ලංකාවේ ගණිකාවෝ 40000 ක්‌- ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න- සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න

Nov 21st, 2012 | By | Category: EDITOR'S CHOICE, PRESS RELEASE

ලංකාවේ ගණිකා ව්‍යාපාරය නීතිගත කරවන ලෙස තමා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලන බවද දකුණු පළාත් සභා සන්ධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ඊයේ (20 වැනිදා) පළාත් සභාවේ මාසික රැස්‌වීමේදී පැවැසීය.

 මේ සඳහා ලංකාවේ කාන්තාවන් කැමැති නැතිනම් ඒ සඳහා කාන්තාවන් විදේශයෙන් මෙරටට ගෙන්වා ගණිකා ව්‍යාපාරය ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස දකුණු පළාත් සභා මාසික රැස්‌වීම අමතමින් ඔහු කියා සිටියේය. මුහුදු හිරුඑළිය, ලිංගිකත්වය මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තියෙනවා. පසුගිය දිනෙක පළාත් සභාවේ මුදලින් විදේශ සංචාරයක යෙදීමෙන් සොයාගත් තොරතුරු අනුව එම රටවල් දියුණුවී තිබෙන්නේ මේ ආකාරයෙන් බවත් පවසා දැනට ලංකාවේ 40,000 ක්‌ පමණ ගණිකාවන් සිටිනා බවත් ඔහු පැවැසීය.

 මෙහිදී දකුණු පළාත් සභා රැස්‌වීමේ උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවූ අතර දකුණු පළාත් සභාවේ සභාපති වූ සෝමදාස කෝදාගොඩ මහතා පැවැසුවේ” මොනවද මේ කියවන්නේ. ඕවා මෙතන කියන්න එපා” කියාය

 බෝගහගොඩ – ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

උපුටා ගැනීම – දිවයින වෙබ් අඩවිය

http://www.divaina.com

Recent Posts

Tags: , , , ,

One Comment to “ලංකාවේ ගණිකාවෝ 40000 ක්‌- ගණිකා ව්‍යාපාරය නීතිගත කරන්න- සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රී අජිත් ප්‍රසන්න”

  1. Jamal says:

    අයවැය පරතරය පියාවාගන්නට හොඳ උපායමාර්ගයක් සන්දානය තුලින්ම , ජයවේවා

Leave a Comment