Posts Tagged ‘ සමබිම පුවත්පත 2013 නොවැම්බර් ’

අපි ඉන්නේ පිරිහීමේ උච්චතම අවස්ථාවේ – ‛ලක්බිම’ කර්තෘ සමන් වගආරච්චි

Dec 9th, 2013 | By
SAMAN

මාධ්‍යවේදියෙක් විදියට මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ අදහසක් දැක්වුවොත් මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ මම සතුටට පත් වෙනවා. පුවත්පත් කලාව තුළ කිසියම් අවස්ථාවන් ගණනාවක් යම් යම් දේවල් කරන්න මට හැකිවුණා. ඒකෙදී ආරම්භයක් හැටියට මම දකින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම, එහි ආරම්භක ලේකම්වරයා විදියට අවුරුදු ගාණක් කටයුතු කිරීම, ‛යුක්තිය’ පුවත්පතේ විශේෂාංග කතෘවරයා හැටියට වැඩ කරන්න

[continue reading…]



පුංචි ආණ්ඩුව, මහ ආණ්ඩුව ආණ්ඩු විරෝධය

Dec 4th, 2013 | By
Untitled-1

[සාමිනාදන් විමල්] මෙම සටහන ලියන දිනය (2013-10-25) උතුරෙහි පමණක් නොව සමස්ත ලංකාවෙහිම ඓතිහාසික දිනයක්ය යන්න ජනමාධ්‍යවල වාර්තා කර ඇත. එයට හේතුව උතුරු පළාත් සභාවෙහි මංගල සභා වාරය නොවැම්බර් 25 වන දිනයෙහි පැවැත්වීමයි. ඡන්දයට පෙරත් එමෙන්ම එයට පසුවත් මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති සැපයූ උතුරු පළාත් සභාව ආරම්භ වන්නේ උතුරෙහි පුංචි ආණ්ඩුව යන නාමය හිමි කර ගනිමින්ය. මෙම

[continue reading…]



දේශපාලන පණිවුඩවල අගය සහ වැදගත්කම

Dec 4th, 2013 | By
srilanka-20nov2012-300x200

[හර්ෂ ගුණසේන] උතුරු පළාත් සභා මැතිවරණය ජයගැනීමෙන් පසුව එහි මහ ඇමතිවරයා වන සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීම මගින් සිංහල අන්තවාදීන්ගේ බලාපොරොත්තුවලට පටහැනිව තමන් සංහිඳියා මාවතේ ගමන් කිරීමට සූදානම් බවට වන ප්‍රබල දේශපාලන පණිවුඩයක් දෙමළ ජාතික සන්ධානය විසින් ලබා දී තිබේ. සිය නායකයා වන ආර්. සම්පන්දන්ගේ යෝජනාවක් අනුව බොහෝ සේ විවාද කිරීමෙන් පසුව කොළඹ

[continue reading…]



ෆීනික්ස් පක්ෂියාගේ නැගිටීම…- කේ.ඩබ්ලිව්.ජනරංජන

Dec 2nd, 2013 | By
Untitled-1

ෆීනික්ස් කියන්නෙ අළු මතින් අලුතෙන් ඉපදෙන පක්ෂියෙක්. පහුගිය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා උතුරු පළාත් සභා ඡන්දෙ වෙලාවේ ෆීනික්ස් පක්ෂියෙක් ඉපදුණා. ෆීනික්ස් පක්ෂියා හුදෙක් තනි සිදුවීමක් නෙමෙයි, ඒක ක්‍රියාවලියක්. ඊට ඉස්සෙල්ලා ඇතිවෙච්ච විනාශයක් තුළින් ඇතිවෙච්ච තත්ත්වයක්. මම කැමතියි මේක සමාන කරන්න උතුරු පළාත් සභාවට. අපි දන්නවා අවුරුදු 30 ක් තිස්සෙ සන්නද්ධ අරගලයක යෙදිලා ඊටත් එහා අවුරුදු

[continue reading…]



ඉඩම් සහ පොලිස් බලතල: පවතින සමාජය ප්‍රතිනිෂ්පාදනය වන්නේ කෙසේද?

Nov 29th, 2013 | By
dt

 [දීප්ති කුමාර ගුණරත්න] 01-දෘෂ්ටිවාදය සම්බන්ධ අලුත් අදහස කුමක් ද? 02-එම අලුත් අදහස උදාහරණයක් මගින් පහදන්නේ කෙසේද? සම්භාව්‍ය මාක්ස්වාදය අනුදත් ලෙනින්වාදය,ස්ටැලින්වාදය,මාඕවාදය සහ ට්‍රොට්ස්කිවාදය මගින් දෘෂ්ටිවාදය විවේචනය කිරීමේ දී අදාල කරන්නේ යථාර්ථය දෘෂ්ටිවාදය මගින් අවුල් කරන බවයි. නමුත් ලැකාන් අනුදත් මාක්ස්වාදය යටතේ ( මෙහි ප්‍රධාන ප්‍රකාශකයා ස්ලොවෝ ජිජැක්ය) දෘෂ්ටිවාදය විචාරය වන්නේ කෙනෙකු අනුදත් යථාර්ථය නොව ඉන් ගිලිහී

[continue reading…]



බලි ඇඹීම වෙනුවට, පිළිම ඇඹීම

Nov 28th, 2013 | By
d4

දස්කොන් අදිකාරම් අප අතර ඉතා ප්‍රකට චරිතයක් වී ඇත්තේ ඔහු සහ ප්‍රමිලා බිසව අතර තිබූ පෙම් කතාන්දරය නිසාය. උපතින් ප්‍රංශ ජාතිකයෙකු වූ දස්කොන්ගේ නියම නම ‛ගාකොන්’ වුවත් සිංහල කටවහරට අනුගත වන පරිදි එය දස්කොන් බවට පත්විය. රාජසිංහ රජතුමාට සේවය කිරීම වෙනුවෙන් දස්කොන්ට අදිකාරම් තනතුරක් ලැබිණි. ඔහු නරේන්ද්‍රසිංහ රජතුමාට සේවය කළ බව ද තවත් කතාවකින් කියැවේ.

[continue reading…]



මගේ නොවන මගේම ලිංගික ජීවිතය

Nov 26th, 2013 | By
d3

[රමිදු පෙරේරා] ලංකාව තුළ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට කාන්තා දේශපාලන පීඨයේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා නිමල්කා ප්‍රනාන්දු පසුගිය දිනෙක කර තිබූ ප්‍රකාශය ජනමාධ්‍ය විසින් මහත් අභිරුචියෙන් වාර්තා කොට තිබුණි. ඇමති විමල් වීරවංශගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය මෙම පුවතට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නේය. ජාතික හෙළ උරුමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙවැනි ප්‍රකාශ රටේ

[continue reading…]



ධනවත් මිනිසුන් කැසිනෝ ගහන්නේ ඇයි ?

Nov 25th, 2013 | By
CASINO

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ළමයින්ට සුදුසු නැත [සුදර්ශන ගුණවර්ධන] “හැම රාත්‍රියකම මිලියන ගාණක් මිනිස්සු මගේ කැසිනෝවෙන් මුදල් හොරකම් කරන්නේ කොහොමද කියා කල්පනා කර කර නිදි නැතිව රැය පහන් කරනවා”යි ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට් වරක් ක්‍රොස් ඩි ලේනාට පැවසීය. මාරියෝ පූසෝගේ ‛ද ලාස්ට් ඩොන්’හි එන වර්ණවත් කල්පිත චරිතයක් වන්නේ ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට්ය. ඔහු ඇමරිකාවේ ලාස් වේගාස්හි කැසිනෝවක් වන ෂනාඩු හෝටලයේ

[continue reading…]



අවසානයේදී යුද්ධයෙන් ජයගෙන ඇත්තේ සිංහලයා නොව කැසිනෝ ප්‍රාග්ධනයයි

Nov 25th, 2013 | By
JJJ

‛සමබිම’ පත්තරයේ මංගල කලාපය පළවූයේ 2010 අප්‍රේල් මාසයේදීය. ආරම්භක කලාපයේ සිටම අපි එහි කොටස් වශයෙන් පළවෙන විශේෂාංගයක් පළ කළෙමු. ඒ ‛ද ගෝඩ්ෆාදර්’ ලියූ මාරියෝ පූසෝගේ ‛ද ලාස්ට් දොන්’ නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. එයට අප යෙදූ තේමාව ‛ඇඟ විකුණන්නෙ නැතිව මට නිළියක් වෙන්න බැරිද?’ යන්නයි. මෙම විශේෂාංගය ‛සමබිම’ වැනි පුවත්පතක පළ කරන්නේ ඇයිද යන්න බොහෝ දෙනෙකුට

[continue reading…]



ආලෝකයේ මිනිසා සමග සමබිම 40 කලාපය පිටවුණා

Nov 21st, 2013 | By
ft4

අවසානයේදී යුද්ධයෙන් ජයගෙන ඇත්තේ සිංහලයා නොව කැසිනෝ ප්‍රාග්ධනයයි – සමබිම වැකිය ඉඩම් සහ පොලිස් බලතල: පවතින සමාජය ප්‍රතිනිෂ්පාදනය වන්නේ  කෙසේද? – දීප්ති කුමාර ගුණරත්න ධනවත් මිනිස්සු කැසිනෝ ගහන්නේ ඇයි? – සුදර්ශන ගුණවර්ධන දේශපාලන පණිඩුඩවල අගය සහ වැදගත්කම- හර්ෂ ගුණසේන පුංචි ආණ්ඩුව,මහ ආණ්ඩුව සහ ආණ්ඩු විරෝධය – සාමිනාදන් විමල් ෆීනික්ස් පක්ෂියාගේ නැගිටීම – කේ.ඩබ්ලිව්. ජනරංජන අතරමැදියන්

[continue reading…]