ඉන්දික ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට!

Dec 14th, 2017 | By | Category: LEAD NEWS, පුවත්

14494827_10155197352499688_6297237074093630279_n

ප්‍රවීණ කාව්‍ය රචකයෙකු, නවකතාකරුවෙකු හා භාෂා පරිවර්තකයෙකු වූ ඉන්දික ගුණවර්ධන මහතා ඊයේ දින එනම් 13/12/2017 දින හදිසියේ අභාවප්‍රාප්ත විය. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිව සිටි සුදර්ශන ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකු වන හෙතෙම මිය යන විට 40 වන වියෙහි පසුවිය.

දේහය මහජන ගෞරවය සදහා අද පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. හෙට ඔහු පදිංචිව සිටි ගාල්ල, වදුරඹ, උරල පන්සල පාරේ අංක 215/1 නිවසට රැගෙන යාමට නියමිතයි. දේහය පිළිබද අවසන් කටයුතු 15 වන සිකුරාදා පස්වරු 4.00 ට බද්දේගම පොදු සුසාන භූමියේදි සිදුකෙරේ.

Recent Posts

Leave a Comment