BREXIT  වලින් GSP+ වලට හානියක් නැහැ- අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

May 19th, 2017 | By | Category: LEAD NEWS, දේශපාලන, මොකක්ද මේ GSP+, සමබිම ඉරිදා අතිරේකය

“අද (මැයි 19) සිට අපට යුරෝපා සංගමයෙන් ජීඑස්පී ප්ලස් සහනය ලැබේ. ඒ යටතේ යුරෝපා සංගමයේ වෙළෙඳපොළ තුළට ඇතුළු වීමට අපට තීරු බදු සහන ලැබේ.  බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුවද ඒ වන තෙක් වෙළෙඳාමේදී වැඩි සැලකිලි හෙවත් වරණයන් ලබමින් සිටි රටවල්වලට එම වරණය තවදුරටත් සැපයීමට ඔවුන් එකඟව ඇත.  එහෙයින් යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණයෙන් ශ්‍රී ලංකාවට අවාසියක් සිදු නොවෙයි.”‍

යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැයි 17 දා කොළඹදී ප්‍රකාශ කළේය. 

ranil-wickramasinghe

ඔහු මේ අදහස් පළ කළේ දකුණු ආසියානු කාන්තා වාණිජ සහ කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකත්වය සවිබලගැන්වීමේ සමුළුව අමතමිනි.  මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“ජීඑස්පී ප්ලස් ලැබීම වනාහි හුදෙක් වෙළෙඳපොළකට ඇතුළු වීමට අවස්ථාව ලැබීම පමණක් නොවෙයි. එය අපගේ ආර්ථිකය අපනයනාභිමුඛ ආර්ථිකයක් බවට පත්වීම ආරම්භ කරන්නා වූ සැලකිය යුතු මං සලකුණකි. අප මුහුණ දෙන බරපතළ ප්‍රශ්න වන ගෙවුම් ශේෂ සම්බන්ධ ප්‍රශ්න සහ ණය-පොලී ගෙවීම හා සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගත හැකි එකම මාර්ගය අපගේ අපනයන වර්ධනය කරගැනීමයි. ඒ හා සම්බන්ධව ඇති අනෙක් ප්‍රශ්නය වන සේවක වැටුප් සම්බන්ධ ප්‍රශ්නයද ජයගත හැක්කේ එමගිනි. අපගේ ආදායම අඩු නිසා සේවක වැටුප් වැඩි කිරීමට නොහැකි වීම නමැති විෂම චක්‍රය බිඳිය හැක්කේද අපනයන වර්ධනය කරගැනීමෙනි. එයින් ශ්‍රම බලකායට වැඩි වැටුපක් ගෙවිය හැකි වන අතර, එයින් ශ්‍රම ඵලදායකත්වය වැඩි කරගත හැකිය. අප සියලු දෙනාම අපනයනය කරා යොමු විය යුතු වෙයි. සමහර ව්‍යවසායකයන් දේශීය වෙළෙඳපොළට පමණක් නිෂ්පාදනය කිරීමත්, අපනයනය සමහර ව්‍යවසායකයන් විසින් සිදුකිරීමත් තවදුරටත් කළ හැක්කක් නොවේ. එවන් තත්ත්වයක් ඇති කරගැනීමට අපට ධෛර්යය නොතිබුණු බැවින් අපගේ ස්ත්‍රී ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් විදේශ රටවලට ගොස් ගෘහ සේවයෙහි යෙදෙන තත්ත්වයක් ඇති විය.”‍

දැනට ජීඑස්පී ප්ලස් සහනයට හිමිකම් කියන්නේ රටවල් 08ක් පමණකි. ශ්‍රී ලංකාව සමඟ එය රටවල් 09ක් බවට පත් වෙයි. 

1. ආර්මීනියාව   2. බොලීවියාව

3. කේප් වර්ඞ්   4. කිර්ගිස්ථානය

5. මොන්ගෝලියාව 6. පාකිස්ථානය

7. පැරගුවේ 8. පිලිපීනය

Recent Posts

Tags: , , , , , ,

Leave a Comment