GSP+ සහ මාධ්‍ය සදාචාරය

Jan 31st, 2017 | By | Category: EDITOR'S CHOICE, OTHER NEWS, Today Lead News, දේශපාලන, නීතිය, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය
ජී.එස්.පී.ප්ලස් නැවත ලබාදීම සහ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් ජාතික මට්ටමින් විශාල සංවාදයක් ඇතිවී තිබෙනු මෙම සති කිහිපය තුළදී දක්නට ලැබිණි. යම් පුවතක් වාර්තාකරණයේදී කරුණු තහවුරු කරගනිමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම මාධ්‍ය ආචාරධර්මයන්හි වැදගත් කාරණයකි. කෙසේ නමුත් මෙහිදී ජනමාධ්‍ය මගින් මෙන්ම රජයේ සහ වෙනත් පක්ෂයන්ගේ මූලාශ්‍ර මගින්ද අසම්පූර්ණ සහ නොමඟ යවනා සුළු අදහස් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබිණි.
16194886_396017024086694_2952466726674703717_n
ජී.එස්.පී. ප්ලස් සම්බන්ධයෙන් කතාබහ ඇතිවූ මූලික අවස්ථාවේදීම රජයේ යම් යම් නියෝජිතයින් විසින් සාවද්‍ය ලෙසින් යම් අනිවාර්ය කොන්දේසි පිළිබඳ සඳහන් කෙරුණද යුරෝපා සංගමය මගින් ජී.එස්.පී ප්ලස් සහනය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා එවන් කොන්දේසි සැබවින්ම පනවා නොතිබුණි. (ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට නම් මුස්ලිම් විවාහ නීතිය අවලංගු කළ යුතු බවට යුරෝපා සංගමයෙන් කොන්දේසි පැනවූ බව අමාත්‍ය සාගල රත්නායක විසින් ප්‍රකාශ කර සිටින ලදී). මෙය ඒ ආකාරයෙන්ම පුවත්පත් මගින් සන්නිවේදනය කරන්නට යෙදිණි.
ඉන් පසුව සමරිසිභාවය අපරාධයක් ලෙසින් සැලකීම අවලංගු කිරීමේ යෝජනාවද ජනමාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවේ එය ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම සඳහා යුරෝපා සංගමය මගින් පැනවූ කොන්දේසියක් ලෙසින් පෙන්වාදෙමිනි. මාධ්‍ය මගින් මෙම ගැටලුව චිත්‍රණය කරන්නට යෙදුණේ රටට ලැබෙනා ආර්ථික ප්‍රතිලාභයන් ප්‍රාණ ඇපකරුවෙකු ලෙසින් තබාගෙන බටහිර රටවල් අපගේ සංස්කෘතික වටිනාකම් හා ධර්මතාවයන් වෙත පහර එල්ල කිරීමක් ලෙසිනි.
මුස්ලිම් විවාහ නීතිය අවලංගු කිරීම සහ සමරිසිභාවය අපරාධයක් ලෙසින් සැලකීමේ නීතිය අවලංගු කිරීම යනු රටේ මානව හිමිකම් සු‍රැකීම නඟා සි‍ටුවීමට ගත යුතු පියවර දෙකක් බැව් සැබෑ වේ. එනමුත් මෙහිදී මාධ්‍ය මගින් කරුණු සොයාබැලීමකින් තොරව, සාවද්‍ය වාර්තාකරණයක යෙදීම මාධ්‍ය සදාචාරයන් උල්ලංඝනය කිරීමක් වේ.
මෙම පසුබිමේ පවත්නා සැබෑ තත්ත්වය වන්නේ ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සඳහා අයදුම් කිරීම සලකා බැලීමට පෙරාතුව සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවයන් ලෙසින් යුරෝපා සංගමය 2010 දී කෙ‍ටුම්පත් කොට දැක්වූ කොන්දේසි 15 අතර මෙම එකදු කරුණක් හෝ නොමැති බවයි. මේවා අයත් වන්නේ ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම යටතට ගැනෙනා, යුරෝපා-ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායම විසින් රටේ ක්‍රියාත්මක කළ යුතු ලෙසින් යෝජනා කර ඇති කරුණු 58 ක් යටතට පමණි. එයට ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම හා සෘජු සම්බන්ධයක් නොමැති වේ. ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීම සඳහා යුරෝපා සංගමය මගින් කෙ‍ටුම්පත් කොට දැක්වූ කොන්දේසි 15 න්, මේ වනවිට කරුණු දෙකක් හැරෙන්නට අනෙකුත් සියලු‍ම කරුණු ශ්‍රී ලංකාව විසින් සපුරා ඇත. එම සපුරා නොමැති කරුණු දෙක වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අපරාධ පටිපාටිය සම්බන්ධ නීති මාලාවන් සංශෝධනය කිරීමයි. එම කරුණු දෙක ඇතුළත් කොට තිබුණේ රැඳවියන්ගේ අයිතීන් තහවුරු කිරීම සඳහා වුණි. මෙයට අමතරව ලංකාදීප ඇතුළු තවත් පුවත්පත් ඔවුන්ගේ වාර්තාකරණයන් තුළින් හඟවා සිටියේ මේ වනවිටත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය ලැබී ඇති බවකි. මෙයද කරුණු විකෘති කොට දැක්වීමකි. ■
Ethics Eye ෆෙස්බුක් පිටුවෙන්
උපටාගන්නා ලද සටහනකි.

Recent Posts

Tags: , , , , ,

Leave a Comment