දෙකක් එකට කරන්න ගොස් තුනම නැති කරගැනීම – ජනතා විමුක්ති පෙරමුණ

Mar 3rd, 2014 | By | Category: LEAD NEWS, දේශපාලන

කලින් වතාවේ ධනවාදය සහ ත්‍රස්තවාදය එකට තබා පරාජය කිරීමට ගත් ජවිපෙ උත්සාහය සාර්ථක වූයේ ධනවාදය කෙසේ වෙතත් ත්‍රස්තවාදය පරාජය කර ඒකාධිපතියෙක් බිහිකර ගැනීමෙනි. දැන් නව නායකත්වය යටතේ ජවිපේ නැවතත් අපට යෝජනා කරන්නේ පිල්ලෙයි මහින්දයි එකට පැරද්දවිය යුතු බවයි. එනම් ඒකාධිපති පාලනය සහ අධිරාජ්‍යවාදය එකට තබා පරාජය කළ යුතු බවයි. කලින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද සටනක් ත්‍රස්තවාදයට උෟණනය කර සිදුකර ගත් වැරැද්ද නිවැරදි කර නොගෙනම ජවිපෙ මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය එසේත් නැතිනම් නවනීදම් පිල්ලේ අධිරාජ්‍යවාදයට උෟණනය කරයි.

කලින් වතාවේ දෙමළා පරාජය කිරීම සදහා ජවිපෙ හැදූ මතවාදයේ උදව්ව මහින්ද රාජපක්ෂ රජ වූවා සේ මෙවරද මානව හිමිකම් අධිරාජ්‍ය වාදයට එරෙහි ජවිපෙ මතවාදයේ උදව්ව ගන්නේ දැන් ජවිපෙම පලු යන්න බනින මහින්ද රාජපක්ෂ මිස අන් කවරෙකුවත් නොවේ. එනම් ඔවුන් කියන මෙම මානව හිමිකම් අධිරාජ්‍යවාදය පරාජය කිරීමට හැකි වුනොත් රට තුළ බිහිවන්නේ අවසානයේ ජවිපෙට වත් දේශපාලනය කළ නොහැකි ආකාරයේ ඒකාධිපතිවාදයක්ය. අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමට මහින්ද රාජපක්ෂ සිටින තාක් කාල් ජවිපෙ විසින් අමතන ජාතිවාදී ජනතාවට තවත් දේශපාලනය පක්ෂයක් අවශ්‍ය නොවේ.

ජනතාව  ජාතිවාදයෙන් ගලවා ගැනීමට වෙනුවට සුපිරිසිදු ජාතිවාදියෙක් සෑදීමට යන ජවිපෙට මෙවරත් පාඩමක් උගන්වනු ඇත්තේ එම ජාතිවාදී ජනතාවමය.

 ලංකා පුවත්පතේ පහත ලිපිය කියවීමෙන් ජවිපෙ මෙම මතවාදය වඩා පැහැදිලි කර ගත හැක.

එම ලිපිය මෙතනින් කියවන්න

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=9829:2014-02-22-16-22-04&catid=36:2011-10-17-04-27-38&Itemid=72

jvp

Recent Posts

Tags: , , , , ,

Leave a Comment