන් මෙවර උත්තර ධ්‍රැවයෙහි සටහන ලියමි. පිකාසෝගේ ගුවර්නිකා සිතුවම පසුබිම කරගෙන නිර්මිත බැනරයෙහි 41 වන සාහිත්‍ය හමුව යන්න සඳහන්ව තිබුණි. විදෙස්ගත දෙමළ ප්‍රජාව විසින් යුරෝපීය පරිසරය තුළ පවත්වා ගෙන ආ සාහිත්‍ය හමුවෙහි 41 වන හමුව වශයෙන් පැවැත්වුණු මෙම සාහිත්‍ය හමුව

[continue reading…]



ව්‍යවස්ථාවෙන් පිටත පවතින රැඩිකල් ව්‍යතිරේඛය

Aug 21st, 2013 | By
CHD

දීප්ති කුමාර ගුණරත්න – පසුගිය ‛සමබිම’ පුවත්පතේ අතිරේකයක් ලෙස UNPය විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයන් හඳුන්වා දෙන ලදී. මෙම නව ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමෙන් පසු එය විවිධ බුද්ධිමතුන්, විවිධ නීතිවේදීන්, පක්ෂ නායකයන් සහ සාමාන්‍ය ජනයා සංවාදයට ලක් කරන ලදී. ඒ බොහෝ දෙනාගේ අදහස්වලට අනුව ඔවුන් සාකච්ඡා කරන ලද්දේ නව ව්‍යවස්ථාවේ අඩංගු කරුණු ගැනය.

[continue reading…]



ඔයාගෙ මහත්තයා මේසය යට!

Aug 17th, 2013 | By
ttaab

ඔන්න එක මහත්තයෙක් හරිම සුන්දර නෝනා කෙනෙක් එක්ක රාත්‍රී ආහාර ගන්න ඉස්තරම්ම රෙස්ටුරන්ට් එකකට ආවා. ඔවුන් වාඩි වුණු මේසයට සංග්‍රහ කළේ වේටර්වරියක්. මේ වේටර්වරිය මේ ජෝඩුව හිටපු මේසෙට තරමක් දුරින් තිබුණු වෙනත් මේසෙක හිටපු සේවාදායකයින්ගේ ඇණැවුමක් භාරගන්න ගමන් එක පාරටම අමුතු දර්ශනයක් දැකල කලබල වුණා. අර අපි කලින් කථා කරපු ජෝඩුවෙ මහත්තයා එක පාරටම තමන්

[continue reading…]



ඉන්නේ ‛අතකොටා’ලයි බැලූ බැලූ අත එනමුත් මගේ රටයි ලෝකේ උතුම් රට

Aug 15th, 2013 | By
t5

දැරණියගල ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු කපා කොටා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය තරමක් පිළුණු වුණු ප්‍රවෘත්තියක්. මොකද සති කිහිපයකට ඉස්සර පත්තර ඇති පදම් මේ ගැන කතා කළා. අනිත් එක ලංකාවේ සිද්ධ වෙන මිනී මැරුම් ප්‍රමාණයට අනුව එක් සිද්ධියක් ගැන මාධ්‍යයට අඩුම ගානේ දවස් දෙක තුනකට වඩා කතා කරන්න වෙලාවක් නෑ. මොකද අලුත් අලුත් සිදුවීම් සිදුවන නිසා පරණ

[continue reading…]



බෙර්ලුස්කෝනිලන්තය සම්ග සමබිම අගෝස්තු කලාපය පිටවුණා

Aug 13th, 2013 | By
web-feture

ව්‍යවස්ථාවෙන් පිටත පවතින රැඩිකල් ව්‍යතිරේඛය- දීප්ති කුමාර ගුණරත්න නවීන චින්තනයක් නැතුව නවීන ජාතියක් ඇතිවීමේ අවුලටයි අපි දැන් මුහුණ දීලා ඉන්නේ – වික්ටර් අයිවන් ජෙන්ඩර් පොලිසිය – කුමුදුනී සැමුවෙල් අසාන්ශේ, ස්නෝඩන් ජාතික ආරක්ෂාව සහ පුද්ගලික ස්වාධිපත්‍යය – හර්ෂ ගුණසේන උතුරුකරයෙහි විකල්ප දේශපානයක විභවයන් – සාමිනාදන් විමල් මුදා නොගත් අම්පාරේදී වෘකයන් අතර නග්නව – ඥානවීර දිසානායක මාතරදි

[continue reading…]