Posts Tagged ‘ සමබිම 33 වන කලාපය ’

හලාල් විරෝධී යුද්ධය භයානක ආර්ථික ඝාතකයෙකි

Apr 3rd, 2013 | By
HA

ආර්ථික ඝාතකයා පසුගිය කාලය පුරා අපට අහන්නට ලැබුණු ආර්ථික ඝාතකයා යනු කවුදැයි හඳුනාගමු. ආර්ථික ඝාතකයෝ බියකරු වෙනවා පමණක් නොව, ආදරයට ද පාත්‍ර වෙති. ඔවුන් පහර දුන්නේ කොහේ සැඟවී සිට දැයි ඔබට දැනගැනීමට ඉඩක් නොතබා ප්‍රහාරය එල්ල කෙරෙන නිසා, ඔවුන් බියකරුය. අනෙක් අතට ඔවුන් ඔබව උද්දීපනය කරන තරම කෙතෙක්ද යත්, විඩාවකින් තොරව දවස් ගණන් ඔවුන් ගැන

[continue reading…]



ශීලයෙන් පිරුණ බුදුදහම චණ්ඩිකමෙන් ආරක්ෂා කිරීමට යාම

Apr 2nd, 2013 | By
dr5

මා යම්කිසි ආගමකට අයත් වේ නම් සහ එම ආගම විසින් මා කන බොන සහ අඳින පළඳින ආකාරය නිශ්චය කරන්නේ නම් මම එම ආගමෙන් ඉවත් වෙමි. ඒ එවන් වූ අධිකාරියක් මා නොඉවසන බැවිනි. එනමුත් වෙනයම් අයෙකුට එම ආගම ඇදහීමේ සහ ඒ අනුව කෑමේ බීමේ ඇඳීමේ පැළඳීමේ නිදහස තිබිය යුතුය. එසේම එම නිදහස අනෙකුත් පුරවැසියන්ගේ ඒ හා

[continue reading…]



ඇයි අවුල්ද?

Mar 31st, 2013 | By
453

අසංක පිරිමි ළමයෙක්. පුංචි කාලෙ ඉඳලම අසංක දකින්නේ අම්මගේ පාලනයට යට වෙලා තාත්තා විදින දුක. පුංචි කාලෙ ඉඳලම ඔහුට ඔහුගේ තාත්තා ගැන උපදින්නේ පුදුම දුකක් අනුකම්පාවක්. උදේ නැගිට්ට ගමන් ගින්දරත් එක්ක ඔට්ටු වෙවී අම්මටයි ළමයින්ටයි කෑම හදන තැනින් පටන් ගන්න තාත්තගේ දින චර්යාව තුළ ඒ අත් දෙකට නිදහසක් ලැබෙන්නේ හැමෝම නිදා ගත්තට පස්සේ පැදුරට වැටුනමයි.

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ලැබී තිබෙන්නේ සුළු කොටසකට නම් ඒක වහල් සමාජයක් – විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ

Mar 30th, 2013 | By
ranil

ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් මඳක් වැඩියෙන් සිටින්නේ කාන්තාවන්ය. දේශීය ආර්ථිකයේ ගාමක බලය වන්නේද ඔවුන්මය. පිරිමින් සහ ගැහැනුන් ලෙස සැලකුවහොත් මෙරට බහුතරය වන්නේද කාන්තාවන්ය. සාමාන්‍යයෙන් බහුතර සිංහල ජාතිය අතින් සුළුතර ජාතීන් හිංසනයට පත්වන අප රටේ කාන්තාවන් සම්බන්ධ කාරණයේදී එකී තත්ත්වය උඩු යටිකුරු වී ඇත. මෙහි බහුතරය වන කාන්තාවන් නිරන්තර හිංසනයට ලක් වෙති. ඉකුත් මාර්තු 8දාට යෙදුණු

[continue reading…]



ඉවසන්න ලහිරු!

Mar 28th, 2013 | By
JOKE

අපි පොඩි කාලෙදී නම් ප්‍රසිද්ධ ස්ථානයක කරදරකාරී විදියට නැත්නම් කලබලකාරී විදියට හැසිරුණොතින් දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් බැණුම් අහන්න වෙනවා. ඒ වුණාට දැන් ලෝකෙ වෙනස් වෙලානේ. සමහර ගෙවල්වලට ගියාම අපට සිද්ධ වෙන්නේ ළමයින් කරන කියන සේරම දේවල් ඉවසගෙන ඉඳලා, ළමයින්ගේ හපන්කම් ගැන අම්මලා තාත්තලා කියන විස්තරවලට සවන් දීලා ආපසු එන්නයි. ළමයින්ට තරවටු කරන එක හරි දැනමුතුකමක් කියලා දෙන

[continue reading…]



මරණමංචකයේ දුටු සිහිනය

Mar 28th, 2013 | By
S3

‛ඔෆීලියා’ යනු සුරංගනා කතා කියවීමට කැමැති, තමා අවට ඇති ලෝකයම එකී සුරංගනා කතාවක් යැයි සිතා සිටින සුරංගනාවක් වන් කුඩා දැරියකි. ඇය අපට හමුවන්නේ ස්පාඥ සිවිල් යුද සමයේදීය. ඇඳුම් මසන්නෙකු වූ ඇගේ පියා ඈ කුඩා වියේදීම මියයන අතර ජීවත් වීම සඳහා ඇගේ රූමත් මවට සිදුවන්නේ පියා විසින් ඇඳුම් මසා දුන් හමුදා කැප්ටන් කෙනෙකු සමඟ විවාහ වීමටය.

[continue reading…]



කොටි වලිගය

Mar 27th, 2013 | By
matt

යුද්ධය නිමා කොට වසර හතරක් සම්පූර්ණ වීමට ඇත්තේ තවත් මාස දෙකක කාලයකි. එහෙත් වාර්ෂික අය වැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කොට ඇති වැය ශීර්ෂය දිගින් දිගටම ඉහළ යයි. මෙයට හේතුව මේ වන විට නාගරික සංවර්ධනයද ආරක්ෂක අමාත්‍යංශයට පූට්ටු කර ඇති නිසා බව කෙනෙකු කල්පනා කළ හැකි වුවද, ඇත්ත වශයෙන්ම නාගරික සංවර්ධනය සඳහා වෙන් වී ඇත්තේ සමස්ත

[continue reading…]



Inglourious Basterds සහ තමිල්නාඩු සාධකය

Mar 27th, 2013 | By
ty5

ජර්මනියේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය යුදෙව් ප්‍රශ්නය විසඳුවේ අවුෂ්විට්ස් වැනි වධකාගාර තුළදීය. ලෝකයම බලා සිටියදී කාත් කවුරුවත් නැති අසරණ යුදෙව්වන්ට කළ මේ විපත ලෝක ප්‍රජාවගේ දෑස් ඉදිරිපිටම සිදු වන විට ඔවුන්ගේ සහායට පැමිණි කෙනෙක් නැත. ක්වින්ටින් ටැරන්ටිනෝ නම් ශූර සිනමාකරුවා ඔහුගේ ‛ඉන්ග්ලෝරියස් බාස්ටර්ඩ්ස්’ සිනමා කෘතිය මගින් අතීතය යළි ප්‍රතිනිර්මාණය කරන

[continue reading…]



සමබිම මාර්තු කලාපය පිටවුණා

Mar 26th, 2013 | By
SEE33

ඔබට සමබිම පුවත්පත ලබාගත හැකි ස්ථාන පවන – කොටුව දුම්රියපොළ සදීපා – බොරැල්ල ගොඩගේ- මරදාන විදර්ශන – නුගේගොඩ පුවත් නැණ පියස – පුරහල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාඨකයන් හට හිරියාල ඒජන්සි – ඉබ්බාගමුව කුමාර පොත්හල – කුරුණෑගල (කොතලාවල විද්‍යාලය ඉදිරිපිට) චතුර පොත්හල-කුරුණෑගල සමුද්‍රා පොත් ප‍්‍රදර්ශනාගාරය -කුරුණෑගල විදර්ශන පොත්හල-කුරුණෑගල දැන් ඔබට DIALOG EZ CASH මගින් සමබිමට මුදල් එවිය හැක

[continue reading…]