Posts Tagged ‘ සාමිනාදන් විමල් ’

විධායක ජනාධිපති ක්‍රමය සහ සුළුතර ජනවාර්ගික පක්ෂ

Jun 26th, 2017 | By
Old Parliament Building now the Presidential Secretariat offices, Colombo, Sri Lanka and modern skyscraper buildings

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභා සාකච්ඡාවලදී ලංකාවෙහි ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි බවට ජනමාධ්‍ය වාර්තා කළේය. ‘දෙමළ සහ මුස්ලිම් යන අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවට ප්‍රචලිත මෙම දේශපාලන පක්ෂවල මෙම ස්ථාවරය සහ ලාංකේය සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳ

[continue reading…]



ජීවත් වීමට බිම්කඩක් මිස ගොඩ පෙරකදෝරුකම් අවශ්‍ය නොවේ!

Mar 27th, 2017 | By
article-doc-fq97m-4N1PgJL5lz5cf0f313acf2ee8d2e-260_634x424

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් පිළිබඳ වාර්ෂික සමුළුව හෙවත් ජනප‍්‍රිය ව්‍යවහාරය තුළ 34 වැනි ජිනීවා සමුළුව 2017 පෙබරවාරි 27 වන දින ආරම්භ විය. ඇත්තෙන්ම මෙය ලංකාවෙහි සෑම වසරකම දෙමළ දේශපාලනය මහත් අපේක්ෂා දල්වා සිටින අවස්ථාවක් බවට මෑත කාලය තුළ පත්ව ඇත. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධමය වකවානුවෙහි මුළු දෙමළ දේශපාලනයම මෙම මාතෘකාව කෙරෙහි දක්වන උනන්දුව අතිමහත්ය. එක්

[continue reading…]



බලය වෙනුවට අයිතිය | සාමිනාදන් විමල්

Dec 23rd, 2016 | By
ddd

ලංකාවේ ප්‍රධාන දේශපාලන කතිකාව ජාතිවාදහරණය ජයගැනීමට තවමත් සමත්ව නැත. තවමත් වේදිකාවෙහි පසුතලය පූර්ව යුද සමයෙහිම පවතියි. නළු නිළියන්ගේ යම් වෙනසක් පවතියි. මඩකලපුව මංගලාරාමය හිමි සහ හිලරි වෙනුවෙන් නල්ලූර්වල පොල් ගසන ශිවාජිලිංගම් වැනි සහාය නළුවන් පිරිසක් වේදිකාවට ගොඩවී සිටීමත්, ඩිජිටල් මෙවලම් වැනි රංග උපකරණ භාවිතයත් හැරුණ විට නාට්‍යයෙහි පැවසිය යුතු තරම් වෙනසක් නොමැත. ඇත්තෙන්ම දීර්ඝ කාලයක්

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



යාපනය විශ්වවිද්‍යාල සිද්ධියේ තිරය පිටුපස කතාව – සාමිනාදන් විමල්

Aug 22nd, 2016 | By
Jaffn-Uni

යාපනය විශ්වවිද්‍යාලයෙහි ශිෂ්‍ය ගැටුම හුදෙක්ම ශිෂ්‍ය ගැටුමක්මද යන්න කෙරෙහි මේ වන විට අවධානය යොමු වෙමින් පවතියි. මෙම ප්‍රශ්නයෙහි කවුරුන්ද හරි? කවුරුන් ද වැරදි? යන්න පිළිබඳව මේ වන විටත් විවිධ ගණයෙහි පරීක්ෂණ, පැමිණිලි විභාග කිරීම් සහ අනාවැකි පළ කිරීම් සිදුවෙමින් තිබෙයි. නමුත් මෙහිදී මම අවධානය යොමු කරන්නේ මේ පිළිබඳව දකුණෙන් මතුවූ ප්‍රතිචාර පිළිබඳවයි. මට දැනෙන අන්දමට

[continue reading…]



යාපනය සරසවි ගැටුමේ පසුබිම සාමිනාදන්ගෙන් නොව නිරාන් අන්කටෙල්ගෙන් විමසමු!

Jul 17th, 2016 | By
Student attack 1

සමහරුන් සිතන්නේ අතීතයේ පැවති ගැටුම් සහ වෙනත් ඒ ආශ්‍රිත සිදුවීම් දෙමළ ජනයා විසින් කියවන්නේ ඔවුන්ටම පොදු වූ විශේෂිත විදියකට බවය. එමෙන්ම මේ අය තවදුරටත් කියන්නේ අතීතය සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ පවතින අවබෝධය සිංහල ජනතාවට සහ මුස්ලිම් ජනතාවට අතීතය සම්බන්ධයෙන් තිබෙන අදහසට සම්පූර්ණයෙන්ම වෙනස් බවයි. සැබැවින්ම දෙමළ ජනතාව තුළ මේ කියන පරස්පරතාවය පවතින්නේ සංක්‍රාන්තික යුක්තිය වශයෙන් ඔවුන්ට හිමිවිය යුත්තේ කුමක්ද කියන කාරණය පිළිබඳවය. සංක්‍රාන්තික යුක්තිය නමින් සිදුවන වැඩපිළිවෙළක් තමන්ට අදාළ වෙන්නේ කෙසේද යන්නත් එවැනි වැඩපිළිවෙළක් විසින් තමන්ගේ ප්‍රජාව තුළ ඉටු කරනු ඇත්තේ කුමක්ද යන්නත් සම්බන්ධයෙන් දෙමළ ජනතාව අතරම විශාල වශයෙන් එකිනෙකට වෙනස් අදහස් තිබේ.
එවැනි තත්ත්වයක් මධ්‍යයේ වුවද සමාජය තුළ මේ සම්බන්ධයෙන් සංවාදයක් ක්‍රියාත්මක වෙයි. අපිට මේ සංවාදය වගේම ඒ සංවාදය ඇතුළේ පවතින වඩාත් ප්‍රමුඛ අදහස් මොනවාද යන්නත් වෙන් කර දැක්වීමට පුළුවන.

දෙමළ ජනතාව අතරේ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධයෙන් මේ තිබෙන විවිධාකාර මතවාද සියල්ලටම පාහේ පොදුවන එක මූලික මතවාදයක් තිබේ. ඉතිහාසයේ පටන්ම ඔවුන්ගේ ජාතියට බරපතළ අසාධාරණයක් සිදුවුණු බව දෙමළ ජනතාව ඉතා දැඩිව විශ්වාස කරති. තමන්ට සිදුවුණු මේ ඓතිහාසික අසාධාරණයන් ගැන කතාකිරීම දෙමළ ජනතාවගේ දෛනික සාකච්ඡාවන්වල කොටසක් වන තරමටම අතීතයේදී දෙමළ ජනතාවට සිදුවූ වැරදි ඔවුන්ගේ වර්තමාන ජීවිතයට බලපෑම් සහගත වී ඇත. තම දෛනික ජීවිතයේ කුමන හෝ සංවාදයක් අතරතුර මේ ලෙස අතීතය ගැන, අතීතයේදී තමන් මත මුදාහැරුණු අසීමිත ප්‍රචණ්ඩත්වය ගැන කතා නොකරන එකම දෙමළ පවුලක්වත් මේ ශ්‍රී ලංකාව තුළ නැති බව මගේ හැඟීමයි. ඔවුන් තුළ තිබෙන තමන්ට අසාධාරණයක් සිදුවුණාය යන විශ්වාසයත් සමගම ඈඳුණු තවත් අදහසක් නම් ශ්‍රී ලංකා රජය මේ හැම වරදක් සම්බන්ධයෙන්ම ඇස් කන් පියාගෙන නිහඬව සිටිමින් ඒ වැරදි සිදුවන්නට ඉඩහළ බවයි. දෙමළ ජන සමූහයන්ට එරෙහිව කෲරත්වය මුදාහැරෙද්දි, ඔවුන්ට විරුද්ධව දාමරිකකම් කරද්දි, ඔවුන්ට වෙනස්කම් සිදුකරද්දි රජය ඒවා නවත්තන්න කිසිම අර්ථවත් ක්‍රියාමාර්ගයක් නොගත් අතර, ඒ වෙනුවට එවැනි වැරදි කළවුන්ට දඬුවම් ලබා නොදී සිටීමේ හෙවත් නිර්මුක්ති සංස්කෘතියක් ඇති කිරීමට කටයුතු කළාය යන අදහස දෙමළ ජනතාවගේ සිත් තුළ තදින්ම පවතී. ඊළඟට මේ ජනතාව තුළ තම ආරක්ෂාව පිළිබඳව බරපතළ සැක සංකාවන් ඉතිරි වී තිබෙන අතර, ඒ සැක සංකාවන් මේ ජනතාවගේ දෛනික ජීවිතයේ තවත් එක කොටසක් බවට පත්ව ඇත.

සංක්‍රාන්තික යුක්තිය යන සංකල්පය අප හඳුන්වන්නේ අතීතයේ සිදුවූ වැරදි හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් පිළියම් සපයන ක්‍රියාමාර්ගයන් සමූහයක් ලෙසටයි. නමුත් යථාර්ථය නම් දෙමළ ජනතාව තුළ මෙන්ම මුස්ලිම් ජනතාව තුළත් අතීතය සම්බන්ධයෙන් ගැටලු‍වක් තිබෙනවාට අමතරව තවත් එවැනිම ගැටලු‍වක් වර්තමානය සම්බන්ධයෙනුත් පැවතීමයි. ඊයේ දිනයේ එහෙමත් නැත්නම් මීට වසරකට හෝ දශකයකට පෙර සිදුවුණු ඒ දාමරිකකම්, සැහැසිකම්, අවමන් සහගත සැලකීම්, ඒ වියරුව, ඒ තර්ජනයන් මේ සියල්ල අද, හෙට හෝ තවත් වසර කිහිපයක අනාගතයේදී නැවතත් සිදුවේවිද යන බිය මේ ජනතාව තුළ හැමවිටම ඉතිරිව තිබේ. දෙමළ ජනතාවගේ දේශපාලන අවකාශය තුළ මේ මොහොතේ පවතින පොදු මතය මෙයයි. 2015 ජනවාරි මාසයේ සිදුවූ වෙනස තුළින් සැබෑ වෙනසක් මෙතෙක් සිදුව නොමැති බව ඇතැම් අය ප්‍රකාශ කරනවා ඔබට සමහර විට අසන්නට ලැබිලා ඇත. විශේෂයෙන් සිවිල් සමාජ ක්ෂේත්‍රයේ ඇතැමුන් වරින්වර “තවමත් මේ කිසිවක් වෙනස්ව නැහැ, ඒ සියල්ල එසේම තිබෙනවා”. යන මතය ඉදිරිපත් කර තිබේ.
කිසිවක් වෙනස්ව නැහැ යන මතවාදය සමග මම මුළුමනින්ම එකඟ නොවුණත් අප විසින් තේරුම් ගත යුතු වන්නේ කිසිවක් වෙනස්ව නැහැ කියන්නේ යම්කිසි පැහැදිලි හේතුවක් ඇතිව බවයි. අතීතයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා, දාමරිකකම් ඒ වගේම අවමන් සහගත සැලකීම් කියන මේ තත්ත්වයන්ට හේතු වුණේ මොනවද? ඒ හේතු අදටත් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව පවතී. කිසිවක් වෙනස්ව නැහැ කියලා කියන්න මේ ඇතැමුන් පොළඹවා තිබෙන්නේ අන්න ඒ නොවෙනස්වුණු හේතු පිළිබඳව තිබෙන බියයි. මෙය බොහොම විශේෂිත කාරණයකි.



පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ කාඩර්වරු කේඩෑරි වීම.

Sep 2nd, 2015 | By
TNA-Sampanthan-Sumanthiran

මෙම ලිපිය 2015.08.17 දින මහා මැතිවරණයට පෙර සමබිම අගෝස්තු කලාපයේ පළවු ලිපියකි  2015 වසරෙහි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ උතුරෙන් ලැබෙන වැදගත් පුවත් ලෙසින් දකුණේ මාධ්‍යවල වඩාත් ආන්දෝලනාත්මකව විකිණෙන පුවත බවට පත්ව ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කය සදහා හිටපු කොටි කාඩර්වරු පිරිසක් තරග කරන්නේය යන්නයි. පළමුව පැවැසිය යුතු කරුණක් වන්නේ මෙම පුවත වැදගත්කමක් දරන්නේ දකුණේ මාධ්‍ය තුළ මිස

[continue reading…]



ජනාධිපතිවරණය සහ උතුරේ දේශපාලනයෙහි සක්‍රීයත්වය

Jan 6th, 2015 | By
gh

තවත් එක් ජනාධිපතිවරණයක මුවවිටට පැමිණ සිටින්නෙමු. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අනාවැකිකීමට තරම් තවම තත්ත්වය මෝරා නොමැති හෙයින් එළඹෙන මෙම ජනාධිපතිවරණය ආශ‍්‍රිතව උතුරුකරයෙහි දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව යම් කිසි අදහසක් ගොනු කිරීමට මෙම සටහන තුළින් උත්සහ කරමි. වඩාත්ම වැදගත් කාරණයක් වන්නේ උතුරුකරයට මෙම ජනාධිපතිවරණය වැදගත් වන්නේ කුමන අංශයකින්ද යන්න සලකා බැලීමයි. අනෙකුත් මැතිවරණවලට සාපේක්‍ෂව

[continue reading…]



රාජනි තිරාණගම සමරුව සහ පශ්චාත් යුද්ධ කාලීන දෙමළ සමාජයෙහි බුද්ධිමය අවකාශය

Nov 25th, 2014 | By
rj

සාමිනාදන් විමල් බිඳුණු තල් රුක කෘතියෙන් සිංහල සමාජය තුළට ප‍්‍රවේශ වූ රාජනි තිරාණගම ඝාතනය වීමටත් එම කෘතිය හේතු බව බොහො දෙනෙක් දන්නා කරුණක්. රාජනි ඝාතනයට ලක් ව අවුරුදු විසිපහක් පිරෙන දිනය සැමරීමට යාපනයෙහි සැප්තැම්බර් මස 20 සහ 21 යන දවස්වල වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. අවුරුදු විසිපහක් කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආයු කාලයෙන් තුනෙන් එකක පමණ

[continue reading…]



කණාමැදිරි එළියට බය උදවියගේ දේශපාලනය

Oct 29th, 2014 | By
maru

| සාමිනාදන් විමල් ”මාරු තඩම්’’ කියන්නේ දැනට ස්විස්ලන්තයෙහි වසන රමණදාස් කියන චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයාගේ සිනමා නිර්මාණයක්. ලංකාවෙහි සහ පිටරට රූගත කර ඇති මෙම චිත්‍රපටයෙහි ලංකාවෙහි දැනට වාසය කරන නළු නිළියන් ද රංගනයෙන් දායකත්වය දක්වා තිබෙන අතර මේ චිත්‍රපටයෙහි ආරාධිත දර්ශනයක් එහි අධ්‍යක්‍ෂක විසින් යාපනයෙහි රාජා සිනමා ශාලාවෙහි සංවිධානය කර තිබුණා. දකුණු ඉන්දීය වානිජ සිනමාවට එරෙහිව යන

[continue reading…]