ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නේ නම් – රංජිත් හේනායකආරච්චි

Dec 1st, 2014 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, උපුටා ගැනිම්

අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, කළාකරුවන්, මාධ්‍යවේදීන් ආදී මෙකී නොකී විවිධ පුද්ගලයන් සහ සංවිධානයන් ආදියයි. එම තත්වය ඇති වන්නේ ඔවුන් කාලයක් තිස්සේ ගෙනගිය නොනවතින උද්ඝෝෂණ හේතුකරගෙනයි. මෙම තත්වය මෙවැනි තත්වයටකට ගෙන ඒමේදී දෙමළ ප්‍රජාතාන්ත්‍රික බලවේගයන් පශ්චාත් යුධ ලංකාවේ තම අයිතීන් වෙනුවෙන් නොනවත්වා කරගෙන ගිය සහ යන අරගලයද හේතු වේ. මෙසේ විවිධ කණ්ඩායම්, පුද්ගලයන් සහ දේශපාලන බලවේගයන් ගෙනගිය ඒ අඛණ්ඩ සටනේ ප්‍රතිඵලය ලෙස පොදු අපේක්ෂකයෙකු පිළිබඳ උවමනාව ලංකා සමාජයට සමාජ ගත විය. එසේ පොදු අපේක්ෂකයෙකු අවශ්‍යය යන්න සමාජගත වූවායින් පසුවද තවත් මාස 6 ක් පමණ එසේ පොදු අපේක්ෂකයෙකු ලෙස තෝරා ගනු ලබන්නේ කාවද යන්න පිළිබඳව මේ කණ්ඩායම් සහ පුද්ගලයින් අතර දීර්ඝව විවාදයට සහ සාකච්ඡාවන් වලට ගනු ලැබූ අතර අද වන විට එම වැඩපිළිවෙලේ ප්‍රතිඵලය ලෙස පොදු අපේක්ෂකයෙකු තෝරාගෙන ඇත. වැරදි නොකළ දේශපාලඥයන් නොමැති ලංකාවේ අපට තෝරා ගැනීමට සිදුවන්නේ සාපේක්ෂකව අඩු වැරදි කළ අයෙකි. මා සිතන්නේ සෑම පැත්තකටම වාගේ අගය කළ හැකි පුද්ගලයෙකු ඒ අනුව අද වන විට තෝරාගෙන ඇති බවයි.

දැන් මම අපේම ඉතිහාසය නැවත මතක් කරන්නට කැමැත්තෙමි. විශේෂයෙන්ම මම මෙහිදී ආමන්ත්‍රණය කරන්නේ මේ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් මතවාදය දියත් කරමින් කලක් තිස්සේ ක්‍රියාත්මක වූ දේශපාලන, සිවිල් ක්‍රියාධරයන් සහ බුද්ධිමතුන්ටයි. මෙවැනි අවදියක් 1994 වන විට තිබූ බව ඔබට මතක ඇත. විශාල මිනිස් ඝාතනයන් සිදුකර, රට අත්තනෝමතික පාලනයකට නතුකර, බුද්ධිමතුන් බලු කුක්කන් තත්වයට දමමින් පැවති දුර්ධාන්ත කාලයක් එම අවදියේ රට තුල පැවතුණි. මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාට ගනන්කාරයින් ලවා කානු දිගේ අදිමින් පහර දුන් අතර නඩු කාරයින්ට රස්තියාදුකාරයින් ලවා හූ කියවනු ලැබීය. රිචඩ් සොයිසලා වැනි නිදහස් මතධාරී මාධ්‍යවේදීන් ඝාතනය කරනු ලැබුණි. විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ අයමත මරණයේ සෙවණැල්ල වැටුණි. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා වැනි මැරයන් පොලිස් බලතල ඇතුව මැර කම් කරනු ලැබීය. මේ තත්වයට එරෙහිව සියළු බලවේග එදා එක්වුන අතර මේ අකාරයෙන්ම පොදු අපේක්ෂකයෙකු ලෙස එදින චන්ද්‍රිකා ගෙනඑනු ලැබුණි. බලය පෙරළීමේදී විශාල කාර්යක් ඉටුකළ මෙම ප්‍රගතිශීලී කණ්ඩායම චන්ද්‍රිකාට බලය ආවායින් පසු ඇය ප්‍රශ්න විසඳන තුරු බලා සිටියා මිස ක්‍රියාකාරීව එහි කොටස් කරුවන් නොවීමේ තත්වය පැවතුණි. ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාල විසඳුම්දීම සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීම වැනි ප්‍රධාන කාරණාවන් ක්‍රමක්‍රමයෙන් පසුමුණට ඇදී ගිය අතර චන්ද්‍රිකා බලයට ගෙන ඒමට ප්‍රධාන කාර්ය භාරය ඉටුකළ ප්‍රගතිශීලී බලවේග සහ පුද්ගලයන් ඈතින් ඈතට තල්ලුවී ඒ වෙනුවට ජාතිවාදයෙන් උන්මත්තක පසුගාමී බලවේගයන් චන්ද්‍රිකා වටා රොද බඳිනු ලැබීය. බොහෝ විට අප පුරුදු වී ඇත්තේ එදා සිදුවූ වරදට චන්ද්‍රිකා දෙසට පමණක් ඇඟිල්ල දික් කිරීමටය. ඇත්ත නම් බලය මාරු කර ගැනීමට සංවිධානය වූ අය ඉන්පසු ලිහිල් අයුරකින් ඔහේ බලා සිටීම නිසා බොහෝ විට චන්ද්‍රිකාට එය වෙනස් කිරීමට උවමනාවක් තිබුනා වියහැකි වුවත් එය කර ගැනීම නොහැකිවීමට හේතු වූවා විය හැක. එදාද මේ බලවේග සංවිධානාත්මකව චන්ද්‍රිකාට ප්‍රශ්න විසඳීමට සහාය වෙමින් පසුගාමී බලවේගයන්ට ඇය වටා රොක්වීමට එරෙහිව අරගලයක යෙදුනානම් තත්වයන් සමහරවිට වෙනස් වන්නට ඉඩතිබුනි.

Read more Click Here

උපුටා ගැනීම පතුල වෙබ් අඩවියෙනි

www.pathula.com

 

jvp-300x162

Recent Posts

Leave a Comment