වාරියපොළ තරුණිය අධිකරණයට යෑමට සූදානම් – මේ වන විට පොලිසියේ

Aug 27th, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, පුවත්

වාරියපොළ තරුණියක විසින් තරුණයෙකුට පහරදීමේ සිද්ධියේ අදාළ තරුණිය අධිකරණයට ගොස් සෙල්වා නැතහොත් රොබට් දාසන්ලාගේ චන්ද්‍ර කුමාර නම් තරුණයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගැනීමට සූදානම් බව වාර්තා වෙයි. අදාළ තරුණිය හෙවත් තිළිණි අමල්කා මේ සම්බන්ධයෙන් අදාළ නිතී කටයුතු සිදු කරමින් සිටින බවද සඳහන් වෙයි.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන“Right Now” ආයතනයේ අධ්‍යක්ෂ නිතීඥ ලක්ෂාන් ඩයස් මහතා පෙන්වා දෙන්නේ තම ආයතනය හරහා ඇය මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ වන විට අදාළ තරුණිය වාරියපොළ පොලිසිය වෙත පැමිණ ඇති බවද එහි සිටින “ඒෂියන් මිරර්”වාර්තාකරු පැවසුවා.

මේ අතර පසුගියදාවාරියපොල බස් නැවතුමේදී තරුණයෙකුට පහර දුන් තරුණිය විසින් විදුලි සංදේශනියාමන කොමිෂන් වෙත පැමිණිල්ලක් බාර දීමට ද පැමිණ තිබේ.තම ඡායාරූප විකෘති කර අන්තර්ජාලය ඔස්සේ පළ කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ඇයවිසින් ගොනු කිරීමට ආවද සමාජ ජාල වෙබ් අඩවි සම්බන්ධ පැමිණිලි කොමිෂන් සභාවවෙත භාර නොගන්නා බව පවසා ඇය පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමු කල බවකොමිෂන් සභාව පවසයි.

කෙසේ වෙතත් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන්චන්ද්‍රගුප්ත පවසන්නේ මෙතෙක් ඒ පිළිබඳ කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැතිබවයි.

උපුටා ගැනීම www.sinhala.asianmirror.lk වෙබ් අඩවියෙනි

 

Recent Posts

Leave a Comment