Posts Tagged ‘ සම්පත් පුෂ්පකුමාර ’

ඉන්නේ ‛අතකොටා’ලයි බැලූ බැලූ අත එනමුත් මගේ රටයි ලෝකේ උතුම් රට

Aug 15th, 2013 | By
t5

දැරණියගල ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු කපා කොටා මරා දැමීම පිළිබඳ ප්‍රවෘත්තිය තරමක් පිළුණු වුණු ප්‍රවෘත්තියක්. මොකද සති කිහිපයකට ඉස්සර පත්තර ඇති පදම් මේ ගැන කතා කළා. අනිත් එක ලංකාවේ සිද්ධ වෙන මිනී මැරුම් ප්‍රමාණයට අනුව එක් සිද්ධියක් ගැන මාධ්‍යයට අඩුම ගානේ දවස් දෙක තුනකට වඩා කතා කරන්න වෙලාවක් නෑ. මොකද අලුත් අලුත් සිදුවීම් සිදුවන නිසා පරණ

[continue reading…]



අවුරුදු 30ක් පුරා පැතිරෙන ජුලි මාසයේ කළුවර

Jul 24th, 2013 | By
f5

පාලු ප්‍රදේශයක අතහැර දමන ලද නිවසක අවිගත් තරුණයන් දෙදෙනෙකි. එක් තරුණයෙකු වෙඩි වැදීමකින් ඇතිවූ තුවාල සහිතව බිම වැතිර සිටියි. අනෙක් තරුණයාගෙන් ඔහු ආයාචනා කරනු ලබන්නේ තමන්ට වෙඩි තබා බේරී පැන යන ලෙසයි. තුවක්කුව අත දරා සිටින තරුණයා තම අවිය තුවාල ලබා සිටි තම සඟයා වෙත මානා වෙඩි තැබීය. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මීසාලේ ප්‍රදේශයේ සිදුවූ

[continue reading…]



දෝෂාභියෝගය ගැන ජෝර්ජ් ඕවෙල්ගේ ගොවිපොළෙන් ඉගෙන ගනිමු!

Feb 5th, 2013 | By
AAA

ඔස්ටින් ප්‍රනාන්දු මහතා විශ්‍රාම ලත් ප්‍රවීන රාජ්‍ය නිලධාරියෙකි. ඔහු සටන් විරාම ගිවිසුම පැවැති අවදියේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේය. මේ සමඟ පළවන්නේ ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් Learning from the Orwellian farm management මාතෘකාව ඔස්සේ ‛දි අයිලන්ඩ්’ පුවත්පතට ලියන ලද ලිපියක අනුවාදයයි. ජෝර්ජ් ඕවෙල්ගේ  The Animal Farm  යන නවකථාව සෝවියට් සමාජවාදී පාලනය පිළිබඳව ලියැවුණු උපහාස කථාවකි.

[continue reading…]



ශ්‍රී ලංකා මානව හිමිකම්: ජිනීවාහිදී සිදුවූයේ කුමක්ද?

Dec 7th, 2012 | By
sampath

( නීතිඥ සම්පත් පුෂ්පකුමාර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක ප්‍රමුඛ පෙළේ සංවිධානයක් වන රයිට්ස් නව් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. පසුගියදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ විශ්ව කාලාන්තර සමාලෝචන සැසිය(UPR)ට ඔහු ද සහභාගී විය. මේ එම ක්‍රියාවලිය හා එහි ඉදිරි ප්‍රතිපල ගැන ඔහු දැක්වූ අදහස් ඇසුරෙන් සැකැසුණු ලිපියකි) මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ

[continue reading…]



විනීත සමාජයක සමාජ ආයතන තම ජනතාවට අවමන් නොකරයි

Nov 16th, 2012 | By
DT

විනීත සමාජයක ආයතන විසින් තම ආධිපත්‍යය යටතේ සිටින ජනතාව අවමානයට පාත්‍ර නොකෙරේ… -ඊශ්‍රායල ජාතික චින්තකයෙකු වන අවිෂායි මාගලිත් මගේ මතකයේ හැටියට ඒ 2009 වර්ෂයයි. බම්බලපිටිය මුහුදු වෙරළේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් දුම්රියකට ගල් ගැසුවා යැයි සැක කළ මානසික රෝගී තරුණයෙකුට පොලුවලින් පහර දෙමින් සිටින ලදී. සැකකාර තරුණයා වැඳ වැටෙමින් ආයාචනය කළ මුත් පොලිස් නිලධාරීන් ඔහු

[continue reading…]



ප්‍රතිසන්ධානය මඟ හැර උතුරට ගොස් වැඩක් නැත

Oct 29th, 2012 | By
s28

පසුගිය අගෝස්තු මාසයේ සති අන්තයක මට අමතක නොවන රැස්වීම් දෙකකට සහභාගී වෙන්න සිදු වුණා. එකක් කොළඹ, අනිත් එක මන්නාරමේ. මුලින්ම කොළඹ රැස්වීම ගැන කියනවා නම්, කොළඹ රැස්වීමට සහභාගී වුණ පිරිස වුණේ රයිට්ස් නව් සංවිධානය  පසුගිය කාලය පුරා පුහුණු කරපු සීමාවාසික විශ්වවිද්‍යාල සිසු සිසුවියන්. මානව හිමිකම් සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරපු සීමාවාසික සිසුන් එකතුවෙලා Former Interns Association එක

[continue reading…]



මැතිවරණ නිරීක්ෂණ යල් පැන ගිහින්

Aug 25th, 2012 | By
mffe

– නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ ලේකම් නීතිඥ සම්පත් පුෂ්පකුමාර මැතිවරණ දූෂණ වංචා පිළිබදව ශ‍්‍රී ලාංකික ඡන්ද දායකයන් වන අපට අමුතුවෙන් විස්තර කරදීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම 80 දශකයේ සිදුවූ බරපතල ඡන්ද දූෂණ වංචා පිළිබදව ඇති අත්දැකීම් තුළින් ඒ පිළිබදව වඩාත් හොදට දන්නේ දැනට ආණ්ඩුව නියෝජනය කරන සහ 80 දශකයේ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ යෙදුන දේශපාලකයින්ය.

[continue reading…]



අපටත් වැසිකිළියක්

Aug 20th, 2012 | By
ttt

අලුත් භාවිතාවක් සමාජය තුළ තහවුරු කරන්න කොයිතරම් අමාරුද කියල කල්පනා කරන කොට මට මතක් වුණේ පොඩි කාලේ කියවපු කෙටි කතා පොතක තිබුණ කතාවක්. ඒ තමයි කේ.ජයතිලක මහත්තයාගේ ‛බොඳ වුණු සිත්තම’ කෙටිකතා පොතේ “අපටත් වැසිකිළියක්” කියන කෙටිකතාව. මේ කතාව ගෙතී ඇත්තේ 1924 වගේ කාල වකවානුවක පිටිසර ගමක ජීවත් වුණු පවුලක් පිළිබඳවයි. මේ කාලයේ ලංකාව පුරා කොකු

[continue reading…]



ආශ්චර්යයේ ඌරු කොටුව

Jan 30th, 2012 | By

පසුගිය දිනක ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය මාධ්‍ය හමුවේ හඬා වැලපෙමින් ප‍්‍රකාශ කරනු ලැබුවේ තම පියාට ජනාධිපතිවරයා අමතනු ලැබූවේ ‘මල්ලී’ ලෙස බවත් තම පියා ජනාධිපතිවරයාට ආමන්ත‍්‍රණය කරනු ලැබුවේ ‘අයියා’ ලෙස බවත් එබැවින් මෙම කෲර ඝාතනය පිළිබඳව අධිකරණය හමුවේ යුක්තිය ඉෂ්ට වීම පිළිබඳව ඔහු වග බලාගනු ඇති බව

[continue reading…]