Posts Tagged ‘ සමබිම පුවත්පත 2013 සැප්තැම්බර් ’

ඔහු රජයේ සේවකයා කිව්වම කවුද නොදන්නේ

Oct 16th, 2013 | By
ft5

බෙලාරූස් වැසියෙකු දිනක් මහමග බසයක් එන තෙක් නැවතී සිටින විට පාරෙන් අනිත් පස දෙදෙනෙකු යම් කටයුත්තක් කරමින් සිටිනු දුටුවේය. අපේ රටේ මෙන් නොව එරටේ නිතරම බස් එන්නේ නැති නිසා අහළ පහළ වෙන බලන්නට දෙයක්ද නැති නිසා මේ පුද්ගලයාගේ වැඩි අවධානයක් ක්‍රම ක්‍රමයෙන් ඉදිරිපස වැඩ කරමින් සිටි දෙදෙනා වෙත යොමුවිය. එහිදී ඔහු දුටුවේ පුදුම සහගත දෙයකි.

[continue reading…]



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?

Oct 3rd, 2013 | By
tt

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමඟම බැඳෙන සමහරු කැමති, සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයයි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය Gender (ජෙන්ඩර්) කියා හඳුන්වයි. මෙම සංකල්පය ගැන කතා

[continue reading…]



වෘත්තයක චලනය වන්නා විචාරය කිරීම

Oct 3rd, 2013 | By
dee

[දීප්ති කුමාර ගුණරත්න] ලංකාවේ බහුතරයක් ජනයා ගමන් කරන්නේ වෘත්තයක් දිගේය. ඒ නිසා ඔවුන්ට වරක් වූ දෙය යළිත් සිදු වෙයි. වරක් දුටු දෙය යළිත් පෙනෙයි. එවිට ඔවුන් විශ්මයට පත් වෙයි. අසූව දශකය මුල සංවර්ධනයේ සංකේතය ලෙස ඔවුන්ට මහවැලි ව්‍යාපාරය හමුවූ අතර ඊට වසර 30 කට පසුව යළිත් එයම අධිවේග මාර්ග යනුවෙන් හමු වී ඇත. 1988 වසරේදී

[continue reading…]



කිරි විසි(ෂ) කරවන ජාතිවාදය

Oct 1st, 2013 | By
mm

කිරි පිටි බොන්න අපි කවුරුත් කැමතිය. එහි ගුණයක් නැති බව කියන්නෝ අවිඥානික ගුණ විශේෂඥයෝ වෙත්. අප ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය වනාහි “Codex Alimentarius” (ආහාර පොත) හි දක්වා ඇති අන්තර්ජාතික ප්‍රමිතීන්ට යටත්ව නිෂ්පාදනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය වන බව එකී ගුණ විශේෂඥයෝ නොදනිත්. එනිසා කිරි පිටි භාවිතය ගැන අප චකිතයක් ඇති කර ගත යුතු නැත. මෙම

[continue reading…]



මගියාගේ සිහිනය සහ පෙළපාලිකරුවාගේ බාධාව

Oct 1st, 2013 | By
rt

මහ මග සිදු කෙරෙන විරෝධතා පෙළපාලි පාලනය කිරීම සඳහා රෙගුලාසි මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය අගෝස්තු 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු විය. මේ පෙත්සම ගොනු කොට තිබුණේ නව හැවිරිදි දැරියකගේ පියෙකු විසිනි. නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචිකරුවෙකු වන පෙත්සම්කරුගේ කතාව මෙසේය. ජූලි 03 වන දා මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔහුගේ දැරිය පාසලෙන්

[continue reading…]



සංහිඳියාව සඳහා ආගම යොදා ගන්න පුළුවන් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Sep 25th, 2013 | By
galkande-dhammananda-thero

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2013 අගෝස්තු 26 වනදා රාජගිරිය ට්‍රයිකෝන් සංස්කෘතික පදනම ආයතනයේදී පැවති ‘ආගම උපකරණයකි’ සංහිදියාව ඇති කරලීමෙහිලා එය කොතෙක් දුරට භාවිතා කළ හැකිද? සංවාදයෙහි පළ වූ අදහස් පහතින් සමබිම පාඨක ඔබ වෙත ගෙන එන්නෙමු. බුදු හාමුදුරුවො එක් විශේෂ දේශනාවකදි තමන්ගෙ ධර්මය කෙළින්ම උපකරණයකට නැත්නම් ආධාරකයකට සමාන කරනවා – “මහණෙනි මම මගේ ධර්මය

[continue reading…]



ප්‍රගතිශිලී භික්ෂූව ප්‍රතිගාමී වූ හැටි විද්‍යාලංකාර ප්‍රකාශය ඇසුරෙන්…

Sep 25th, 2013 | By
dr

දැනට අවුරුදු පනහකට පමණ පෙර මෙරට සිංහල බෞද්ධයන් මෙම ආත්මයේම නිවන් ප්‍රාර්ථනා කළේ නැත. ඔවුන්ගේ පරමාර්ථය වූයේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමටයි. 1946 දී නිකුත් කළ විද්‍යාලංකාර ප්‍රකාශනයේ මෙසේ සඳහන් වේ. “…නමුත් බුද්ධ කාලයෙහි පැවැති ආර්ථික සාමාජික දේශපාලන තත්ත්වයට වඩා අද තත්ත්වය වෙනස්වී තිබෙන බවත් එහෙයින්ම එකල පැවැති භික්ෂු ජීවිතයට වඩා අද භික්ෂු ජීවිතය වෙනස්වී

[continue reading…]



පිටරට සල්ලිවලින් දේශප්‍රේමී චින්තකයින් බිහිවීමේ ආර්ථිකය

Sep 24th, 2013 | By
FR

යුද්ධයෙන් පසු ලංකාව සියලු සෞභාග්‍යයන්ගෙන් පිරී රටේ දළ ජාතික නිෂ්පාදනය පිළිබඳ පෘෂ්ඨිමත් සංඛ්‍යා ලේඛන ද දක්වමින් කල් ගෙවමින් සිටින වගක් පෙනෙන්නට ඇත. කවර ආකාරයකින් බැලූවද රට එකම මඟුල් ගෙයකි, එක් අතෙකින් රටේ ජනතාව ආනයනය කරන ලද පාරිභෝගික භාණ්ඩ එකිනෙකා සමඟ වන තරගයකදී මෙන් මිලදී ගනිමින් සිටිති. අනෙක් අතින් රජයද හරි හරියට ඉදිකිරීම් ද්‍රව්‍යය වෙනුවෙන් රාජ්‍ය

[continue reading…]



ඩොලර්වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන

Sep 24th, 2013 | By
NGO

‛සිවිල් සමාජය අවදියෙන් ඉන්නවා නම් මේවා වෙන්නේ නෑනේ, මේ ප්‍රශ්න ගැන සිවිල් සමාජය මීට වඩා මැදිහත්වීමක් කළ යුතුයි, ලංකාවේ සිවිල් සමාජයක් තියෙනවද?, සිවිල් සමාජය නිෂ්ක්‍රීය වෙලා… ඒකයි ආණ්ඩුව මෙහෙම හැසිරෙන්නේ… ලංකාවේ ජාතික පත්තරවල ජනප්‍රිය (?) විශේෂාංග ලිපි හෝ සම්මුඛ සාකච්ඡා බොහෝමයක අවසානයේදී මෙවැනි වගන්ති ඔබට හමුවී නැතිවා වන්නට බැරිය. ඇතැමුන් සමාජ ප්‍රශ්න ගැන කතා කරනවිට

[continue reading…]



මේ කවුද? මොනවද කරන්නෙ?

Sep 18th, 2013 | By
navipillay

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියගේ ලංකා සංචාරය ගැන ප්‍රශ්න 14 ක් 1. ඔබගේ ලංකාගමනය සිදුවන්නේ කෙසේද? මට මෙම ආරාධනය කිරීම ගැනත් මෙම ඉතාම සංකීර්ණ සංචාරය සැලසුම් කිරීමේදී සහ සංචාරයේදී ලබා දෙන ලද අනගි සහයෝගය ගැනත් ශ්‍රී ලංකා රජයට මම ස්තූති කරනවා. මම කැමති තැනකට යන්නත් මම කැමති දෙයක් දැක බලා ගන්නත්

[continue reading…]