Today Lead News
‘නිදහසේ වේදිකාව’ අසාර්ථකදැයි හර්ෂ ද සිල්වා සුදර්ශනගෙන් අසයි
නිදහසේ වේදිකාව විසින් ළඟා කරගැනීමට බලාපොරොත්තු වූ ජීවත්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තවමත් රට තුළ ස්ථාපිත වී නොමැති තත්ත්වයක් යටතේ නිදහසේ වේදිකාව සාර්ථක වූවායැයි කියන්නේ කෙසේදැයි ‘අර්ථ තර්ක’ වැඩසටහනට සහභාගි වූ සුදර්ශන ගුණවර්ධනගෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය.
Recent Posts
- අතුරළියේ රතන හිමිගේ 21 වන සංශෝධනය ස්ථිර කරන්න ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙක් සොයා ගන්න බැරිවෙයි.
- බලය අඩු කළ පළාත් සභා වැඩක් නෑ
- ‘නිදහසේ වේදිකාව’ අසාර්ථකදැයි හර්ෂ ද සිල්වා සුදර්ශනගෙන් අසයි
- ජනතා සුබ සිද්ධිය උදෙසා 17 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතුයි
- දැන් අපට අවශ්‍ය පුද්ගලයා වෙනුවට ක්‍රමය මත විශ්වාසය තබන ව්‍යවස්ථාවක් – විජේදාස රාජපක්ෂ
- තීරණයක් ගත යුතු මොහොතක තීරණයක් නොගෙන සිටීම
- මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල්ගේ සින්දුවලට ජිප්සීස් සුනිල් පරාදයි!
- ලාල් කාන්තගේ ඉතිරි කොටස
- විපක්ෂ නායකගෙන් ජනපතිට ලිපියක්
- විධායක ජනපති ක්‍රමය තල මල සේ මා
LEAD NEWS
අතුරළියේ රතන හිමිගේ 21 වන සංශෝධනය ස්ථිර කරන්න ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙක් සොයා ගන්න බැරිවෙයි.
ජාතික හෙළ උරුමය පක්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරළියේ රතන මන්ත්‍රී හාමුදුරුවන් විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය පිළිබඳ පනත කෙටුම්පත සම්මත කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ එකදු මන්ත්‍රීවරයෙකුවත් ඉදිරිපත් නොවූ බව වාර්තාවේ. මෙම සංශෝධන කෙටුම්පත මගින් බලාපොරොත්තු වන්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම පරිච්ඡින්න කිරීමයි. අන්තිමේදී
[continue reading...]
බලය අඩු කළ පළාත් සභා වැඩක් නෑ
රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටිනවිට සිය සුජාතභාවය පවත්වාගැනීම උදෙසා කිසියම් දෙයක් පාව්චිචි කරයි. එහිදී ඇතැම් ආණ්ඩු කියාසිටින්නක් වනුයේ තමන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් බවයි. ඇතැම් ආණ්ඩු පවසන්නේ තමන් වෙළෙඳපොල ආර්ථිකය වෙනුවෙන් පෙනීසිටින බවයි. ඒ ආකාරයට සලකාබැලූවිට මෙම ආණ්ඩුවේ පවතින ලේබලය වන්නේ තමන් දේශප්‍රේමී ආණ්ඩුවක් බවයි. මේ ආණ්ඩුවේ ගමන්මග වැටී තිබෙන්නේ
[continue reading...]
දැන් අපට අවශ්‍ය පුද්ගලයා වෙනුවට ක්‍රමය මත විශ්වාසය තබන ව්‍යවස්ථාවක් – විජේදාස රාජපක්ෂ
එක්සත් ජාතික පක්ෂය විසින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සමාජයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් පසුගිය 15 වනදා පැවැත්වූ මහජන මන්ත්‍රණ සභාවේදී එම යෝජනාවලිය සභාවට ඉදිරිපත් කරමින් පාර්ලිමෙන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය සහ ව්‍යවස්ථාවේ ප්‍රායෝගික භාවිතය ඇසුරෙන් ඉතා සවිස්තරාත්මකව පැහැදිලි කිරීමක් කළ අතර
[continue reading...]
තීරණයක් ගත යුතු මොහොතක තීරණයක් නොගෙන සිටීම
ඇමරිකානු සිවිල් යුද්ධයේදී රටේ එක්සත්භාවය වෙනුවෙන් පෙනී සිටි උතුරේ යුනියන් හමුදාව විසින් බෙදී වෙන්වීමට උත්සාහ කළ දකුණු දිග ප්‍රාන්ත නියෝජනය කරමින් සැදුම්ලත් කොන්ෆෙඩරල් හමුදාව සමඟ සටන් වැද ජයග්‍රහණය කළේය. කොන්ෆෙඩරසි හමුදාවේ ජෙනරාල් ලී සහ ඔහුගේ හමුදාව යුනියන් හමුදාවේ ජෙනරාල් ග්‍රාන්ට් හමුවේ යටත්වීමෙන් අවසන් වූ එම යුද්ධයෙන් පසුව ජයග්‍රාහකයා විසින් ඇමරිකාවේ වහල් මෙහෙය අහෝසි කරන ලදී.
[continue reading...]
ලාල් කාන්තගේ ඉතිරි කොටස
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා විසින් විවිධ රැස්වීම්වල පළ කරන අදහස්වලින් තෝරාගත් කොටස් මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරය වේ. පහුගිය දවසක ඔහු ප‍්‍රකාශ කළ අදහස් මෙසේ සාරාංශ ගත කළ හැක. “බලන්න දැන් මේ 13 ඕන ඕන කියල කෑ ගහන්නේ දෙමළ ජාතිවාදියෝ; 13 එපා එපා කියලා කෑ
[continue reading...]
‘රාවය’ රැකගැනීමට සතයක්වත් දෙන්න එපා යැයි දීප්ති මාතර ‘සමබිම’ සම්මන්ත්‍රණයේදී කිව්වාද?
පසුගිය ජුනි 9 වෙනිදා ‘සමබිම’ පුවත්පත විසින් මාතරදී සංවිධානය කරන ලද ‘උතුරට දුන්නම දකුණට නැතිවෙන්නෙ මොනවද?’ නම් සම්මන්ත්‍රණයෙදී ‘රාවය’ පුවත්පත ගොඩනැගීමේ අරමුදලට සතයකින්වත් ආධාර කරන්නට එපා යැයි දීප්ති කුමාර ගුණරත්න විසින් පවසා ඇති බව තමාට දැන ගන්නට ඇති බවත්, එම් ප්‍රකාශය මගින් ‘රාවය’ සහ ‘සමබිම’ පුවත්පත්වල පාඨකයෙකු වන තමාගේ මානව හිමිකම් කඩවී ඇති බවත් පවසමින්
[continue reading...]
අලුත් උදෑසනක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මහජනතාව සහ රාජ්‍යය අතර ගොඩනගාගන්නා සම්මුතියයි. ලංකාවේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි පිළිසකර නොකළ හැකි මට්ටමටම ජරාජීර්ණ වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජාතීන් අතර සමානත්වය ගොඩනැගිය හැකි ආකාරයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව පොදු එකඟතාවයක් ඇති වෙමින් පවතී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අඩංගු විය යුතු මූලධර්ම පිළිබඳව සඳහන් කරමින් ‛නිදහසේ වේදිකාව’ විසින්
[continue reading...]
ජාත්‍යන්තරයට යට නොවන කාළගුණ අනාවැකියක ආඩම්බරය
ජාතිවාදය නිසාම මහසෙන් යන නම සුළි කුණාටුවක දැමීමෙන් පසු ඊටත් වඩා ජාතිවාදීන් හමුවේ දීන වී එය ඉල්ලා අස්කර ගැනීම නිසා පසුගිය කාලයේ කාළගුණ දෙපාර්තුමේන්තුවේ ඉමහත් ප්‍රසිද්ධියට පත් විය. නැවතත් එහි කටයුතු ගැන මේ දවස්වල නැවත ප්‍රශ්න මතුවෙමින් සිටියි. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ පසුගියදා ඇතිවූ කාළගුණ විපර්්‍යාසය ගැන දැන ගැනීමට ලංකාවේ තාක්ෂණය ප්‍රමාණවත් නොවේ නම්
[continue reading...]
සුළි කුණාටු නම් කළ යුත්තේ “මහසෙන්” හෝ “පරාක්‍රමබාහු” කියා හෝ නොව “රාජපක්‍ෂ” කියායි
මීට පෙර ආ සුළි කුණාටුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නම් කරනු ලැබුවේ “මහසෙන්” කුණාටුව ලෙසයි. ඇත්ත වශයෙන්ම මේ සියලු සුළි කුණාටු නම් කළ යුත්තේ “මහසෙන්” හෝ “පරාක්‍රමබාහු” කියා හෝ නොව “රාජපක්‍ෂ” කියායි. ඒ මන්ද මේ සියලු විනාශයන් ආරම්භ වූයේ එම කේන්ද්‍රස්‌ථානයෙන් වන නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රාජ්‍යය සේවා ජාතික වෘත්තීය
[continue reading...]
උතුරට දුන්නොත් දකුණට නැතිවෙන්නේ මොනවද – මාතර උණුසුම් වෙයි.
සමබිම පුවත්පත විසින් සංවිධානය කළ උතුරට දුන්නොත් දකුණට නැතිවෙන්නේ මොනවද සම්මන්ත්‍රණය ඊයේ (2013-06-09) මාතර නිල්දිය ශාලාවේදී පැවැත්වුණ අතර එහිදී සුදර්ශන ගුණවර්ධන දකුණ විසින් උතුරට නොදුන්නේ මොනවාද යන්න පැහැදිලි කළ අතර දීප්ති කුමාර ගුණරත්න විසින් උතුරට දුන්විට දකුණට නැතිවන්නේ ‘ විනෝදය’ බව උදාහරණ සහිතව පෙන්වා දෙන ලදී. මීට අමතරව ජයන්ත පීරිස් සහ මනෝරි කලුගම්පිටියද මෙම සම්මන්ත්‍රණය අමතන
[continue reading...]
කපටි නරියා සහ 13
13 වන සංශෝධනය අහෝසි කළ යුතුයැයි හෙවත් ගස කපා ඉවත් කළ යුතු යැයි ජාතික හෙළ උරුමය කියයි. එකවර මේ විශාල ගස කැපීමෙන් අනතුරු විය හැකි නිසා අතු කපා දමා ගස මැරෙන්නට සැලැස්වියයුතුයැයි හෙවත් 13හි ඇති පොලිස් බලය සහ ඉඩම් බලය අවලංගු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ කියයි. මේ දෙගොල්ලම මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට
[continue reading...]
සබරගමුවේ ශිෂ්‍යයන් සහ යාපනයේ ත්‍රස්තවාදීන්
[බස්තියන් පයින් යෑම] උදේ පාන්දර අවදි වූ විගසම තේ පානය කොට සිරුරු කිස නිමවා දිවයින පත්තරය කියවීම මගේ දිනචරියාවේ අංගයකි. ඒ අතරින් මා ඉතා උනන්දුවෙන් කියවන්නේ ‘දිවයින’ කතුවැකියයි. ජුනි 04 වනදා අපූරු කතුවැකියක් පළ වී තිබුණි. අපි එහි ආරම්භය උපුටාගෙන කියවමු. “සබරගමුව විශ්වවිද්‍යාලයේ පෙරේදා (01) කලබලයක් ඇති විය. එයට මුල ශිෂ්‍ය උපවාසයක් සහ විරෝධතා ව්‍යාපාරයකි.
[continue reading...]
කිරුළ මුතු ලිහී සට සට හඬින් වැගිරෙනා
[බස්තියන් පයින් යෑම] නාවල හන්දියේ කුඩා ගොඩනැගිල්ලක සිට ගුවන් විදුලි නාළිකාවක් තම විකාශන කටයුතු කරගෙන යන ලදී. එහි නම ඉසුර එෆ්.එම් විය. එහි අයිතිකරුවා වූයේ දේශපාලනඥයකු බවට පත්වූ බිස්නස්කාරයෙකු වන ටිරාන් අලස් ය. ටිරාන් අලස් මහතා ජෙනරාල් ෆොන්සේකාගේ පොල්මඃකාරයා වශයෙන් කටයුතු කරන කාලයේදීම ඔහු විසින් ‘මව්බිම’ පුවත්පත නැවත ඇරඹූ අතර ඒ සමගම ‘සිලෝන් ටුඩේ’ නමින්
[continue reading...]
OTHER NEWS
ජනතා සුබ සිද්ධිය උදෙසා 17 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කළ යුතුයි රටට හිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් නොමැතිකමින් අද රටේ අර්බුද රැසක් මතුවී ඇති බවත් එබැවින් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා 17 වැනි සංශෝධනය වහා ක්‍රියාත්මක කරන ලෙසට ජනාධිපතිවරයාට ලියා යෑව් බවත් විපක්‍ෂ නායක සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්‌සත් ජාතික පක්ෂය විසින් සම්පාදිත නව ව්‍යවස්‌ථාව ගැන දැනුවත් කිරීම සඳහා නිදහසේ වේදිකාව විසින් පෙරේදා (15 දා)
[continue reading...]
මහ බැංකු අධිපති නිවාඩ් කබ්‍රාල්ගේ සින්දුවලට ජිප්සීස් සුනිල් පරාදයි! ජිප්සීස් නායක සුනිල් පෙරේරා මෙරට සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර මිනිහෙකි. සමහරුන්ගේ මතයට අනුව ඔහු සංගීත ක්ෂේත්‍රය මැදට වැටුණු බෝම්බකරුවෙකි. “ළිඳ ළඟ සංගමය”, “ලුණු දෙහි”, “කුරුමිට්ටෝ”, හරහා “ඉඳියප්ප නෝනලා” ගේ සිට “මෙහෙම වෙන්නෙ ඇයි?” වැනි සුවිශේෂ ගීත ගොන්නකින් ගී කෙත උඩු යටිකුරු කළ මේ ගායකයාගේ හඬ පෞරුෂය අති ප්‍රබලය. ඒ හඬේ ජවය, අලංකාරය, වර්ණය නිසා වෙළෙඳ දැන්වීම්කරුවන්
[continue reading...]
විපක්‍ෂ නායකගෙන් ජනපතිට ලිපියක් උතුරේ මැතිවරණයට අදාළ 2013 මාර්තු 21 දින සම්මත කෙරුණු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙස විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ සහ සිවිල් සමාජය ජනාධිපතිගෙන් ඉල්ලයි උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ අන්දමින් පැවැත්වීම සඳහා 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කොට නැවත 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු හතරක් ඉටුකරන ලෙස
[continue reading...]
විධායක ජනපති ක්‍රමය තල මල සේ මා සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මහතා බව ප්‍රකාශයට පත් කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සම්මේලනයක් කොළඹ තුරඟ තරග පිටියේ දී පවත්වන ලද්දේ විශාල ජන සහභාගීත්වයක් ඇතිවය. එහි දී මහින්ද වේදිකාව වෙත පැමිණෙන විට ජනාධිපති චන්ද්‍රිකා සහ ආණ්‌ඩුවේ සියලු ම ඇමැතිවරුන් එහි අසුන් ගෙන සිටියහ. ඔහු පිළිගැනීම සඳහා මල් මාලයක් ඇතිව සිටියේ පක්‍ෂයේ පරිපාලන ලේකම්
[continue reading...]
රනිල්ට තර්ජනය කළ අය කවුදැයි හෙළිවේ බලපිටිය උප සභාපති නම් ගම් කියයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයනට බලපිටියේදී මැර තර්ජන එල්ල කර ඔවුන්ගේ වාහන පෙළට ප්‍රහාරයක් එල්ල කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම පිරිසකියි බලපිටිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති සරත් සමරජීව මහතා මාධ්‍ය සාකච්ඡාවකදී කියයි. මන්ත්‍රීවරයකු සහ ප්‍රාදේශීය දේශපාලනඥයකු මැර පිරිසකට කන්න බොන්න දී සිදුකළ මේ ක්‍රියාවෙන් බලපිටියේ කීර්ති නාමයට විශාල කැළලක් වූ
[continue reading...]
පළාත් සභා ක්‍රමය අවලංගු කළහොත් ඊළඟට සිදුවිය හැකි දේ ගැන ඔබ හිතුවද? පළාත් සභා පනත් අහෝසි කර උතුර නැගෙනහිරට කිසිම වරප්‍රසාදයක් නොදී සිටීමට තීරණය කළහොත් එය අප රට විනාශයට මුලපිරීමකි. “මේ සිංහල අපේ රටයි” කියා බොහෝ දෙනා කියති, ලියති. එය සත්‍ය කතාවකි. මේ රට සිංහලයන්ගේ නම් එම රට රැක ගැනීමේ වගකීමද අප සතුය. රට රකිනවා කියන්නේ රටේ සිටින අන්‍ය ජාතිකයන් පන්නා දැමීම නොව කවුරුත් ආරක්‌ෂා කරගෙන සිටීමයි.
[continue reading...]
අතුරුදහන්වූ ධීවරයන් ප්‍රංශයෙන් හමුවේ? සුමාත්‍රා දූපත් වලට හත් ගවුවක් එහා සිටින එකෙක් අධෝ වාතයක් පිට කළ සැණින් ලංකාවේ අපේ දුරකථන වලට කෙටි පණිවුඩ ලැබේ. නමුත් රට අවට මූදේ සිදුවන කිසිදු විපර්යාසයක් පිළිබඳව අපි හාන්කවිසියක් නොදනිමු. එහි ප්‍රතිපලයක් ලෙස සුළි කුණාටුවලට හසු වූ ධීවරයින් පිරිසක් මිය ගොස් ඇති බවත් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බවත් පුවත්පත් වාර්තා වල පල වී
[continue reading...]
නාසයට ඉහළින් වතුර ගලන විට යටි කය නොතෙමී බේරාගත නොහැකිය ‛සමබිම’ ඉරිදා සංග්‍රහයේ ‛ඇන්ටිගනී අතිරේකයට’ මනෝරි විසින් ලියන ලද ‛ශෘංගාර සේවාව ප්‍රතිරාව නංවා’ නමින් පළවූ ලිපිය පිළිබඳව පාඨක ප්‍රතිචාර විශාල වශයෙන් ලැබෙමින් පවතී. එම ප්‍රතිචාර අලලා මනෝරි විසින් ලියන ලද පිළිතුරු සටහනක් ජුනි 02 වන දින ‛සමබිමෙහි’ පළවිය. මෙම සංවාදය ඉදිරියට ගෙන යමින් අලුත්ගම දර්ගා නගරයේ රිම්සාන් මොහොමඩ් මහතා විසින් අප වෙත එවන ලද ලිපියක්
[continue reading...]
කරුණාකර මාව තදින් ගැට ගසන්න ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය. කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින් කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය
[continue reading...]
රනිල්ට කලින් සටන් විරාම ගිවිසුම අත්සන් කළේ චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව දොස් අහන්නට වී තිබෙන්නේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහටය. එයට හේතුව 2001 දෙසැම්බර් මාසයේදී ඔහු අගමැති ධුරයට පත්ව මාස තුනක් ගත වන්නටත් පෙර 2002 පෙබරවාරි මාසයේදී නෝර්වීජියානු පහසුකාරකයන්ගේ උදව්වෙන් ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීමයි. ජේ. වී. පී. කාරයන් ඇතුළු බොහෝ
[continue reading...]
ආණ්‌ඩුව වැඩිපුරම බදු ගහන්නේ සාමාන්‍ය ජනතාවට- ආචාර්ය හර්ෂ ද සිල්වා කැසිනෝ ව්‍යාපාර කරන අයට, කොළඹ කොටස් වෙළෙඳ පොළේ, සෙල්ලම් කරලා හොරෙන් මුදල් හම්බ කරන කට්‌ටියට ශත පහක්‌වත් බදු ගහන්නේ නැහැ. සියයට බින්දුවයි බද්ද. නමුත් මැකරල් ටින් මාළු එකට බද්ද රුපියල් 85 ඉඳලා 100 ට වැඩි කරනවා. ඒ වාගේම ලයිට් බිල වැඩි වෙනවා, පෙට්‍රල් මිල වැඩි වෙනවා, පාන් රාත්තලක් ගන්න බැරි තරමට මිල වැඩිවෙලා. ඉතින් මේක
[continue reading...]
මේක හරි සිම්පල් ප්ලෑන් එකක් “මේ නඩුව පැරදුණොත් නම් මම ඉවරෙටම ඉවරයි” කෝටි පහක වන්දි ඉල්ලා තමාට විරුද්ධව පවරා ඇති නඩුව ගැන සඳහන් කරමින් විත්තිකරු තම නීතිඥයාට කීය. “දැන් ඉතින් කේස් එක තියෙන්නෙ නඩුකාරතුමාගේ අතේ තමයි.” නීතිඥයා පිළිතුරු දුන්නේය. “ඇත්තම කියනව නම් මේ නඩුව අපට සෑහෙන්න අවාසියි.” “මම නඩුකාරතුමාට විස්කි බෝතල් දුසිමක පෙට්ටියක් යැව්වොත් තෑග්ගක් හැටියට ඒකෙන් වැඩක් වෙයිද?” විත්තිකරු
[continue reading...]
13 බලෙන් සම්මත කළා කියන්න ලැජ්ජා නැද්ද! – එම්. ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන් ප්‍රශ්නය – උතුරු පළාත තුළත් පළාත් සභාව ස්‌ථාපිත කිරීම සඳහා, එම ප්‍රදේශය තුළ මැතිවරණය පැවැත්වීමට ආණ්‌ඩුව තීරණය කර තිබෙනවා. මෙම තීරණය පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද? පිළිතුර – නැගෙනහිර පළාත් සභාව සඳහා මැතිවරණ පැවැත්වූ අවස්‌ථාවේදීම උතුරු පළාත් සභාව සඳහාත් මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා. එම අවස්‌ථාවේදී මැතිවරණ නොපවත්වා
[continue reading...]
ස්වාධීන විශ්ව විද්‍යාලයක් – නිවහල් ශිෂ්‍යයෙක් ජයන්ත දෙහිඅත්තගේ / ලක්මාලි හේමචන්ද්‍ර / රමිදු පෙරේරා / රවී තිසේරා – ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානය වනවිට ගැටලු රැසකට මුහුණ පා තිබේ. විශ්ව විද්‍යාල වල ස්වාධීනත්වය සම්බන්ධයෙන් විවිධ බලපෑම් පවතින අතර බුද්ධිමය හා සංස්කෘතිකමය වශයෙන් විශ්ව විද්‍යාල අභ්‍යන්තරයේ ගරා වැටීමක් පවතී. මෙම ගැටලු අඩු වැඩි වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පිඨය තුල ද දැකිය
[continue reading...]
දොස්තර ජයලත් ජයවර්ධන අභාවය පිළිබදව නිදහසේ වේදිකාව ශෝකය පළවේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා අභාවප්ප්‍රාප්ත විය. සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන ඔහු අභාවප්ප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. 1953 වසරේ අගෝස්තු මස 16 වන දින උපත ලද ජයලත් ජයවර්ධන මහතා මියයන විට 59 වන වියේ පසුවිය. දොස්තර ජයලත් ජයවර්ධන
[continue reading...]
ජනතා පරමාධිපත්‍ය යළි අත්පත් කර ගැනීමට එජාපයෙන් නව ව්‍යවස්ථා යෝජනා නව ව්‍යවස්ථාවක් සදහා එක්සත් ජාතික පක්ෂය මගින් යෝජනා කරන මූලික රාමුව ඉදිරිපත් කරමින් අද දින පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැති විශේෂ සමුළුව අමතමින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ පළමුවරට ජනතා සංවාදයකින් බිහිකරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක පළමු මාස 06 ඇතුළත ගෙන එන බව පැවසීය. පාලකයන්ට අඩු බලතල ජනතාවට වැඩි බලතල ලබාදෙන පරිදි මෙම
[continue reading...]
කවුද ඒක හොරකම් කරලා බොහෝ දෙනෙකුට අනුව මේ වකවානුව 1948 නිදහසින් පසු මෙරට බිහි වූ ස්වර්ණමය යුගයයි. එහෙත් බැලූ බැල්මට පෙනෙන පරිදි රෙජීමය හා ඊට අනුබද්ධ මාධ්‍යයනුත්, බුද්ධිමතුන් යැයි සමාජය හඳුනා ගන්නා පිරිසත් පැහැදිලි කරන්නා වූ මේ අපූර්ව යුගය පිළිබඳව අපව දවටා ඇති තිරයෙන් පසුපස ඇති අශ්ලීල සත්‍යය මහජනයා වෙත තේරුම් කර දීමේ ගැටලුව අද වන විට සියලු විපක්ෂ
[continue reading...]
ආහාර සහ සෙක්ස්… මිනිස්සුන්ට ජීවත්වෙන්න මොනවද අත්‍යවශ්‍ය කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නෙ? මම නම් කියන්නෙ කෑම සහ සෙක්ස්. එච්චරයි. ඇඳුම්, ගෙවල්, ටී.වී. නැතුව ජීවත්වෙන්න පුළුවන්නේ. හරි, අපි පිළිගනිමු ටී.වී එකත් අත්‍යවශ්‍යයි කියල. එහෙම නැත්නම් ඉතින් කෑම සහ සෙක්ස් තමයි. නමුත් මොනව හරි හේතුවකට සෙක්ස් කියන එක නිකං නරක දෙයක් කියල තමා කවුරුත් හිතන්නෙ. සමහරවිට දෙවියන් වහන්සෙ රිපබ්ලිකන් කාරයෙක්
[continue reading...]
චන්ද්‍රාවතී සමඟ රාත්‍රියක් චන්ද්‍රාවතී-වෙලාව කීයද? සාගර-පහයි කාලයි. එලිවෙන්නත් ළඟයි. මං දැං යන්ඩ ඕනෙ. චන්ද්‍රාවතී-ඇයි හදිස්සිය? සාගර-ගෑනිට රෑ වැඩට යනවයි කියලයි ආවෙ. චන්ද්‍රාවතී-ඔයාට ඇහෙනවද එළියෙ පිනි වැටෙන සද්දෙ. ඈතින් ඇහෙනව නේද වැවේ දියබිඳෙන හඬ. මේ කාලයට තමයි වැව ලස්සන. අද හරිම අමුතුයි. සාගර-උඹේ ගාණ කීයද? චන්ද්‍රාවතී-පොඩ්ඩක් ඉඳගන්ඩ ඔහොම. මේ කවුළුවෙන් එපිට මේ තරම් ලස්සනට මීට කලින් කවදාවත් මට පෙනුණෙ
[continue reading...]
දෙමල ජනයාගේ සැබෑ නියෝජිතයා හෙල උරුමයද? විමල් වීරවංශද? උතුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ
[continue reading...]
13 වැනි සංශෝධනය දැනට ව්‍යවස්‌ථාවේ පවතින කොටසක්::; එය ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටි. – අනුර ප්‍රියදර්ශන යාපා පළාත් සභා අහෝසි කිරීම සඳහා ඇමැති පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියන යෝජනාව ඔහුගේ පෞද්ගලික යෝජනාවක් මිස රජයේ යෝජනාවක් නොවන බව වැඩබලන රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතියක් ඇතැයිද 1948 වර්ෂයට පෙර සිටම මෙවැනි යෝජනා ඉදිරිපත්ව ඇතැයිද වර්තමානයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා
[continue reading...]
පලා බබා- අපට එපා!- හෙළ උරුමය උතුරු පලාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව විසින් දින නියම කර ඇති මේ මොහොතේ දී පලාත් සභා අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂය විසින් ගෙන එන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද (22 දා ) උදේ වී එෆ් එම්
[continue reading...]










