හැත්තෑ වසරක  වැරදුන තැන් දෙස ආපසු බැලීමේ නිදහස

Feb 2nd, 2018 | By | Category: LEAD NEWS, Uncategorized, දේශපාලන, පුවත්, සමබිම ඉරිදා, සමබිම ඉරිදා අතිරේකය

70 වෙනි නිදහස් දිනය වෙනුවෙන් උතුරේ සහ දකුණේ සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් අනූදෙදෙනෙකුගේ නමින් නිකුත් කළ ප්‍රකාශනය 

එළැඹෙන පෙබරවාරි මස 04 වනදායින් සනිටුහන් වනුයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ගතවන 70 වන වර්ෂයයි. 2018 වසරේ නිදහස් සැමරුම් උත්සවය මෙයට ප්‍රථමයෙන් පැමිණි වර්ෂවල සිදුවූවාක් හා සමානවම රජය සහ නොයෙක් තරාතිරමේ සමාජ කණ්ඩායම් එක්ව අතිශය විභූතිමත්ව සහ අලංකාරව පත්වනු ඇත. සාධනීය සමාජ සුබසාධන ඉලක්කයන් සපුරා ගත් සක්‍රීය ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක් වශයෙන් පවතින්නට ශ්‍රී ලංකාව සමත්ව ඇතිමුත් නිදහසින් පසු මෙරට උදාවූ යුගය වනාහී යුක්තිය සහ සමානාත්මතාවය ඉල්ලා කළ අරගල සහ රාජ්‍යට එරෙහිව අවිගත්තවුන් විසින් සිදුකළ සන්නද්ධ නැගීසිටීම් නිසාවෙන් පළුදුවූවකි. මේ ඉතිහාසයේම ඇතැම් තැනක් රාජ්‍යය විසින් මුදාහරින ලද දරුණු මර්දනයන් නිසාවෙන් දුබලව ගිය අතර තවත් විටෙක ජනතාවගේ සිවිල් නිදහසට පනවන ලද සීමාකිරීම්ද මානව හිමිකම් විෂයෙහි සිදුකළ උල්ලංඝනයන්ද ක්‍රියාත්මක විණි. දස දහස් ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අහිමිව යද්දී තවත් පිරිසකට සිදුවූයේ කුමක්දැයි සඳහනක් හෝ නොමැතිව ගොස් ඇත. තමන් උපන් බිමට ඇති අයිතිය අහිමිව දහස් ගණනක් අවතැන්ව ගොස් තවත් එවැනිම ප්‍රමාණයක ශ්‍රී ලාංකිකයන් අතුරුදන්කරවනු ලැබූ කාල පරිච්ඡේදයන් මේ ඉතිහාසය තුළ ඇත. පුද්ගල සහ සමාජ වටිනාකම් සුරක්ෂිත කරන මානව අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ඒවා ආරක්ෂා කිරීමට දිගින් දිගටම අසමත්වූ රාජ්‍ය යාන්ත්‍රණයන් හමුවේ ආණ්ඩුකරණය විෂයෙහි පැවතිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ගුණය දුර්වලව ගිය, බොහෝ සෙයින් බෙදුණු සමාජ ක්‍රමයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණයව ඇත. එසේ හෙයින් එළැඹෙන නිදහස් සැමරුම මුළුදිය යුත්තේ පශ්චාත්-යටත් විජිත ඉතිහාසය තුළ රටක් වශයෙන් ශ්‍රී ලංකාව අත්විඳි අසාර්ථකත්වයන් දෙස යළිත් හැරීබැලීම සඳහා වන අව්‍යාජ උත්සාහයන්ගෙන් සහ වඩාත් යුක්තිගරුක, සාධාරණ, සාමකාමී සහ සාමූහික ජනසමාජයක පැවැත්ම උදෙසා ශ්‍රී ලාංකිකයන් වන අප තුළ ඇති අභිලාෂයන්ගෙනි.

දශක 07 ක් පුරාවට භුක්ති විඳි නිදහසක් මධ්‍යයේ වුව වින්දිතයන්ගේ සහ බලපෑම්වලට ලක්වූ කණ්ඩායම් විසින් අත්විඳින ඛේදනීය තත්ත්වයන් අදටත් අඩුවක් නොමැතිව ක්‍රියාත්මක වේ. සිවිල් ජන දිවිය හමුදාකරණයට ලක්කිරීම, පුද්ගලික ඉඩම්වල අයිතිය ඒවායේ මුල් අයිතිකරුවන් හට දිගින් දිගටම අහිමිකිරීම, බලහත්කාරී අතුරුදන්කරවීම්, සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනයකිරීම් ආදී අර්බුදයන් සම්බන්ධයෙන් ඉදිරිපත්වන අඛණ්ඩ විරෝධතාවයන්ගේ ස්වරූපයෙන් එකී ඛේදනීය තත්ත්වයන් අද්‍යතන ජන දිවිය හා බද්ධ වෙමින් පවතී. ජන දිවියේ ඇතුළත දක්වාම බලපෑම් එල්ලකරන ආරක්ෂක ක්‍රියාන්විත, ප්‍රචණ්ඩත්වය තර්ජනයට ලක්කිරීම් සහ සෝදිසිකිරීම්වලින් සමන්විත සන්නද්ධ හමුදා ක්‍රියාකාරීත්වයන්, සහ නීතිය ක්‍රියාත්මකකිරීමෙහිලා වගකිවයුතු ආයතන දිගින් දිගටම ප්‍රකට කරන ඇල්මැරුණු ක්‍රියාකාරීත්වය දෛනිකව අත්විඳින තත්ත්වයට මෙරට පත්ව ඇත. දේශපාලන හේතූන් මත සිරගතකෙරුණු පුද්ගලයන්ට නිදහස ලබාදීමේ ක්‍රියාවල සැලකිය යුතු තරමේ ප්‍රතිඵලයක් නොදක්වමින් අතිශය මන්දගාමීව ඇත. මානව හිමිකම් ආරක්ෂකයන් සහ ජනමාධ්‍යවේදීන් නිරන්තර තර්ජනයන්ට, බියවැද්දීම්වලට සහ බලපෑම් මත සීමාකිරීම්වලට ලක්වෙමින් සිටී. රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ දේශපාලඥයන් විසින් සිදුකරන අපරාධ දිගින් දිගටම නීතියෙන් වසන් කෙරෙද්දී දේශපාලන සහ සමාජ-ආර්ථික ඛේදාන්තයන් අති බහුතරයක වින්දියන් විෂයෙහි සත්‍යය අනාවරණයවීම, යුක්තිය ඉටුවීම හෝ ඔවුනට සිදුවූ හානි කිසියම් පූරණයකට ලක්කිරීම යන මේ කිසිවක් සිදු නොවන තත්ත්වයකට පත්ව ඇත. ආගම, ජනවර්ගය, ලිංගිකත්වය, ශාරීරික හෝ මානසික දුබලතාවයන් සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වැනි සාධක පදනම් කරගනිමින් පුද්ගලයන් සෙසු අයවලුන්ගෙන් වෙනස්කොට සලකනු ලබන්නන්ගේ තත්ත්වයට පත්කරන නීති, භාවිතයන්, සහ ප්‍රචණ්ඩ ප්‍රකාශනයන් නොවෙනස්ව ක්‍රියාත්මක වන අතරතුරම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නෛතික භාවිතයන් වෙනස්කිරීමේ උත්සාහයන්ගේ නාමයෙන් තවදුරටත් සිවිල් අයිතිවාසිකම් කප්පාදු කරන්නට ගන්නා උත්සාහයන් අප විසින් අත්විඳිමින් සිටිමු.

2015 ජනවාරි මස ශ්‍රී ලංකාවේ මුළුදුන් දේශපාලන පෙරළිය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම විෂයෙහි ජයග්‍රහණයකැයි සනිටුහන්ව ඇත. ඒ හා සමගම මෙරට තුළ නව දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නේයැයි පොරොන්දුවක්ද දෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන භාවිතයෙහි වෙනසක් වෙනුවෙන් සිවිල් සමාජය විසින් සිදුකළ දීර්ඝ කාලීන අරගලයකට සාධාරණයක් හිමිවන ලකුණු ඇතිකරමිනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, මෙරට සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ පැවැත්ම තහවුරු කරන යාන්ත්‍රණයක්, යහපාලනය ඇතිකිරීමෙහිලා කැපවීමෙන් ක්‍රියාකරන දූෂණයෙන් සහ වංචාවෙන් තොර ආණ්ඩුවක් යන මේවාද ඒ හා සමගම ඇතිකරන්නේ යැයි මෙරට ජනතාවට පොරොන්දු දෙනු ලැබිණි. එසේ නමුත් අද වනවිට මෙරට ජනතාවට හිමිව ඇත්තේ ආණ්ඩුවේ මූල්‍ය අක්‍රමිකතාවයන් මෙන්ම වගවීම, සහ විනිවිදභාවය බිඳ හෙළමින් ශ්‍රී ලාංකිකයන්ගේ සාමුහික පැවැත්මට සහ සංහිඳියාවට බාධා පමුණුවන දේශපාලනීකරණය වී දුර්වලව ගිය රාජ්‍ය ආයතන වැනි අභියෝග පමණකි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැනගැනීමේ පනත වැනි සාධනීය නීති ප්‍රතිසංස්කරණයන් සිදුවීම ජනතාවගේ විශ්වාසය තහවුරු කරන අතිශය යහපත් තත්ත්වයකැයි පිළිගන්නා අතරම ලබාගත් නිදහස මෙරට සියලුම දෙනා එකසේ භුක්තිවිඳින තත්ත්වයක් උදාවීමට නම් එතැනින් ඔබ්බට යන ප්‍රතිසංස්කරණ මෙරට තුළ සිදුවිය යුතුයැයි අවධාරණය කරන්නෙමු.

ශ්‍රී ලංකාව සිය 70 වැනි නිදහස් වර්ෂය සමරන මෙකී සන්ධිස්ථානයේදී මෙරට සිවිල් සමාජය වශයෙන් අපි නැවත වරක් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම පිණිස දේශපාලන විසඳුමක් ගෙන එන මෙන්ද, මානව හිමිකම් සහ සිවිල් නිදහසෙහි ආරක්ෂාව සහතික කර බහුවිධ සුළුතර කණ්ඩායම්හි අයිතිවාසිකම් තහවුරුකරන මෙන්ද, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් අපරාධ සඳහා හිමිවිය යුතු දණ්ඩනයන්ගෙන් ගැලවී සිටීමට ඇතැමුන් සතු වරප්‍රසාදයන් අහෝසි කරන මෙන්ද, සැබෑ සාමය, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය විෂයෙහි කැපවෙන මෙන්ද ඉල්ලා සිටින්නෙමු. ■

Civil Society statement for Independence Day – English version

 

Signatories for 4th February Statement

Individuals

1. A.C.M Rumaiz 2. A.Dorin Rajani 3. Ameer Faaiz 4. Anberiya Hanifa 5. Anushani Alagarajah 6. A.R.A. Ramees 7. Asila Niroshini 8. B.Aswiny 9. B. Gowthaman 10. Bhavani Fonseka 11. Brito Fernando 12. Chandra Jayaratne 13. Chandraguptha Thenuwara 14. D.R.Jayathilake 15. Deekshya Illangasinghe 16. Gamini Viyangoda 17. Gnanaweera Dissanayake 18. Godfrey Yogarajah 19. Hasanah Cegu Isadeen 20. Isabelle Lassee 21. Ithayarani Sitravel 22. Jayantha Dhanapala 23. Jensila Majeed 24. Juwariya Mohideen 25. Krystle Reid 26. Kumudini Samuel 27. Lahiru Kithalagama 28. Lakshan Fernando 29. Lionel Guruge 30. Luwie Ganeshathasan 31. Mahalaxumy Kurushanthan 32. Malathi de Alwis 33. Mareen Nilasini 34. Matilda Lazarus 35. Minoli de Soysa 36. N.C Pushparaj 37. Nalini Ratnarajah 38. Nimalka Fernando 39. Niran Anketell 40. P.Muthulingam 41. Paba Deshapriya 42. Padmini Weerasooriya 43. Paikiasothy Saravanamuttu 44. Raisa Wickrematunge 45. Rajani Chandra 46. Rajmohan Priyatharshini 47. Ruki Fernando 48. S.M.M. Anifa 49. S.Sritharuni 50. Sampath Samarakoon 51. Sanjana Hattotuwa 52. Sarah Arumugam 53. Selvaraja Rajasegar 54. Senel Wanniarachchi 55. Shahira Lafir 56. Sharanya Sekaram 57. Sharmila Seyyid 58. Shreen Saroor 59. Smithkadsan Chanthiraleela 60. Sumika Perera 61. Sumithra Sellathamby 62. Tanuja Thurairajah 63. Thyagi Ruwanpathirana 64. Vasuki Nesiah 65. Visaka Dharmadasa

Organisations

66. Affected Women Forum – Akkaraipattu 67. Alliance Development Trust 68. Association of Parents with Disabled Children 69. Association of War Affected Women 70. Equal Ground 71. Centre for Policy Alternatives 72. Child Vision Sri Lanka 73. Families of the Disappeared 74. Global Shapers Colombo Hub 75. Hashtag Generation 76. INFORM Human Rights Documentation Centre 77. Institute of Social Development 78. International Movement Against All Forms of Discrimination and Racism 79. Mannar Women’s Development Federation 80. Mantra Life 81. Muslim Women Development Trust, Puttalam 82. Northern Muslims’ Forum 83. Rights Now Collective for Democracy 84. Rural Development Foundation 85. Stand Up Movement 86. South Asian Centre for Legal Studies 87. The Grassrooted Trust 88. Vallamai 89. Women Development Innovators 90. Women’s Action Network 91. Women’s Political Academy 92. Women’s Resource Center, Kurunagala

Recent Posts

Leave a Comment