අපි මේ ආණ්‌ඩුවටත් විරුද්ධයි. ජාත්‍යන්තර පරීක්‍ෂණ පවත්වනවාටත් විරුද්ධයි: අළුත් බෝතලේ පරණ වයින්

Jun 23rd, 2014 | By | Category: OTHER NEWS, පුවත්

-13 වැනි සංශෝධනය වෙනස්‌ විය යුතුයි. ඒ අතරම දෙමළ ජනතාවට බලපාන ජාතික ප්‍රශ්න විසඳීමටත් පියවර ගත යුතුයි.

-විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි සෑම කෙනෙක්‌ම කටයුතු කරල තිබෙන්නේ එය ආරක්‍ෂා කිරීමටයි.

-ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක එකතු වීමට අපේ කිසිදු අදහසක්‌ නැහැ.

-අපි චන්ද්‍රිකා මැතිනියටත් මහින්ද රාජපක්‍ෂ මහතාටත්, සරත් ෆොන්සේකා මහතාටත් උදව් කළා. එය අසාර්ථක වුණා.

-මේ රටේ බොරු දේශප්‍රේමීන් වර්ග දෙකක්‌ ඉන්නවා. එක්‌ වර්ගයක්‌ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ඔඩොක්‌කුවේ ඉඳගෙන අපේ රට විනාශ කරන්න කටයුතු කරන ගමන් දේශප්‍රේමයේ මුවාවෙන් කටයුතු කරන පිරිසක්‌ ඉන්නවා. තව පිරිසක්‌ මානව හිමිකම් කොමිසම පැත්තේ ඉඳගෙන රට විනාශ කරන්න හදනවා. අපි ඔය දෙකටම නැහැ.

-මේ ආණ්‌ඩුව ඇතුළේ ඉන්නවා වලව්වල වළං හෝදන බොරුවට ගිරිය පුප්පගෙන කෑගහන බොරු දේශප්‍රේමයක්‌ මවාගෙන බොරුවට රඟපෑමක යෙදෙන කිහිප දෙනෙක්‌.

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්‌ක කොට පොදුජන බලවේගයක්‌ ගොඩනැඟීම සඳහා විවිධ පිරිස්‌ සමග ජනතා විමුක්‌ති පෙරමුණ මේ දිනවල සාකච්ඡා කරගෙන යන බවත් එම පොදුජන බලවේගය මගින් පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට යන බවත් ඒ සඳහා විවිධ නම් කියෑවෙන අතර ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතාගේ නමද ඒ අතර තිබෙන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “දිවයින ඉරිදා සංග්‍රහය” සමග සාකච්ඡාවට එක්‌වෙමින් පැවසීය. එම සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්නවලට ඔහු දුන් පිළිතුරු මෙසේය.

සම්පූර්ණ ලිපිය මෙතනින් බලන්න

 

ts

Recent Posts

Tags: , , ,

Leave a Comment