Posts Tagged ‘ සමබිම පුවත්පත 2014 අගෝස්තු ’

කණාමැදිරි එළියට බය උදවියගේ දේශපාලනය

Oct 29th, 2014 | By
maru

| සාමිනාදන් විමල් ”මාරු තඩම්’’ කියන්නේ දැනට ස්විස්ලන්තයෙහි වසන රමණදාස් කියන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයාගේ සිනමා නිර්මාණයක්. ලංකාවෙහි සහ පිටරට රූගත කර ඇති මෙම චිත්‍රපටයෙහි ලංකාවෙහි දැනට වාසය කරන නළු නිළියන් ද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙන අතර මේ චිත්‍රපටයෙහි ආරාධිත දර්ශනයක් එහි අධ්‍යක්‍ෂක විසින් යාපනයෙහි රාජා සිනමා ශාලාවෙහි සංවිධානය කර තිබුණා. දකුණු ඉන්දීය වානිජ සිනමාවට එරෙහිව යන

[continue reading…]



ඡන්ද කරන හැටි කොරියාවෙන් ඉගෙන ගනිමු

Oct 29th, 2014 | By
rrr

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ශී‍්‍ර ලංකාවේ මැතිවරණ ක්‍රමවේදය සම්බන්ධයෙන් කතා කිරීමේ දී ඒ අළලා විශාල ප්‍රමාණයෙන් අඩුපාඩු පවතින බව සියලූ දෙනාම දන්නා කාරණයක්. මේ වනවිට ඌව පළාත් සභා මැතිවරණය ස`දහා කටයුතු සූදානම් වෙමින් පවතින අතරේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයක් ගැන ද කතාබහ සිදුවෙමින් පවතී. ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය

[continue reading…]



පැන යන මිනිසුන්ගේ කතාව

Oct 15th, 2014 | By
reff

සිය ජීවිතය, මනුෂ්‍යභාවය නැත්නම් ආත්මගරුත්වය බේරාගැනීම පිණිස තමා ජීවත්වන පරිසරයෙන්, භූමියෙන් සහ මිනිසුන්ගෙන් පලා යාමට මිනිසුන්ට, ගැහැනුන්ට සහ වෙනත් ඕනෑම මනුෂ්‍ය වර්ගයකට ඇති අයිතියට ලොව පුරා දිගු ඉතිහාසයක් ඇති අතර එය මේ ලිපිය ලියන මොහොතේත් සිදුවන අතර අනාගතයේත් සිදුවේවි. ලක්දිව ඉතිහාසය විමසීමේදී එලෙස අභය දානය පිණිස රටින් පලා ගිය පිරිස් පිළිබඳ කතා පුවත් බොහෝ වේ.

[continue reading…]



අද කම්කරුවා හිතන්නේ මාසෙ අන්තිමට ණය වාරිකය ගෙවන හැටි ගැනයි

Oct 15th, 2014 | By
thre

සී.එම්.යූ. වැඩබලන ප‍්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි හැඳින්වීම: සිල්වෙස්ටර් ජයකොඩි යනු ලංකාවේ පෞද්ගලික අංශයේ ප‍්‍රබලතම වෘත්තීය සමිතිය වන සී.ඇම්.යූ. වේ වැඩබලන ප‍්‍රධාන ලේකම් වරයාය. ඔහු එසේ වැඩබැලීමට පත්වූයේ සංගමයේ අසහාය නායකයා වූ බාලා තම්පෝ සහෝදරයා අවුරුදු 92 ක් ආයු වළඳා පරලෝ සැපත් වූ පසුවය. පහත පළවන්නේ බාලා තම්පෝ සහෝදරයා පිළිබඳ මතකය ‘සමබිම’ පාඨකයන් සමග බෙදා හදා

[continue reading…]



අතාර්කික විශ්වාසය අපව පාලනය කරන්නේ නැද්ද?

Oct 13th, 2014 | By
CHOMSKEY

නෝම් චොම්ස්කිගේ තාර්කික මනසට අනුව මාක්වාදය සහ ෆ්‍රොයිඞ්වාදය ඔහු සලකන්නේ අතාර්කික ඇදහිලි ලෙසිනි. නලින් ද සිල්වා වැනි සිංහල ජාතිවාදියෙකුට අනුවද මාක්ස්වාදය සහ ෆ්‍රොයිඞ්වාදය යනු අතාර්කික ඇදහිලිය. නමුත් අපි ඇසිය යුතු ප‍්‍රශ්නය කුමක්ද? අතාර්කික ඇදහිලි මගින් අපව පාලනය නොවනවා යැයි ස්ථීරවම අපට ප‍්‍රකාශ කළ හැකිද? ගැහැනිය – නෝම්, ‘ පෙරටුගාමීත්වය’ පිළිබද අදහසින් ඔබ්බට, පොදුවේ ගත් විට

[continue reading…]



ප‍්‍රාග්ධනය යනු කුමක්ද?

Oct 13th, 2014 | By
CAP

|දීප්ති කුමාර ගුණරත්න ප‍්‍රාග්ධනය (capital) යනු කුමක්ද? 21 වැනි සියවසේ ජීවත් වන, අධිතාක්‍ෂණික දැනුමක් සහිත පුද්ගලයෙකුගෙන් මෙම ප‍්‍රශ්නය ඇසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුත් ඔහු මෙම ප‍්‍රශ්නය උත්තරයක් තමා සතුව නැති වීම ගැන ලැජ්ජා නොවනු ඇත. අප ජීවත් වන සමාජ ක‍්‍රමයට ‘නමක්’ නැත. ඒ ගැන කිසිවකු පුදුම වන්නේ ද නැත. නමක් නැති සමාජයක ජීවත් වීම

[continue reading…]



චීන අධිවේගී ණය උගුල

Oct 6th, 2014 | By
gt2

එක්දින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිය සංචාරයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6ක් වටිනා ණය ගිවිසුම් 21ක් ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ අතර එම ණය මුදල් සම්භාරය අප වෙත ප‍්‍රදානය කෙරෙනුයේ වාණිජ බැංකුවක් වන චීන ‘එක්සිම්’ බැංකුවෙනි. මෙම අති විශාල ණය මුදල් අප වෙත ලැබෙනුයේ 2013 දෙසැම්බර් මස අග

[continue reading…]



චීන මකරා ඉඹලා පිළිගැනීම

Oct 6th, 2014 | By
cm

චීන ජනාධිපති ෂී ජින්පින් ලංකාවට ඇවිත් ගියේය. ඒ දවස් දෙකේ කොළඹ නගරය පුරා චීන කොඩි එල්ලා තිබුණි. චීන – ලංකා මිත‍්‍රත්වය ගැන කතාවලින් පුවත්පත් පිරී ගියේය. චීන ජනාධිපතිවරයා යෝජිත ‘කොළඹ වරාය නගරය’ නමැති ව්‍යාපෘතිය විවෘත කිරීමට සහභාගී විය. කොළඹ වරායට යාබද හෙක්ටයාර 233 ක් භූමි ප‍්‍රදේශයක මුහුද ගොඩකර මේ නව නගරය ඉදිකරනු ලැබේ. ජනාධිපතිගේ සංචාරය

[continue reading…]



වේදිකාව පිටුපස භූමිකාව

Oct 1st, 2014 | By
ru1

”සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගැහැනියක් සිටියලූ” ඇත්තටම මොකක්ද මේ හැංගිමුත්තම. කාන්තාවන් වශයෙන් ස්වාධීනව ඉදිරියට ඒමක් සිදු නොවී සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙ ඉන්න කාන්තාවන් පුරුදු වුණේ ඇයි කියන කාරණය ඇත්තටම ප‍්‍රශ්නයක්. පිරිමින් පෝෂණය කරමින් ඔවුන්ට සාර්ථක වීමට අවශ්‍ය උදව් පදව් ටික කලට වේලාවට ඉටු කරමින් කාන්තාවන් මුළු ගැන්වී සිටීමට කාන්තාව අවිඥානිකවම පුරුදු පුහුණු වී තිබීම තමයි මෙයට

[continue reading…]



පිරිමි ජෝක් කළාම ගෑනුන්ට කේන්ති යන එකට කියන්නෙ අසංවරකම කියලද?-ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Oct 1st, 2014 | By
nimalka

ස්ත‍‍්‍රී ශරීරය සම්බන්ධයෙන්ද ස්ත‍‍්‍රිය සම්බන්ධයෙන්ද සමාජයේ මුල් බැසගෙන ඇති අගතිගාමී මතයට වෙනස්ව විකල්ප මතයක් දරන්නේ ඉතාමත්ම අතලොස්සකි. වත්මන් ලාංකික පිරිමි සමාජයට අනුව කාන්තාවන්ගේ ඇදුම් පැළඳුම් ඇදීමම නොමනා ලිංගික හිංසනයකට කාන්තාවන් ලක් කිරීම සඳහා දොර විවෘත කිරීමක් වන්නේය. වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීමේ සිදුවීම හරහා තමා ප‍්‍රකාශ කිරීමට

[continue reading…]