ආර්ථිකයේ අත්තකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය

Nov 5th, 2014 | By | Category: LEAD NEWS, ආර්ථික, දේශපාලන

pdff

පසුගිය අවුරුදු 5 තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට අත්තකිලමතානුයෝගී අයවැයක් ලබා දුන්නා. එළඹෙන මැතිවරණයෙන් ජනාධිපතිවරයා නියත පරාජයක් ලබන නිසා බිය වී කාමසුඛල්ලිකානුයෝගී අය-වැයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ තාවකාලික සැපයි.

යුද වියදම් නැති වුණාට ආණ්ඩුවේ වියදම් වසරින් වසර වැඩි වුණා. ආණ්ඩුවේ වියදම් වැඩි වුණ නිසා යුද වියදම් ඉතිරි වීමේ වාසිය ජනතාවට ලැබුණේ නැහැ.

ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය කප්පාදු කළා. නිකුත් කරනු ලබන ගැසට් පත‍්‍රිකාවක් පාසා බඩු මිල වැඩි කළා. රජයේ සේවකයන්ට වැඩි කරනවායි කියූ රුපියල් 2500 ක මුදල ද වැඩි කළේ නැහැ.

මහාමාර්ග හා වරායවල් ඉදි කරන බවට ආණ්ඩුව පවසනවා. නමුත් එයින් කිසිදු ප‍්‍රතිලාභයක් ජනතාවට ලැබුණේ නැහැ. මෙම මාර්ග සහ වරායවල් ඉදිකිරීමට වියදම් වන මුදලට වඩා තුන් ගුණයක් වියදම් කර කොමිස් මුදල තමන්ගේ සාක්කුවට දමා ගන්නවා. අද නැව් පැමිණෙන්නේ නැති වරායක් හම්බන්තොට ඉදිකර තිබෙනවා. ගුවන් යානා පැමිණෙන්නේ නැති ගුවන්තොටුපොළක් මත්තල තිබෙනවා. ක‍්‍රීඩකයන් පැමිණෙන්නේ නැති ක‍්‍රීඩාංගණයක් සූරියවැව ඉදිකර තිබෙනවා. විදුලි බලය නොමැති විදුලි බලාගාරයක් නොරොච්චෝලයේ තිබෙනවා. නියගයෙන් පීඩාවට පත් වන උතුරු මැද පළාතට වැව් ඉදිකර නොදී ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ වැව් ඉදිකර තිබෙනවා.
රැුකියා අවස්ථා බිහි කිරීම සඳහා වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු කර්මාන්ත ශාලාවක් ඉදි වූයේ නැහැ. කොම්පියුටර් කර්මාන්තය ශීඝ‍්‍රයෙන් වැඩි දියුණු කරන බවට පැවසුව ද එසේ සිදු වූයේ නැහැ.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට තුළ මධ්‍යම පංතියක් ඇති කළා. රාජපක්‍ෂ රෙජීමය එම මධ්‍යම පංතිය විනාශ කළා.
මේ ආණ්ඩුව සෑම පළාත් සභා මැතිවරණයක්ම ජයග‍්‍රහණය කළ පසු ජනතාව තමන්ට වරමක් ලබා දී තිබෙන බව පවසා බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල, රීලෝඞ් ඇතුළු සියලූම භාණ්ඩවල මිල වැඩි කළා.

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ආණ්ඩුව තීරණය කළා එ් විදිහට තවත් ඉදිරියට යන්න බැහැ කියලා. එදා පටන් ගැසට් නිවේදන ම`ගින් බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත්තා. ගැසට් නිවේදනවලින් අඩු කරන සෑම බඩුවලම මිල ගැසට් නිවේදන මගින්ම නැවත වැඩි කළ හැකි බව අප මතක තියා ගත යුතුයි.

ආණ්ඩුව මුදල් හම්බ කිරීමට ප‍්‍රධාන වශයෙන් සිදු කළේ ජනතාවට බදු පිට බදු පැනවීමයි. අද එම බදු බර නොමැතිව ආණ්ඩුවට ගමන් කිරීමට හැකියාවක් නැහැ. ආණ්ඩුවට මුදල් හම්බ කිරීමේ වෙන කිසිදු මාර්ගයක් නැහැ.

ආණ්ඩුව විසින් තාවකාලිකව අඩු කරන බඩු මිල දිගටම පවත්වාගෙන යාමට නොහැකි නිසා හදිසි මැතිවරණයකට ආණ්ඩුව දැන් සූදානම් වෙමින් සිටිනවා. ඇත්ත වශයෙන්ම මාස 6 කට වඩා කාලයක් මෙම සහන ලබා දීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. එම නිසයි ආණ්ඩුව එම මාස 6 ට කලින් ජනාධිපතිවරණයකට යෑමට සූදානම් වෙමින් සිටින්නේ.

රැකියා හා කර්මාන්ත ශාලා ලබා නොදෙන්නේ ඇයි දැයි කියා විමසන විට ආණ්ඩුව පවසන්නේ බැංකු ණය අඩු කර තිබෙන බවත්, උද්ධමනය අඩු කරන බවත් මේ සඳහා (IMF) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකගතාවයකට පැමිණ තිබෙන බවත්ය. 2009 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු වියදම් අඩු කර, උද්ධමනය අඩු කර හා බැංකු පොලී අඩු කිරීමට හැකි වන බැවින් ආර්ථිකය නගා සිටුවීමට හැකි බව රටවල් ගණනාවකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණා. එයින් අදට අවුරුදු 5 ක් ගත වී තිබෙනවා අයි.එම්.එෆ්. සංවිධානයට සති දෙක තුනකට පෙර තේරී පත් වූ කළමනාකාර අධ්‍යක්‍ෂකවරිය වන ක‍්‍රිස්ටීන් ලෙගාඞ් තමන් කළ ක‍්‍රියාදාමයන් සාර්ථක නොමැති බව ප‍්‍රකාශ කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන තර්කය අද බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම නොබෙල් ත්‍යාගය දිනා ගත් ආර්ථික විද්‍යාඥ පෝල් කෲෆ්මන්, ජෝශප් ස්ටිග්ලිස් යන අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබෙනවා. පෝල් කෲෆ්මන් පෙන්වා දී ඇත්තේ අඩු පොලී අනුපාතික සහ අඩු උද්ධමනය පිළිබඳ සංකල්පය අසාර්ථක බවයි. (Low Interest Rates and Low Inflation has not work)) එනම් මේ සූත‍්‍ර අනුව ජනතාවගේ ආදායම් වැඩි වී නැති නිසා දියුණුවක් ඇති වන්නට ඉඩක් නොමැති බවට ද පවසා තිබෙනවා. ජෝසප් ස්ටිග්ලිස් කියන්නේ අද අපට බලන්න තියෙන්නේ උද්ධමනය දෙස නොව සාමාන්‍ය ජනතාවගේ ආදායම හා විරැකියාව ගැන බවයි.

රටේ ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට මුදල් නොලැබෙනවා නම් රට තුළ දියුණුවක් ඇති වෙන්නේ නැති බව මෙයින් පැහැදිලිව පෙනී යනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රතිපත්තිය කර්මාන්ත දියුණු කර, විශාල වශයෙන් විදේශ ආධාර ලබාගෙන අවුරුදු 5 ක් තුළ රැකියා ලක්‍ෂ 10 ක් ඇති කිරීමයි. එමෙන්ම කෘෂිකර්මාන්තය නවීකරණය කළ යුතුයි. වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. රට තුළ 30,000 ක 40,000 ක වැටුපක් ලබා ගත හැකි රැකියා බිහි කළ යුතුයි.

බඩු මිල අඩු කිරීම මට ප‍්‍රශ්නයක් නොවේ. ලෝක වෙළෙඳපොළේ  ඕනෑම මොහොතක බඩු මිල අඩු වැඩි විය හැකියි. නමුත් අපේ අරමුණ විය යුත්තේ  ඕනෑම මොහොතක ආදායම් වැඩි කිරීමයි.

මේ සඳහා හොඳම ක‍්‍රමය කුමක්ද? රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමයි. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ද පියවර ගත යුතුයි. ප‍්‍රධාන මිනුම් දණ්ඩය වනුයේ රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කිරීමයි. මෙය ක්‍ෂණිකව මුදල් අතට ලැබෙන ක‍්‍රමයක් වශයෙන් සැලකිය හැකියි. එවිට මුදල් සංසරණය වැඩි වී සෑම කඩ සාප්පුවක්ම දියුණු වනවා. නිෂ්පාදනකරුවන්ට ද මෙයින් ප‍්‍රතිලාභ ලැබෙනවා. එවිට වැඩි වැඩියෙන් සේවකයන් බඳවා ගැනීමට ඔවුන් පියවර ගනීවි.

විශ‍්‍රාමිකයින්ට ද අද විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම වැටුප් විෂමතා පිළිබඳ විශාල ප‍්‍රශ්න තිබෙනවා. එම වැටුප් විෂමතා ප‍්‍රශ්න විසඳීමට ක‍්‍රියා කරන බව මා පැහැදිලිව කියා සිටිනවා. මෙම ප‍්‍රශ්නය පැයකින් දෙකකින් විසඳිය නොහැකි නිසා විශ‍්‍රාමිකයින් සඳහා මාසිකව වැඩිපුර රුපියල් 2500 ක් ලබා දෙමින්, ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳීමට ද පියවර ගන්නවා. වේතන ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් බැංකුවල ස්ථීර තැන්පත් කර තිබෙනවා. අද පොලිය අඩු වී ඔවුන් අසරණ තත්වයට පත් වී තිබෙනවා.  ඕනෑම ජ්‍යේෂ්ඨ පුරවැසියෙකුගේ ස්ථීර තැන්පතු සඳහා පළමු ලක්‍ෂ 10 සඳහා 10% ක පොලියක් ලබා දෙන බව සහතික වනවා.

අද ඉන්ධන ගාස්තු විශාල ප‍්‍රශ්නයක් වී තිබෙනවා. විදුලි බල නිෂ්පාදන ගාස්තුව හා මෙහෙයුම් වියදම් ගාස්තු දිහා බලන විට අපේ විදුලි බිල ගාස්තු 20% – 25% කින් අඩු කළ හැකියි. ප‍්‍රමාණවත් ජලය තිබෙන නිසා මෙය ලේසියෙන් කරන්නට පුළුවන්. ලෝක වෙළෙඳපොළ හා සාධාරණ මෙහෙයුම් ගාස්තු අනුව තෙල් සංස්ථාව ක‍්‍රියා කරනවා නම් පෙට‍්‍රල් මිල ද විශාල වශයෙන් අඩු කිරීමට හැකියි. එක පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අඩු කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ඞීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කළ හැකියි. මේ සියලූ ගාස්තු අඩු වන විට ජනතාවගේ අතේ මුදල් ඉතිරි වන අතර සෑම විට මුදල් පරිහරණය වන නිසා ආර්ථිකය තව තවත් ඉදිරියට යනවා.

එමෙන්ම වත්මන් ආණ්ඩුව කෙරෙහි විදේශ ආයෝජකයින්ට කිසිදු විශ්වාසයක් ඇත්තේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ විදේශීය ආයෝජකයින් ශ‍්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බිය වන්නේ නැහැ.

ගොවිතැන් කටයුතුවලට ස්ථාවර මිලක් ලබා දීමට ද පියවර ගත යුතුයි. කෘෂි භෝගවලට ලබා දෙන සහතික මිල වැඩි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් නාඩු වී සඳහා කිලෝවකට රුපියල් 45 ක් සහ සම්බා වීවලට කිලෝවකට රුපියල් 50 ක් ද ලබා දී මෙම ක‍්‍රියාව ආරම්භ කිරීමට පුළුවන්.

ළදරුවන් අතර මන්දපෝෂණය අඩු කිරීම සඳහා දරුවෙකු උපදින විට රුපියල් 20,000 ක් ලබා දීමට පියවර ගන්නවා.
දූෂණයෙන් මුදල් හම්බ කර සීෂෙල්ස් වැනි විදේශ රටවල බැංකුවල තැන්පත් කිරීමට අපේ පාලනය යටතේ කිසිවෙකුට ඉඩ තබන්නේ නැහැ.

අයවැයට ඉදිරිපත් කිරීමට පෙර විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා 2014.10.19 දින කළ කතාව මගින් නිෂ්පාදන ආර්ථිකයක වැදගත්කම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව කටයුතු කිරීම සාර්ථක උපායමාර්ගයක් නොවන බව පෙන්වා දී තිබූ අතර, නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගෙන තෙක් රජය මැදිහත් වී ජනතාවට යම් යම් සහන සැලසිය යුතු ආකාරය ද දක්වා තිබුණා. ඉහත පළවන්නේ එම කතාවෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

mah

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment