පාසල අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව ආගම ඉගැන්වීම – සමරසිංහ ගුණසේකර

Mar 10th, 2013 | By | Category: EDITOR'S CHOICE

ඔබ ගුරුවරයෙක්. පළමුවෙන් ම ඔබගේ ගුරු වෘත්තිය පිළිබඳ යම් සඳහනක් කරන්න.

පුතා මම කැමතියි මගේ ගුරු වෘත්තිය ගැන කතා කරනවට වඩා සමස්ථ ගුරු භූමිකාව පිළිබඳ සහ අද ශිෂ්‍යයා මුහුණ පා තිබෙන ඛේදවාචකය පිළිබඳ කතා කරන්න.මගේ පුද්ගලික අදහස නම්, එදා ගුරුවරය කියල කෙනෙක් හිටිය. ඔහු සමාජයට අධ්‍යාපනය ලබල දුන්න. ජිවිතය කියල දුන්න. ඉදිරි පරම්පරාවන්ට පවතින්න, දේවල් නිෂ්පාදනය කරන්න, දැනුම සම්පාදනය කරපු කෙනෙක්. ඒක හුදු වෘත්තියක් නෙවෙයි. ඒක සේවයක්. මේ වගේ තව පිරිසක් හිටිය. අපි ගමු වෛද්‍යවරය. වෛද්‍යවරය කියන්නෙ රස්සාවක් කරන මිනිහෙක් නෙවෙයි. එයා ජීවිතවලට ආදරය කරන, මිනිසුන්ට සේවය කරන පුද්ගලයෙක්. ඊළඟට කලාකරුව කියල කෙනෙක් හිටිය. ඔහුත් සේවයක් කරන්නෙ. පහන් කන්ද යට අඳුර වගේ තමන්ගෙ ජිවිතය අඳුරෙ තියාගෙන ලෝකයට ආලෝකය දෙන්නා වූ, සංවේදී වූ පුද්ගලයෙක්. මේ වචන ටික තාම තියනව.

නමුත් දැන් වෙලා තියෙන්නෙ මොකක් දපුද්ගලිකකරණයපාරිභෝගික සමාජයකම්කරු ව්‍යාපාරය කුඩුපට්ටම් කරල මිනිස්සු පුද්ගල ගත සත්වයො බවට පත්වුනාට පස්සෙවිවෘත ආර්ථිකය නමැති බූවල්ල අපේ සමාජය වෙලාගත්තට පස්සෙ ඒ අයට තීරණය කරන්න සිද්ධ වෙනව මම සේවකයෙක් දමම වෘත්තිකයෙක් දඑහෙම නැත්නම් මම වෙළෙන්දෙක් දමම සේවකයෙක් දමම මනුෂ්‍ය වර්ගයාට සේවය කරන්නෙ දනැත්නම් දේවල් විකුණල කියක් හරි හොයාගන්න මිනිහෙක් දඒ පුද්ගලයටත් සමාජයේ ප‍්‍රශ්න තියනවා. කඬේට බඩු ගන්න ගියාම එයාගෙන් අහන්නෙ නෑ ‘‘උඹ ජීවිත කීයක් බේරල තියනවද?, උඹ කීදෙනෙකුගෙ ඇස් පාදල තියනවදඋඹ කෙතරම් වටිනා නිර්මාණ කරල තියනවද කියල. වෙළෙඳපළේ දි එයත් හුදු පාරිභෝගිකයෙක් පමණයි. එතනදි අධ්‍යාපනය වෙළෙඳපළකරණය වීම තුළ මොකක් ද මේ අධ්‍යාපනයට සිද්ධවෙමින් යන්නෙ?

‘‘මේ කාරණාවෙදි බහුතර පිරිසක් වචනයක් භාවිතා කරනව අර්බුදය කියල. නමුත් මම ඒ වචනය භාවිතා කරන්නෙ නෑ. මේ පිළිබඳව විවිධ විද්වතුන් පොත් පවා ලියල තියනව. මෙවැනි දේ ලෝකයේ හැමදාම සිද්ධ වෙනව. දරුවා ඉපදෙන වෙලාවෙ මවට විලි රුදාව හැදෙනවනෙ. සජීවි ව්‍යාපාරයක් තුළ එක් එක් අවස්ථාවන් ඇතිවෙනව. ඒව විටින් විට වෙනස් වෙනව. වෙනස්කම් සිදුවෙනව. ඒ වෙනස සුබදායක ද නැද්ද කියල බලන්න වෙන්නෙ සාපේක්‍ෂව. වර්තමාන ළමය දිහා පරණ කාලෙ පුද්ගලයෙක් බැලූවොත් ඔහු කියන්න පුළුවන් ළමය පිරිහිලා කියල. නමුත් එහෙම එකක් නෑ. ධර්මපාලතුමාගෙ ඇස්වලින් බැලූවොත් මේ කාලෙ පිරිහිලා. නමුත් සාපේක්ෂව බැලූවම සමාජ පරිහානියක් නෑ. තියෙන්නෙ සමාජ ප‍්‍රගමනයක්. එක් එක් පුද්ගලයට තමන්ගෙ කෝණයෙන් බලල කියන්න පුළුවන් පිරිහිලා කියල. මගේ විශ්වාසය එහෙමයි.

සමාජය ගමන් කරල තියෙන්නෙ ප‍්‍රගතිය කරාමයි. මේ හැම එකක්ම අර්බුද නෙවෙයි. අභියෝග. හැම අභියෝගයක් ම සංවර්ධනය අවදි කිරීමක්. අධ්‍යාපනය ගත්තත්, කලාව ගත්තත්, රාජ්‍ය ගත්තත්, ආගම ගත්තත් භික්‍ෂූන්ගෙ ගත්තත් මේ ලක්‍ෂණය තියනවා. මේ තත්ත්වය නැති ස්ථානයක් නෑ. තියනවනම් ඒ කනත්තෙ විතරයි. ඒ අයට මේ අභියෝග අර්බුද මොනවත් නෑ සමාදානයේ සැතපෙනවා. ඒකෙන් අපට තේරෙන්නෙ මොනවද? සජිවී සත්ත්වයින් සිටින ස්ථානයේ, ක‍්‍රියාකාරී ව්‍යාපාරයේ හැම විට ම වෙනස්කම් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි අපි අවුරුදු 80 ක් විතර ජිවත්වෙමින්නෙ මේ ප‍්‍රගමනය එහෙමත් නැත්නම් අර්බුදය පිළිබඳ කතා කරන්නෙ. ඉතිං අධ්‍යාපනය පිළිබඳ කතාකරත් ඒ වගේ තමයි.

මේ ක්ෂේත‍්‍රය ඉතාමත් පුළුල් ලෙස ව්‍යාප්ත වුන ක්ෂේත‍්‍රයක්. එය විධිමත් අධ්‍යාපනය, නොවිධිමත් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, පූර්ව ළමා අධ්‍යාපනය වගේ ක්ෂේත‍්‍ර ගණනාවක පැතිරෙනවා. මෙය කෙතරම් පුළුල් ද කියනවනම්, මම දවසක් දේශනයකට ගිය වෙලාවෙ කළු ලැල්ලෙ මෙන්න මේ වචන තුන ලිව්වා. ‘ඉගෙනගැනීම, විභාගය, ජිවත්වීම’ මම ඒ අයගෙන් අහුවෙ මේ අතරින් නිස්සාර ම කාර්යය මොකක් ද කියල. සියලූ ම ළමයින්ගේ පිළිතුර වුනේ ‘විභාග ගැනීම’ කියන එක. දෙවනුව ඉගෙනගැනීම, අවසාන පිළිතුර ජීවත්වීම. අපේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය දැන් වැඩිපුර ම යොමු වෙලා තියෙන්නෙ ඔය නිස්සාර ම කාර්යය වෙත. ඒකෙන් පැහැදිලි වෙන්නෙ අපේ අධ්‍යාපනය ඉගෙනගැනීම සඳහා යොමු වුන අධ්‍යාපනයක් හෝ ජීවත්වීම සඳහා යොමු වුන අධ්‍යාපනයක් නොවන බව නේද?

ඊළගට අපි ගමු විධිමත් අධ්‍යාපනය: මම එකවතාවක් මේ පිළිබඳව හිගුරක්ගොඩ ගිහින් සමීක්ෂණයක් කළා. ඒකෙදි ගොවියො, හාමුදුරුවරු,වෙළෙන්දො, වෙදමහත්වරු, කම්කරුවො, මේ ආදී විවිධ රැකිවාන්හි නියුක්ත වූ අය සම්බන්ධ කරගත්තා. මම ඒ අයට යොමු කළ එක ම ප‍්‍රශ්නය වුනේ,ඔයාල ලබාගත්ත පාසල් අධ්‍යාපනය ජිවිතයට කොතරම් සම්බන්ධ ද කියල. ඔවුන් කිවුවෙ එයින් 90% සම්බන්ධ නෑ කියල. මම දකින විදියට විධිමත් අධ්‍යාපනය ආරම්භයේ ම රෝගයක් තියනවා. මොකක්ද රෝගය? විධිමත් අධ්‍යාපනය කියන්නෙ පාසලකට වෙලාවට ඇවිල්ල ගුරුවරු උගන්වනව. ළමයි ඉගෙනගන්නව කියල උපකල්පනය කරල තියනව. මේක ම ලොකු මිත්‍යාවක්. ළමයි ඉගෙනගන්නෙත් නෑ. එක වයසකදි ඉගෙනගන්තේ නෑ. සමහර ගුරුවරුන්ට උගන්වන්ත් බෑ. අපි මේක සීමා කරමු පාසල් අධ්‍යාපනයට. විශ්වවිද්‍යාලය පිළිබඳව වෙනම කතාකරමු.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන්නෙ, ටියුෂන් පන්තියෙදි ප‍්‍රශ්න හයකට උත්තර ලියල එහේ එනව. එහෙත් ප‍්‍රශ්න හයකට උත්තර ලියල එළියට යනව. එච්චරයි. වෙන මොනවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නැහැ. මගෙත් එක්ක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් කිව්වා මෙහේට දාහක් ආවොත් ‘පොතක්‘අතේ තියෙන්නෙ සීයකටත් අඩු ප‍්‍රමාණයක කියල. හැබැයි සටහන් පොත් නම් තියනව. විෂයානුබද්ධ පොත් හැර වෙන මොනවත් කියවන්න පුස්තකාලෙට යන්නෙ නැහැ. ඒ නිසා ඒ මාතෘකාව පසුවට කල් දාල පාසල් අධ්‍යාපනය පිළිබඳ කතා කරමු. මේක අංශ තුනකට බෙදන්න පුළුවන්.

01. ළමයා
02. ගුරුවරයා
03. පාසල

අපේ තියෙන්නෙ ගුරුවරයා කේන්‍ද්‍ර කොට ගත්ත අධ්‍යාපනයක්. සමුපූර්ණයෙන් ම ගුරුවරයා. පෙර පාසලෙන් ‘අ’ යන්න ඉගෙනගත්ත දවසෙ ඉඳල ගුරුවරයා. ගුරුවරයා ප‍්‍රමාද නම් ළමයින්ට අධ්‍යාපනයක් නෑ. මොකද ගුරුවරයා නිවාඩු ගන්නව අඩුයි. නමුත් පාසලට පැමිණෙන්නෙ ප‍්‍රමාද වෙලා. වෙලාවට පොත අත්සන් කළත් පන්තියට යන්නෙ ප‍්‍රමාද වෙලා. එතනත් ළමයින්ට අධ්‍යාපනය නෑ. මේ සියල්ල ම සම්පූර්ණ වුනොත් උගන්වන්න දන්නෙ නෑ. ඒ පාඩුවත් ළමයින්ට. ඒ ගුරුවරයාගේ පාර්ෂවය. මේ ගුරුවරුන්ගෙත් යුග තුනක් තියනවා.

01. මට පෙර ගුරුවරු
02. මගේ ගුරුවරු
03. වර්තමාන ගුරුවරු

‘‘මේක ගුරුවරුන්ට පමණක් නොවෙයි: කලාකරුවන්ට, වෛද්‍යවරුන්ට, කම්කරුවන්ට සහ සෑම වෘත්තීය ක්ෂ්ත‍්‍රයටම පොදු සාධකයක්. එයා කියපු, මට පෙර හිටපු ගුරුවරු ඉන්නව නේද? ඒ අය යහපත්, සුචරිත, මුදල් පසුපස හඹා නොයන අය. ඒ අයට යහපත් වෙනව හැර වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මිනිස්සු වයසට ගියාම දත්බුරුල්වෙන නිසා මස් කන්නෙ නෑනෙ පුතා. ඔය යහපත්කම කියන එකත් අන්න ඒ වගේ. නමුත් අපි කියන්නේ සිල්වත් නිසා මස් කන්නෙ නෑ කියල. ඒ කාලෙ තිබුණ ආර්ථිකය හරිම අල්පේච්ඡයි. අල්පේච්ඡයි කියන්නෙ ඇයි. මිනිස්සුන්ට සල්ලි නැති නිසා ද? නෑ. භාණ්ඩ හිඟයි. නව නිෂ්පාදන නෑ. අපේ තාත්තට තිබුණ ට්විට් සරම තමයි ගමේ හැමෝ ම වගේ මගුල් ගෙවල්වල ඇඳන් ගියේ. සීනි ටික නැත්නම් ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ගින්දර ටික ඉල්ලගත්තෙ අල්ලපු ගෙදරින්. ඔවුන් ගතකළේ සතෙකුට වඩා තරමක් දියුණු ප‍්‍රාථමික ජීවිත. පුතා, ඔයා කලින් සඳහන් කළේ අන්න ඒ කාලෙ ගුරුවරය පිළිබඳව.

එහෙමත් නැත්නම් මට පෙර ගුරුවරයා. ඔවුන් මුදල් හම්බකරන්න මහන්සි වුනේ නැහැ. එයාල බලාපොරොත්තු වුනේ සමාජ ගෞරවය. සිංහල අවුරුද්දට ඇඳක් පිරෙන්න තරම් බුලත් ලැබෙනව. ගොයම් කැපුවම ඒ අස්වැන්නෙන් කොටසක් ලැබෙනව. ගුරුවරයා පාරෙ ගමන් කරනවනම් අනෙක් අය පාරෙන් අයින් වෙලා එයාට ඉඩ දෙනව. ඒ තරමට ම ගෞරවනීය පුද්ගලයෙක්. ඔහු විශාල අධ්‍යාපනයක් දුන්නෙත් නැහැ. අර කියමනක් තියෙන්නෙ‘මළපොතේ අකුර ඉගෙනගත්තම ඇති’ කියල. අන්න ඒ වගේ අඩු අධ්‍යාපනයක් තමයි එදා එයාල දුන්නෙ. සකස්කඩය, බුද්ධගජ්ජය කියල දුන්න. භූගෝලයට කියල දුන්නෙ ලංකාවෙ ස්ටේෂන්වල නම් ටික විතරයි.

දැන් අපි එමු මගේ කාලෙ ගුරුවරුන්ට. මේ වෙනකොට කැරකෝප්පුවල ඉන්න අය හැර අන් සියලූ දෙනාම වෙනස් වෙලා. මම උගන්වන්න ගියේ 1966.මගේ මාසික වැටුප රුපියල් දෙසිය විසිපහයි. මට තිබුනෙ කලිසම් දෙකයි. පාසලේ හිටපු ගුරුවරු විසි අටදෙනාගෙන් ගෑනු හයදෙනා ඇරුනම අනෙක් අය ඔක්කොම පාසල් ආවෙ පාපැදියෙන්. අපිටත් රුපියල් දෙසිය විසිපහ ඉහටත් උඩින් ඇති. ආර්ථික අමාරුකම් නොතිබුණා නොවෙයි. නමුත් ගන්න දෙයක් නෑ. කෑම වුනත් මහා ලොකු කැම වර්ග තිබුණෙ නෑ. පරිප්පු, කරවල, පළා කොළ ටිකක් වගේ දෙයක් තමයි කන්නෙ. පරිප්පු හාල් ටික ගන්නත් සමූපකාර පෝළිමේ පැය ගණන් ඉන්නව.

එතකොට මේ ගුරුවරයත් යහපත් ගුරුවරයෙක්. වෙන කරන්න දෙයක් නැති නිසා හවසටත් ළමයින්ට උගන්වනව. එයා යහපත් ගුරුවරයෙක්. මගේ කාලෙ වෙනකොට මට පෙර හිටපු ගුරුවරයාට තරම් සමාජ ගෞරවයක් නෑ. නමුත් සමාජයේ යම් ගෞරවයක් තිබුණ. මම ඉගැන්නුවෙ භූගෝල විද්‍යාව. උගන්වනව කියල මම මොනවද කළේ? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සටහන් ටික ගෙනල්ල ළමයි ඉදිරියේ කියෙව්වා. ඕක තමයි පුතා එදා ඉගැන්විල්ල. මේ වෙද්දි වයසක ගුරුවරු අපිට මුණ ගැහුනම ඒ අය අපිට බනිනව. ‘දැන් ඉන්න ගුරුවරු පිරිහිලා. අපි ඉගැන්නුවෙ පඩියත් නොගෙන’ඔයවිදියට තමයි බැන්නෙ.

දැන් මගෙන් පස්සෙ ගුරුවරයා ගැන බලමු. කෙටියෙන් කිව්වොත් විවෘත ආර්ථිකයෙන් පස්සෙ ගුරුවරය ගැන. මේ වෙද්දි ආර්ථිකය ලෝකයට විවෘත වුණා. භාණ්ඩ ගලාගෙන එන්න පටන්ගත්ත. දැන් බලන්න ඔයා ආවෙ මෝටර් සයිකලේ. මම හදිසියක් වුන වෙලාවට යන්නෙ කැබ් එකක් ගෙන්වගෙන. දැන් ගමනාගමනය දියුණුයි. සන්නිවේදන ජාලය බලන්න. ඒ කාලෙ මගේ අයිය වැඩ කළේ නුවරඑළිය පොලීසියෙ. ගෙදර ආවම නිවාඩුව දීර්ඝ කරගන්න ඕන වුනොත් මාතර තැපැල්කන්තෝරුවට ඇවිල්ල හවස හයේ ඉඳල රැ එකොළහ වෙකන් ඉන්නව කෝල් එක බුක්කරගන්න. කෑම බීමත් එහෙමනෙ. ආප්ප, පිට්ටු, බත් හැර ඔය කොත්තු, ප‍්‍රයිඞ්රයිස් එහෙම ඒ කාලෙ තිබුණෙ නැහැනෙ. කොටින්ම මිනිහගෙ ජීවිත කාලයත් කෙටියිනෙ. ඒකනෙ පනස්පහෙන් පස්සෙ පැන්ෂන් දුන්නෙ.

ඔබ කියන්නෙ විශ‍්‍රාම වැටුප දුන්නෙ ජීවිත කාලය කෙටි නිසා කියලද?

ඔව්. පුතා ඔයා දන්නවද? ඒ කාලෙ මිනිහගෙ ජිවිත කාලය අවුරුදු පනහයි, පනස් පහයි, හැටයි. මේ කාලෙ වගේ අවුරුදු අසූවක් අනූවක් ජීවත් වෙන බව දැනගත්තනම් ජීවිතේට පැන්ෂන් පඩියක් හදන්නෙ නැහැ. මොකද එහෙම වුණාම සේවා කාලයට වඩා වැඩි කාලයක් පැන්ෂන් එක ගෙවන්න වෙනවා. ඇයි මිනිසාගේ ආයු කාලය වැඩි වුණේ? වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා. ඒ කාලෙ මේතරම් දුරට වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තිබුණෙ නෑ. එදා දහදෙනෙක් ඉපදුනානම් පස්දෙනෙක් මැරෙනවා වයස දහය එකොළහ වෙද්දි. කලාතුරකින් මිනිහෙක් දෙන්නෙක් අවුරුදු අනූවක් විතර ජීවත් වෙනව. ඒ සියල්ලෙම සමස්ථය ගත්තම එදා පරමායුෂ උපරිම අවුරුදු පනස් පහයි. අද ශරීරයේ කොටස් බද්ධ කරන්න පුළුවන්. ඇස්, දත්, වකුඩු විතරක් නෙවෙයි හදවතත් බද්ධ කරන්න පුළුවන්.’’

එතකොට ඔබ කියන්නෙ: දීර්ඝායුෂ සහිතබොහොම සමෘධිමත් ස්වයංපෝෂිත අතීතය මිත්‍යාවක් කියලද?

‘‘ඔව් පුතා. ඒක සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්. හීනයක්. අපි නිතරම සමන් මලින් පවන් සැලේ කියනව වගේ අතීතයට පවන්ගහන්නනෙ පුරුදු වෙලා ඉන්නෙ. මිනිස් ජිවිත ඇතුළෙ චරිත දෙකක් ඉන්නව. අතීත ස්මරණය සහ අතීත ගොඩෝ. ඒ අය වර්තමානය ගැන හිතන්න බයයි. ඒ මොකද? අපිට ආගමෙන් දීල තියනව බොහොම භයානක සංකල්පයක්. විශේෂයෙන් ම මේ භික්‍ෂුව මුල්කරගත්ත ආගමෙන්. හිනා වුනොත් අඩන්න වෙනව. මල් පිපුනොත් පරවෙනව. මේ සියල්ල අනිත්‍යයි. ඉතිං අද ගැන කතාකරන්න බයයි. ඒ නිසා තමයි අර අතීත වන්දනාව කරන්නෙ. නමුත් අතීතය මෙයින් දශමයක් හොඳ නෑ. ‘හැම වෙලාවෙම හිතන්න ඕන අදට වැඩිය හෙට හොඳයි’ කියල. ඔන්න ගුරුවරය චේන්ජ් වෙච්ච තැන.

මම මේ කාලයේ උගන්වන්න ගියානම් මට මෝටර් සයිකලයක් ඕන. අතීතයේ අපේ ගෙවල්වල කරපු අමාරුම වැඬේ තමයි හාල් ගැරීම. ඒක තමයි කිව්වෙ ‘ආච්චිට හාල් ගරපන්’ කියල. ඒක ඒතරම් අමාරු වැඩක්. ඔයා දන්නවද අපිට වතුර ගේන්න අපේ ජිවිතකාලයෙන් කොපමණ වැය කරන්න සිද්ධ වෙලා තියනවද කියල? ගැහැනියකගෙ ජීවිතකාලයෙන් එයා වතුරගේන්න ගිය කාලය එකතු කළොත් ඒ වෙනුවෙන් වැය වෙච්ච කාලය අවුරුදු තුනක්. ලිපට පිඹන්න අවුරුද්දක් වැය කරල තියනව. නමුත් දැන් මේව නෑනෙ. දැන් මිනිස්සුන්ගෙ ජිවිතය ඉතා යහපත්. හැබැයි මේ යහපත් ජිවිතය ගතකරන්න මුදල් ඕන. හැමෝම මුදල් හම්බ කරනව. ඉතිං පුතා ගුරුවරයත් කැමති නැද්ද මේ යහපත් ජීවිතය ගතකරන්න. එයත් ඒ යහපත් ජීවිතය ගතකරන්න ඕන. අන්න එතකොට කියනව ගුරුවරය පිරිහිලා කියල. මේක හරිම කුහකකමක්නෙ පුතා. අද: වෙදාගෙන්, ගුරුවරයගෙන් එදා ක‍්‍රමය ම බලාපොරොත්තු වෙනවනම් ඒක විශාල කුහකකමක්. යහපත් ජිවිතයක්, සරුසාර ජිවිතයක් ගතකරන්න නම් මුදල් ඕන. විදේශීය ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙ පොතක් මම කියෙව්ව. ඒකෙ තියනව යහපත් භික්‍ෂුවගේ ලක්‍ෂණ දෙකක්.

01. මුදල් පරිහරණය නොකිරිම
02. බඹසර රැකීම.

බඹසර රකින එකනම් ඉතිං ඔය කොල්ලෙක් අල්ලගත්තම කරන්න පුළුවන්.

මං අහන්නෙ මුදල් පරිහරණය කරන්නෙ නැතුව ඉන්න පුළුවන්ද? බැහැනෙ. ඒක කරන්න බැහැ. දැන් මම මගේ පිළිතුරේ සමස්ථය ගත්තම දැනෙනවද පරිහානියක් නෑ කියල. ගුරුවරයාගේ පමණක් නොවෙයි පුතා ඔයා කියපු කිසිවකුගේ පරිහානියක් සිදුවෙලා නෑ. වෙලා තියෙන්නෙ කාලානුරූපව වෙනස්වීම පමණයි. අනාගත ගුරුවරයා, අනාගත වෛද්‍යවරයා මීටත් වඩා වෙනස් වෙනවා.’’

ඔබ කලින් සඳහන් කළා ගුරුවරයා උගන්වන්න දන්නෙ නැහැ කියල. ඒක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?

‘‘ඔව්. මම හොඳ උදාහරණයක් කියන්නම්. මගේ මිත‍්‍රයෙක්ගෙ ගෙදරට රට ඉඳල ආපු දරුවෙක් පොඩි ටෝච් එකක් ගෙනල්ල. ඒක ඇඟට ඇල්ලවම ඇෙ`ග් ඒ තැන දෙදරනව. එයාගෙ දරුවෙක් ඉන්නව විද්‍යාව කරන. අට වසරෙ. එයා කියනව, ‘තාත්තෙ අර අයිය අක්කට ටෝච් එක අල්ලන එක හොඳ නෑ. ඒකෙන් එයාලට බබාල හම්බ වෙන්නෙ නෑ’ කියල. බලන්න මේ දරුවට මේ දැනුම ආවෙ කොහෙන්ද? මේ දරුවගෙ ගෙදර නැවතිලා හිටිය උසස් පෙළට භෞතික විද්‍යාව කරපු දරුවෙක්. මේ දරුවට අර දැනුම එන්නෙ ඒ හරහා. නමුත් මට හෝ මගේ මිත‍්‍රයට ඒ දැනුම තිබුණෙ නෑ. ඒකයි මම කිව්වෙ විද්‍යා ගුරුවරය විද්‍යාව විතරයි දන්නෙ. ගණිත ගුරුවරය ගණිතය විතරයි දන්නෙ. සෞඛ්‍ය ගුරුවරය සෞඛ්‍ය විතරයි දන්නෙ. මොකද ඒ අය ළඟ තිබුනෙ ඉගැන්වීම් පැකේජ් එකක් විතරයි. නමුත් අද ඉන්න ගුරුවරය ඊට වඩා දැනුවත්. ගුරුවරයට වඩා ළමයි දැනුවත්. ඒ දනුම් සාගරය ලෝකය පුරාම විසිරිලා තියෙන්නෙ. මේ විසිරිලා තියන දැනුම එක්ක බැලූවම ජිවිතයට වැදගත් වෙන කිසිවක් මේ ගුරුවරයට දෙන්න බෑ. මේක ගුරුවරය මුහුණ දීපු විශාල අභියෝගයක්.

දැන් බලන්න විභාග ක‍්‍රමය. විභාග ක‍්‍රමයට ඉස්කෝලෙන් යැපෙන්න බෑ. ගුරුවරයා මට වඩා යමක් දන්නවාය කියන විශ්වාසය අද දරුවන් තුළ නෑ. අද ඉංග‍්‍රීසි දැනුම තියනවනම්, පැය පහක් ඉන්ටනෙට් එකට ගියාම මුළු පාසල් ජීවිතය පුරාම තියන දැනුම ඒ පැය පහෙන් ගන්න පුළුවන්. මම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන නීතිය උගන්වනව. වසර දහයක පහළවක ඉඳන් මේ රැකියාව කරන්නෙ. දැන් මම මොකද කරන්නෙ? මාතෘකාව දෙනව. තොරතුරු හොයාගන්න කියනව. හොයාගෙන ඉන්න අය ඔක්කොටම බෙදන්න කියනව. එතනදි මම අත්දුටුව දේ තමයි පුතා ‘මම දන්න නීතිය මොකක්ද?’ කියන එක. මොකද මේගොල්ල ඉන්ටනෙට් එකෙන් ගන්න තොරතුරු මම උගන්වන දේවලට වැඩිය ගොඩක් ඉස්සරහින් තියනව. පොඩි ප‍්‍රමාණයකුත් නෙවෙයි. පිටු පනහක් විතර ගන්නව. මේ මහා විපර්යාසයත් එක්ක ගුරුවරයා නොවැදගත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. තමන්ගෙ පෞරුෂය අහිමි වෙනවා. එතකොට මොකද කරන්නෙ? ළමයට කියල වන්දව ගන්නව. මොකද? සංකල්පයක් දීල තියනව ‘යහපත් ළමයාගේ ලක්ෂණය ගුරුවරයාට වැදීම ය, ගුරුවරයා කියන දේ අසා සිටීම ය, ගුරුවරයාගෙන් ප‍්‍රශ්න නො ඇසීම ය’ කියල. මේක සම්පූර්ණයෙන් ම ශිෂ්‍යයා නිර්වින්දනය කිරීමක්. මේක තමයි දැන් අධ්‍යාපනයේ තියන ක‍්‍රමය.

ළමයගෙ වාර්තා පොතේ ලියන්නෙත් දෙමාපියන්ට වැඳපු වාර ගණන. ගුරුවරුන්ට වැඳපු වාර ගණන. හාමුදුරුවරුන්ට වැඳපු වාර ගණන. මේ මොකක්ද? දරුවන්ගෙ කොන්ද කැඞීම. ඇයි මේ විදියට දරුවන්ගෙ කොන්ද කඩන්නෙ? මේ ඇති වෙච්ච අභියෝගය ජයගන්න ක‍්‍රමවේදයක් ගුරුවරයා තුළ නෑ. මොකද ලෝකයේ හුගක් දේවල් වෙනස් වෙලා. නමුත් වෙනස් නොවුන තැනක් තියනව. මොකක්ද ඒ? පුතා… ඒක තමයි ඉස්කෝලය. මොනව වෙනස් වුනත් ඉස්කෝලය වෙනස් වෙලා නෑ. පරණ කළු ලෑල්ල, පරණ හුණු කෑල්ල, මේක බොරුනම් ළමයෙකුට අඳින්න දෙන්න ඉස්කෝලයක්. ළමය අඳින්නෙ මොකක්ද? වේවැලක් තියන් ඉන්න ගුරුවරයෙක්. ඇයි මේ?

වෙනස් නොවීම. එතනදි ගුරුවරයාට හීනමානයක් ඇතිවෙනවා. ඒකෙත් වෙනස්කම් තිබෙනවා. මොනරාගල ප‍්‍රදේශයේ ඉන්න ගුරුවරයට තියෙන්නෙ උච්ඡ මානය. මේ ඉන්නෙ මට වැඩිය තත්ත්වයෙන් පහත් ගඳගහන ළමයි. ගුරුවරයා ඒ ළමයි ළඟට ගන්නෙ නෑ දුරින් තියාගෙන කතාකරන්නෙ. නමුත් රොයල් එකට ගියාම කොහොමද? ළමය එන්නෙ බීඑම්ඩබ්ලිව් කාර් එකෙන් ගුරුවරය එන්නෙ මෝටර් සයිකලෙන්. එතකොට එතනදි මොකද වෙන්නෙ හීන මානයක් ඇතිවෙනව. එතනදි මොකද වෙන්නෙ? උච්ඡ මානය සහ හීනමානය යන දෙකේදිම වෙන්නෙ දරුව ගුරුවරයගෙන් ගුටිකන එක. තමන්ගෙ ඇරියස් පිට කරන්නෙ දරුවගෙන්. මෙන්න මේ තත්ත්වය තේරුම් නොගන්න නිසා තමයි පුතා ගුරුවරයා පිරිහිලා කියන්නෙ. මේක පිරිහීමක් නොවෙයි. අප්ඬේට් නොවීමක්. සිංහලෙන් කියනවනම් ‘යාවත්කාලීන’ නොවීමක්. මේක ගුරුවරයට විතරක් සිද්ධ වුන දෙයක් නෙවෙයි. භික්‍ෂුවට, වෙද මහත්තයට,වින්ඹු අම්මට ආදි මේ සියලූ දෙනාට මේක බලපානවා.’’

අපි මෙච්චර වෙලා කතා කළේ ගුරුවරයා පිළිබඳවනෙ. මේ ගුරුවරය වගේ ම ආදර්ශමත් ශිෂ්‍යයෙක් අපිට හිටියනෙ. ලංකාවෙ විතරක් නෙවෙයි ලෝකයේ හැමතැනම සුවචකීකරු ආදර්ශමත් පාලනය කරන්න පුළුවන් ශිෂ්‍යයෙක්. දැන් මේ ශිෂ්‍යයට මොකද වෙලා තියෙන්නෙ?

‘‘ඔව් ඉස්සර අපිට හොඳ ළමයෙක් හිටිය. දැන් ඒ ළමය නෑ. ඇයි මේ? පාසල අසාර්ථක වීම. ලෝකයේ දියුණු රටවල්වල කොහේවත් පාසල්වල ආගම උගන්වන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ ආගම විහිළුවට ලක්කිරිමක්. ආගම නින්දාවට පත්කිරීමක්. පාසල්වල ආගම උගන්වන ගුරුවරය කියන්නෙ කවටයෙක්. ළමයි අකමැතිම විෂය රිලිජන්. ආගම උගන්වල ශික්‍ෂණයක් ගේන්න පුළුවන් කියල හිතනවනම් ඒක හීනයක්. ආගම කියන්නෙ පර්සනල් දෙයක්. ඒ නිසා ළමයා අසාර්ථක වීම සාධාරණයි. දැන් ඔයා මට කියන්න පුතා ඔය කියන ළමයාගේ තිබිය යුතුයි කියල විශ්වාස කරන ගුණාංග පහක්. ඉස්කෝලවලනම් කියන්නෙ: ගුරුවරයාට ගරුකරන, වැඩිහිටියන්ට ගරු කරන, අවංක, ආගමට අනුකූල ළමයෙක් තමයි බලාපොරොත්තු වෙන්නෙ. මේ ඇයි? ගුරුවරයාට සහ දෙමාපියන්ට වාසි වෙන විදියේ ළමයෙක් හදන්න තමයි මේ උත්සාහ කරන්නෙ. නමුත් පුතා දැං එහෙම ළමයෙක් නෑ. දෙමාපියන්ට වඩා හුඟක් ඉස්සරහින් ළමය ඉන්නෙ.’’

පවතින දේශපාලනයත් එක්ක සහ පවත්නා ක‍්‍රමයත් එක්ක මේ දේවල් කොහොමද පෑහෙන්නෙ?

ඕක බොහොම වෙනස් වගේ ම සංකීර්ණ කාරණයක් පුතා. මම ගුරුවරුන්ට කියන්නෙ ළමයින්ට ගහන්න එපා. ගැහුවොත් මොකද වෙන්නෙ? අද ගුරුවරයගෙන් කනේ පාර කාපු ළමය හෙට ප‍්‍රාදේශීය සභාවෙ මන්ත‍්‍රී, අනිද්ද පළාත් සභාවෙ මන්ත‍්‍රී. ඉන් අනිද්දට අධ්‍යාපන ඇමති. එදාට එයා ගුරුවරයගෙ කනට නෙවෙයි ගහන්නෙ…. දැන් ඉන්නෙ ඉස්සර ළමයි නෙවෙයි. දැන් ළමයි සමාජය එක්ක ඉක්මනට ම පිබිදෙනව. ගුරුවරු විතරයි පිබිදිලා නැත්තෙ. ශිෂ්‍යයා නිර්වානයට ගිහින්. ගුරුවරයා තවමත් පහ වසරට බුද්ධාගම උගන්වනව. ගුරුවරයාට වඩා ළමයා මේ චේන්ජ් එක අවශෝෂණය කරගෙන. දැන් ළමයින්ට උගන්වන්න පැය පහක් වෙන් කරල තියනවනෙ. නමුත් සමස්ථයක් විදියට ගත්තම අවුරුද්දෙ ම ළමයට උගන්වල තියෙන්නෙ පැය කියද? පැය දෙකහමාරයි. ඇයි? ආගම අදහන්න. උත්සවවලට සහභාගි වෙන්න. පාසල් අතුපතුගාන්න. ස්පෝර්ට්මීට්වලට. ඒවට තමයි කාලය වැයකරල තියෙන්නෙ. ප‍්‍රධාන ම දේ තමයි ළමයින්ගේ කාලය අපතේ නොහැරිම සහ ළමයාට කලට වේලාවට වැඩ කරන්න ඉගැන්වීම. ප‍්‍රශ්නකිරිමට පෙළඹවීම.

ළමයින්ට කවදාවත් මේකට අවස්ථාව දීල තියනවද? අනිත් කාරණාව තමයි මුල් ගුරුවරයා: හමුදාවෙ හිටපු කෙනෙක් මුල් ගුරුවරයා වුනොත් ළමයින්ට හොඳ ට කාලකළමනාකරණය, ශාරීරික ව්‍යායාම, විනයගරුක බව කියා දෙනව. භික්ෂූන්වහන්සේ කෙනෙක් හෝ සිවුරු හැරගිය පුද්ගලයෙක් පත්වුනොත් සිල්ගන්න විදිය, පන්සල් යන්න ඕන විදිය, මල් පහන් පූජ කරන්න ඕන විදිය කියල දෙනව. හොඳ කොන්ත‍්‍රාත්කාරයෙක් දැම්මොත් සිමෙන්ති අනන විදිය, බිත්ති පාට කරන විදිය කියල දෙනව. ඒ වගේ තමන් දන්න දේ විතරයි කියල දෙන්නෙ. ඊළඟට නිර්මාණශීලිත්වය. ළමයට මොනවද දෙන්නෙ නිර්මාණශීලිත්වය වර්ධනය වෙන්න. ගස්ලබු ගෙඩියක් මේසය උඩ තියල බලාගෙන අඳින්න කියනව. එහෙම නැත්නම් රචනාවක් ලියාගෙන එන්න කියනව. මේකට ද ළමයි ඉස්කෝලෙ එන්නෙ? ඉතින් කොහොමද ඉස්කෝලවල ළමයි ඉන්නෙ?’’

දැන් ඔබ නිර්මාණශිලිත්වය පිළිබඳව සඳහන් කළා. තවමත් අපේ පාසල් පද්ධතිය තුළ නිර්මාණශීලිත්වයයි latrel thinking කියන එකයි ස්ථානගත වෙලා නැහැ නේද?

‘‘අපට තියෙන්නෙ ලොජිකල් අධ්‍යාපනයක්නෙ. එක දෙක තුන හතර පහ කියල ඉලක්කම් ටික ලියන්න ඕන. ළමය හිතන දේ කියන්න බෑ. මොකද ලංකාවෙ ප‍්‍රධාන පාසලක දරුවකුගෙන් ගුරුවරය ප‍්‍රශ්නයක් ඇහුවම ඒදරුව කියනව ‘සර් මම හිතන්නෙ…’’ දරුව උත්තරේ කියන්නත් ඉස්සර වෙලා ගුරුවරය කියනව, ‘හිතන්න දෙයක් නෑ ඕයි මම කියපු එක කියනව’ කියල. මෙහේ තියෙන්නෙ ඒ වගේ ක‍්‍රමයක්නෙ. විභාග ප‍්‍රශ්න පත්තර හදන්නෙ ඒ අය. උත්තර පත්තර බලන්නේ ඒ අය. එතනදි කොහොමද ළමයගෙ නිර්මාණශීලිත්වය ගොඩ නැගෙන්නෙ? ඒකයි මම කිව්වෙ එදා ගුරු මුහන්දිරම් උගන්වපු ඉස්කෝලෙ සහ අද ‘සර්’ උගන්වන ඉස්කෝලෙයි අතරෙ කිසිම වෙනසක් නැ කියල.

අද නිර්මාණශීලිත්වයට කියල මොනවද කරන්නෙ? ළමයි කථික තරගවලට පුරුදු කරනව. ඇගිල්ල දික්කර කර කතා කරන්නනෙ මේ උගන්වන්නෙ. ලොකයේ තියන නරක ම දේ තමයි කථික තරගවලට පුරුදු කිරිම. මේ දරුවො තමයි අනාගතේ දි මේ රටේ දේශපාලන පොර පිටියට එන්නෙ. අවසානෙදි ජනතාවගෙ පරම හතුරො වෙන්නෙ පාසලේ කථික තරගයෙන් දිනපු ළමය. ඊළගට දහම් පාසල් අධයාපනය. දරුවට ඉරිදට විතරයි නිවාඩුවක් තියෙන්නෙ. දෙමාපියන් එක්ක ඉන්න. සින්දුවක් අහන්න. චිත‍්‍රපටයක් බලන්න. දහම්පාසලට යවල ළමයගෙ වටිනා කාලය පැහැරගන්නව. එදාට අර පැකේජ් එකේ ඉතුරුටිකට දරුව හිර කරනව. මේක සම්පූර්ණයෙන් ම ළමයාගේ කොන්දට ඉන්ජෙක්ෂන් ගැහීමක්.’’

මේ විදියට ළමයාගේ කොන්දට ඉන්ජෙක්ෂන් ගහන එකයි මහා දේශපාලනයයි අතර තිබෙන සම්බන්ධය ඔබ දකින්නෙ කොහොමද?

‘‘ඔව් පුතා… මේක තමයි නිහඬව සිටීම හොඳම දේ කියල උගන්වන තැන. මොනතරම් අපරාධ වුනත්, තමන්ට මොනතරම් අසාධාරණකම් වුණත් නිහඬව ඉන්න කියල තමයි මේ උගන්වන්නෙ. එතකොට දේශපාලකයින්ට පුළුවන් තමන්ට ඕන ඕන විදියට රටේ පාලනය ගෙනියන්න. අනිත් එක තමයි මෙයින් ළමයට හැඟීමක් එනවා හැම දෙයක් ම තනියෙන් කරන එක හොඳයි කියල. තනියම ජිවත්වීම හොඳයි කියල.’’

latrel thinking එක ස්ථානගතවෙන්න ඕනම තැන පාසල සහ විශ්වවිද්‍යාලයනෙනමුත් මේ දෙපලෙම මේක ස්ථානගත වෙලා නැහැ නේද?

‘‘මේකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ ළමයකුගෙන් අහනව බැරෝමීටරයක් දුන්නම ගොඩනැගිල්ලක උස සොයන්නෙ කොහොමද කියල. මෙයා උත්තරයක් ලිව්වා. ‘බැරෝ මීටරයත් අරගෙන ගොඩනැගිල්ලෙ උඩට ගිහින් ලණුවක බැරෝ මීටරේ ගැටගහල ඒක පහළට දාල ලණුවේ දිග මැනීම’ කියල. දැන් මේ පිළිතුරු පත්තරේ බලන ගුරුවරය කිව්ව මේකට ලකුණු දෙන්න බැහැ කියල. නමුත් එයාට ඉහළින් ඉන්න කෙනා කිව්ව මේකට ලකුණු දෙන්න කියල. දෙවන වතාවෙ නැවතත් ලියන්න දුන්න. ඒ පාර එයා ලියනව ‘බැරෝ මිටරේ අරගෙන මැන මැන උඩට යනව’ කියල. අවසානයේ දි මේ ශිෂ්‍යයාගෙ පිළිතුර පිළිගන්න සිද්ධ වුණා. අන්න ඒක තමයි latrel කියන්නෙ. එක ප‍්‍රශ්නයකට එක උත්තරයක් විතරක් නෙවෙයි තියෙන්නෙ. නමුත් අපේ අධ්‍යාපනයේ තියෙන්නෙ එක උත්තරයයි.’’

ඇයි කොළඹ මිශ‍්‍ර පාසල් නැත්තෙ?

‘‘කොහොමද පුතා මිශ‍්‍ර පාසල් බිහිවෙන්නෙ ? මාතර රාහුලයට තවමත් සිංහල, බෞද්ධ ගොවිගම නොවන ප‍්‍රින්සිපල් කෙනෙක් නොදානකොට. ආනන්දයේ වුනත් එහෙම තමයි. මෙත්තානන්දලගෙ කාලෙ කුලරත්නලගෙ කාලෙ මේ ක‍්‍රමය දැඩි විදියට ක‍්‍රියාත්මක වුණා. ඉතිං පුතා මේ ඉස්කොලවලින් එන අයගෙන් සමාන ජාතියක් ගොඩනගන්න පුළුවන්ද? මේ දෙගොල්ල දෙගොල්ලන්ගෙ සංස්කෘතීන් හඳුනන්නෙ නෑ. මුස්ලිම් මනුස්සයට ‘තම්බිය’ කියල කියනව. දෙමළ මනුස්සයට ‘දෙමළා’ කියල කියනව දෙමළ අය කියනව ‘සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා කියල’සාප්පුවල තියන දේනෙ අපි මිල දී ගන්නෙ. අනෙක් කාරණය ගෑනු පිරිමි බේදය. ගෙදර අක්කල, නංගිල, අය්යල, මල්ලිල ඔක්කොම එකට බුදියගන්නෙ. ඉස්කෝලෙ ගෑනු පිරිමි වෙන වෙනම. අන්තිමේදි මොකද වෙන්නෙ? කොල්ලො කොල්ලන්ට ලියුම් ලියනව. කෙල්ලො කෙල්ලන්ට ලියුම් ලියනව.Homosexual. සමලිංගිකත්වය.’’

ඔබ හොඳ තැනකට ආව. සමලිංගිකත්වය කියන විෂය ඔබේ පාසල් අවධියෙත් තිබුණ. දැනුත් සමාජයේ මෙය පැතිරිලි තියනව. ඔබේ ප‍්‍රකාශය අනුව හැඟෙනව ඒ කාලෙත් මෙය තිබුණ බව. දැන් වෙනසකට තියෙන්නෙ මෙය හෙළිදරව් වීම පමණද?

‘‘ඔව් ඔව්… ඒ කාලෙ මේක හොරාට කරගෙන ගිය කර්මාන්තයක්නෙ. දැන්නෙ මේක මේ ප‍්‍රසිද්ධියේ කරන්නෙ. දැන් එහෙම මේකට විරුද්ධ වුනොත් ඒ කර්මාන්තයේ යෙදිල ඉන්න ගිහි පැවිදි දෙගොල්ල, ගැහැනු පිරිමි බේදයකින් තොරව පාරට බහීවි. මෙන්න මේ සම්ප‍්‍රදායික පාසල් ක‍්‍රමය තමයි පුපුරවා හරින්න ඕන. ලෝකයේ දැනුම වර්ධනය වෙන වේගය අනුව සම්ප‍්‍රදායික පාසල්වලට මේ ගමන යන්න බෑ. දැන් උගන්වන්වා කියන එක වලංගු නැ. වර්ධනය වෙන දැනුම ළමයාට ලබාගන්න පුළුවන් වැඩ පිළිවෙළක් හදන්න ඕන.’’

සාකච්ඡා කළේ – ජයසිරි අලවත්ත                                      

ඡායාරූප – නිලන්ත ගමගේ    

උපුටා ගැනීම INDEPENDENT.lk වෙබ් අඩවියෙනි.     

Recent Posts

Tags: , , ,

Leave a Comment