Posts Tagged ‘ සී. වී. විග්නේශ්වරන් ’

මහින්දගෙන් ඉදිරියට විග්නේශ්වරන්ගෙන් වමට

Nov 20th, 2013 | By
fr44

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරික්ෂාවට ලක්වූ ඓතිහාසික ලිට්මස් පරීක්ෂණය වූයේ 1987 දී ඉන්දීය හමුදාව මෙරට තුළ වාඩි ලා ගැනීමේ සංසිද්ධියයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ලංකා රජයට එරෙහිව යුද වැදී සිටි සෙසු සියලු ඊලාම්වාදී සටන් කණ්ඩායම්, ඉන්දීය බලපෑම මත ඉන්දු-ලංකා ගිවිසුමත්, පළාත් සභා ක්‍රමයත් පිළිගනිමින් ආයුධ බිම තැබූහ. ලංකාව තුළ වෙනම රාජ්‍යයක් සාක්ෂාත් කරගැනීමට උදව් දෙනවා

[continue reading…]



වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By
mma

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර

[continue reading…]



උතුරේ දෙමළ මිනිස්සු කථා කරති: පණිවිඩය ලවුඩ් ඇන්ඩ් ක්ලියර්

Sep 22nd, 2013 | By
vvig

දෙමළ සන්ධානය උතුරු පළාත් සභාව 2/3කට වඩා වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කොට ඇත. උතුරු පළාතේ පළාත් සභාව සඳහා සැප්තැම්බර් 21 වන දින පැවැති ඡන්ද විමසීමේදී ඉලන්කෛ තමිල් අරසු පක්ෂය යටතේ තරග කළ දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ ආසන 38න් 30ක්ම හිමි කරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ආසන 7ක් පමණකි. ඩග්ලස්

[continue reading…]



උතුරු පලාත් සභා මහ ඇමැති තරගෙට හිටපු විනිසුරු විග්නේශ්වරන් එයිද?

Apr 22nd, 2013 | By
TTNNAA

උතුරු පලාත් සභාව සඳහා මැතිවරණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තත්ත්වයක් යටතේ එම පලාත් සභාවේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් මහතා ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බව වාර්තා වේ. අප්‍රේල් මස 26 වන දින සවස කොළඹ නව කදිරේෂන් ශාලාවේදී පවත්වනු ලබන තන්තායි චෙල්වා අනුස්මරණ දේශනය පැවැත්වීම සඳහා

[continue reading…]